සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං

leave a comment »

අද වගේ දවසක තමයි මචං තමයි උඹ අපෙන් වෙන්වෙලා ගියේ බං.
එකට ක්ලාස් කට් කරලා කෙල්ලන්ට ලයින් දාපු මාව තනි කරලා, උඹේ ෆිට් එක වෙච්ච මටවත් නොකියා , උඹ විතරක් ඒ ගමන ගියා එහෙනම්.
එදා අපිත් එක්ක වල බැහැපු උන් අද අපිව මතකවත් නැ.
උඹේ කෙල්ලත් අද වෙන එකෙක් එක්ක.
ගොඩක් දේවල් කියන්න තියෙනවා හැබයි ඒවා …..
එක්කෝ ඒ ගැන කතාකරන්න ඕනේ නෑ බං….
උඹ ගැන අද එකෙක්වත් නෑ වචනයක්වත් කතා කරන්න.
අවුලක් කර ගන්න එපා මමත් ලගදිම උඹත් එක්ක සෙට් වෙනවා.මම උඹේ ලොකේට එනවා මචං ඇවිත් පිස්සුවක් නටමු.

සදනී

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2013 දෙසැම්බර් 26 at ප.ව. 10:56

නින්ද

with 2 comments

නින්ද කියන්නේ මහ පුදුම දෙයක් . වෙලාවකට ආදරේ වගේ. අවශ්‍යකරන වෙලාවට ලග නෑ . අනවශ්‍ය වෙලාවට ඕනේ තරම්

කවුද මගේ නින්ද හොරා ගත්තේ ? අවුරුදු ගානකට පස්සේ මගේ නින්ද කවුරුහරි හොරාගෙන වගේ ආයිත්………………..

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2012 මාර්තු 20 at පෙ.ව. 2:22

අයියෝ ක්ෂිතිජ ඔයත් ! …………..

with one comment

කෙනෙක් පලමු වතාවට ගැණු ලමයෙකුට ආදරය ප්‍රකාශ කරන මොහොත ඒ පුද්ගලයාට සමහර විට දෙන්නාටම ඉතාමත් සුවිශේෂි අවස්ථාවක්. මාස ගණනාවක් සමහරවිට අවුරුදු ගණනාවක් යම් කෙනෙකු ගැන හිතේ  අදහසක් තියන් ඉදලා ඒක වචනවලට හරවලා ප්‍රකාශ කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමේ.

කාලෙකට පස්සේ ලියන්න හිතුන බ්ලොග් සටහන අද ක්ෂිතජ ලියන්නේ ක්ෂිතිජගේම අත් දැකීමක් ගැනයි.ක්සිතිජ උසස් පෙල කරන  කාලයේ තමා මේ සිද්ධිය වුනේ.ක්ෂිතිජ ඉගෙන ගත්ත පාසලෙන් සමාන්‍ය පෙලට ඒ අකුරු දහයක් ගත්ත ලමයි ටික පේරදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුන වැඩමුලුවකට එක්කන් ගියා.ඉතින්  මේකටත් ක්ෂිතිජත් , නාලිනිත් (ඒක තමා ක්ෂිතිජගේ හිත්ගත් තැනත්තියගේ නම ) ගියා . එහිදි ඇතිවෙච්ච මිතුදම හුගක් දුර දිග ගියා.

ටික කාලයක් යද්දී (කිව්වට මාස දෙක තුනක් ) ක්ෂිතිජත්  නාලිනිත් එක්ක කතාබහ කරන්න   පටන් ගත්තා . ඔහොම ටික කාලයක් ගියා ක්ෂිතිජට ඕන වුනා නාලිනිගේ පින්තුරයක් ගන්න ඉතින් මේකට ක්ෂිතිජ ගැහුව ප්ලැන් එකතමා මුලු ඉස්කෝලෙම ලමයින්ට  පාසල් හැදුනුම්පත් අලබා දෙන්න ඕනේ කියාලා ක්ෂිතිජගේ පාසල් ව්‍යාපෘතිය ලියලා අන්තිමට ක්‍රියාත්මක කරා (කෝමද ටිකිරි මොලේ ). ඉතින් ඒහෙම කරලා කෝමෙන කෝමෙන් හරි ගැනු ලමයාව ෆිට් කරගත්තා.දැන් ක්ෂිතිජ ගැනු ලමයා යන එන පංති යනවා හොදට පාඩම් කරනවා .ආ දිනපොතකුත් ලියනවා , ක්ෂිතිජගේ නගාටත් වැඩේ මීටර් නගාත් දැන් පුල් සපොර්ට් එකලු.

දැන් ඉතින් අවුරුද්දක් විතර ඒකා පාක්ෂික ආදරය නැගලා යනවා . විභාගවල ලකුණු එහෙම සිග්‍රයෙන් ශුන්‍ය කරා ලංවෙනවා.ක්ෂිතිජට තේරුණා මෙහෙම දිගටම ගියොත් අනාගතයක් නෑ කියලා . ඕන මගුලක් වෙන්න ආදරය ප්‍රකාශ කරන්න ඔනේ කියලා .

ඔන්න ඉතින් ක්ෂිතිජගේ බෙස්ට් ෆ්‍රෙඩා තමා ක්ෂිතිජගේ නංගි . (අම්මා තමා අංක එක ).ඔන්න ඉතින් දවස් දෙක තුනක් විතර නගා ගෙන උපදෙස් අරන් චොකලට් එකකුයි පොඩි පොඩි තැගි වගයකුත් අරන් ක්ශිතිජ ගියා ඉස්කොලේ ( ගියේ ඉගෙන ගන්න ) ක්ෂිතිජ ඉතින් බඩු භාණ්ඩ ආරක්ෂාව සදහා ශිෂ්‍ය නායක කාමරයේ තියලා ගියේ (ක්ෂිතිජ ඒ වෙනකොට ශිෂ්‍ය නායකයෙක් ) . එනකොට චොකලට එකට බඩු බනිස් , දැන් ඉතින් මොකද කරන්නේ ඊලග දවසෙත් ( ඒ කියන්නේ මීට අවුරුදු හතරරකට පහකට කලින් අද වගේ දවසක ) ක්ෂිතිජ ආයිත් ගියා මේ පාරනම් අමතර අරක්ෂාව පැත්තක තියලා

ක්ෂිතිජ ගාවම තැගි ටික තියා ගත්තා.කෝමෙන් කෝමෙන් හරි එදා ඉස්කොලෙන් පස්සේ ගැනු ලම්යාව හම්බ වෙන්න ගියා. ගැනු ලමයාව පැත්තකට කතා කරලා ඔන්න ආදරය ප්‍රකාෂ කරන්නයි ක්ෂිතිජ හදන්නේ.මලකෙලියයි මොනවත් ඔලුවට එන්නේ නෑ ඒ මදිවට හාර්ට් ඇටැක් එකක් එන්න වගේ පපුව ගැහෙනවා . අන්තිමට වටින් පිටීන් ගිහින් විනාධි පහක් විතර තටමලා ආදරය ප්‍රකාශ කරා කියමුකෝ.

නාලිනිගේ උත්තරය වුණේ “අයියෝ ක්ෂිතිජ ඔයත් ! ” .ඔන්න එච්චරයි ක්ෂිතිජට මතක. ක්ෂිත්ජ ඊට පස්සේ වුණ දේ මතක් කරන්න තාමත් හදනවා .

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2012 පෙබරවාරි 16 at පෙ.ව. 6:29

ඔබයි මමයි ඇයයි සමකෝණි ත්‍රිකෝණයක් – තවත් එක් කතාවක් පමණක් නොවේ I

with 4 comments

පිල් කන්ඩියේ වාඩි වී මිදුල දෙස බලා සිටින සේපාලිකාට මිදුල අතුගාන ලොක්කි විටින් විට තමා දිහා බලන බව නිච්චි නොවේ.සෙපාලිකාගේ හිතේ තාමත්  රැව් දෙන්නේ පෙරදා අම්මාගෙ කටුක වදන් පෙලයි.ඔවුන්ගේ හිතේ හිමින් හිමින් නිවී යමින් තිබු ගිණි මැලයට ඇගේ වචන බුර බුර ණගෙන පිණිස දැමු පෙට්‍රල් වැනිය.ඇයි දෙයියනේ වැදූ අම්මාවත් අපිව තේරුම් ගන්නේ නැත්තේ. අපි ඔක්කොම මිනිස්සු , අපි ඉපදුනේ කිසිම සීමා මායිම් නැතුව , ඇයි අපිට ඒ වගේ ඉන්න බැරී සේපාලිකගේ පපුවේ යමක් හිරවී ඇතිසේය.කොහේදෝ නැති වේදනාවක් ලැම පුරා වෙලී යයි.වතින් අවුරුදු 15 ක් වුවත් තමා මහ ගැනියෙක් වුයේ බොහෝ කලකට පෙර බව සේපාලිකාට සිතේ. වැලි මිදුලේ සෙල්ලම් ගෙයම් හැදු කාලය පසු ඊ වැඩි කාලයක් නැති බව සේපාලිකාට මතකය.සුසමකින් ඒ  අතිතයට යන්න හැකිනම්…………

කිසිම කෙනෙකුගේ මග පෙන්වීමක් , ගුරුහුරුකමක් නැතුව තමාගේත් ලොක්කිගෙත් ජීවිතය ගෙවි ගියේ සේපාලිකාටත් මතක ඇති කාලයක සිටය.ලොක්කි සංජීව අයියා සමග පැන ගිය දවස සේපාලිකාට අද මෙන් මතකය.අම්මා වැලහින්නක් සේ දත්මිටි කමින් තමා දෙස බලමින් නියවමින් සිට සේපාල මාමා සමග පොලිසියට ගිය අයුරු සෙපාලිකාගේ හිතේ මැවි මැවි පෙනේ.සෙපාලිකා සංජීව අයියාට ඇල්ම දැක්වුයේ සංජිව ගෙදර සිටි එකම පිරිමියා නිසාම නොවේ. නිල ඇදුම ඇද ජැන්ඩියට යන සංජිව අයියා ගෙදර එන විට ඉදිරියට මුලින්ම දිව යන්නේ සේපාලිකාය.සේපාලික ලොකු ලමයෙක් වු දවසේ සංජීව අයියා රත්තර මාලයක් දී නලලට හාදුවක් දුන් හැටි සේපාලිකාට අදමෙන් මතකය.ගමේ අනෙක් කෙල්ලන් ලොක්කි දෙස ඉරිසියවෙන් බැලු ආකරය ,සංජිව අයියා සමග ලොක්කි මුකුලු කරන විට හිත පුරා දිව යන ඉරිසියාවේ ගින්න.අනේ සංජිව අයියා තමාට හිමිකර ගත හැකිනම් හිතිච්ච වාර ගණන අපමණ බව සේපාලිකාට මතකය.

එදා සංජිව අයියා කෙරෙහි ඇතිවූ ඇල්ම සේපාලිකව කෙල්ක්ගෙන් ගැහිණියක් කිරිමට මහ කාලයක් ගත නොවු බව සේපාලිකාට මතකය.අන්සතු දෙයක් අයිතිකර නොගත යුතුබව පන්සලේ පොඩි සදු නිතරම බණට කියයි.ඒ වගේම තමන් සතුදෙය බෙදාහදා ගතයුතු බවත් ඒ බණේම කියු බව සේපාලිකාට සිහිවෙයි.ලොක්කි මුලදි මුලදි සංජිව අයියාගේත් සේපාලිකාගේත් සම්බන්ධයට අකමෑතිවුවත්  පසුව තමාගේත් සංජිව අයියාගේත් පෙරේත්තය නිසා කැමති වු අයුරු සේපාලිකාගේ අපහැදිලි මතකයන් අතරින් මතු වේයි.එසේ ආරම්භ වූ තිකෝණි ආදරය අද මේතරම් වේදනාබර අත්දැකිම්වල ලක් වේයයි සේපාලිකා කෙලෙසකවත් හිතුවේ නැත.

මතුසම්බන්ධයි.

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2012 ජනවාරි 4 at ප.ව. 9:40

Anti Homophobia Day 2011 september 2

with 3 comments

හෙට  මුලු ලෝකේම ඉන්න LGBT Community එකට විශේෂ දිනයක්,
ඔබලාත් පුලුවන් විදියකට සහයෝගය දෙන්න.

 
මූණපොත 

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 සැප්තැම්බර් 1 at ප.ව. 9:53

Posted in උදව්

දුක සතුට හදුනන කෙනෙක්… මේ හැමදෙම වින්ද……. විදිනකෙනෙක්……..

with one comment

මේ ලිපිය ගොනු කිරීමට මත්තෙන් මා කල්පනා කලේ මෙය කොතනින් අරඹන්නේද යන්නෙයි , කොටින්ම මාතෘකාවවත් ගොනු කිරීමට තරම් මගේ සිතුවිලි , හැගීම් සමුදාය මට ඉසඹුවක් නොදෙන හැඩයි.

මේ සයිබර් අවාකාශයේ දවසට පැය කීපයක් පමණක් ජීවත් වෙන අපි , තත්‍ය ලෝකයේ බාධක සීමාවලින් ඉවත් වී තමන්ගේ හිතැගි , අත්දැකීම් යතුරු පුවරුවේ ආධාරයෙන් අකුරුවලට හරවන්නේ මේ සයිබර් යායේ තවත් කෙනෙකුගේ නෙත් යොමු කරන්නටම නෙමේ.මේ සීමාසහිත කාලයේ සයිබර් යායේ දැන හැදෙන හැදුනුම්කම් , එවා කල් පවත්තන්නේ තත්‍ය ලෝකයේ විවිධ ලෞකික හේතු මත වෙස් මුහුණු පැලදගෙන කරන ගනුදෙනු වලට වඩා  සැබෑ විවෘත මනසින් කරන නිසා විය හැක.

ඉලන්දාරියා , සිංහල බ්ලොග් ලන්තයේ අපේ අතරින් වියෝවු පුංචි හිතවතා.ඔහුගේ වියෝව මට දැනුම් දුන්නේ ඔහුගේ පාසල් මිතුරෙක් , මාස ගණනක් ඔහුගේ නව පිබිදීම වෙනුවෙන් බලාපොරොත්තු වී සිටි මම , මෙවැනි ආරංචියක් ඇසීමට කිසිසෙත්ම බලාපොරොත්තු නොවිමි.

ඉලන්දාරියා , මිනිස්සු ජීවිතයේ උපදින්නේ මරණයත් අතින් මිට මොලවාගෙනයි , අවුරුදු සියයක් ජීවත් වුණත් ජීවිතය දුක සතුට හදුන්න බැරිව ජීවිතය විදින්න බැරිනම් මොහොතක් හා ජීවත් වුණා හා සමානයි.ඒ අතින් ඔබ , මා ඔබ ගැන අසා ඇති දේ සත්‍යනම් ඔබ මේ ජීවත් වුණ මේ සුලු කාලය ජිවිතය උපරිම ලෙස වින්ද කෙනෙක්.

මා මේ ලිපිය ඔබගේම සටහනකින් අවසන් කරන්නෙමි,

වෙන මොකුත් නැහැ…..මම හොද ඉලංදාරියෙක්…..දුක සතුට කදුනන   කෙනෙක්…මේහැමදෙම වින්ද…….විදිනකෙනෙක්……..ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්……

ඉලන්දාරියා

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මැයි 22 at ප.ව. 9:04

බීපූ විත්ති | බාර් කතා

with 3 comments

කාලෙකටපස්සේ තමා මේ බ්ලොග් සටහන ලියන්නේ.අද මේ සටහන ලියන්නේ කාලෙකින් බ්ලොග් සටහනක් ලිව්වේ නැති නිසා වගේම කොමෙන්ටුවක් දෙකක් දැන්මේ නැති වුණාම දැනෙන කැසිල්ල හින්දාම තමා.

මුලින්මකියන්න ඕනේ මේ සටහන ලියන්නේ මත්පැන් බීම ජනප්‍රිය කරන්නවත් නොබෙන උන් බෙබ්බො කරන්නවත් නෙමේ.ඔය ඇනොනිමවුස් කමෙන්ට් දාන ඇත්තෝ පොට වරද්ද ගන්නවා එහෙම නෙමේ ඕන්.

මම මුලින්ම බාර් එකකින් යාලුවෙක් එක්ක සෙට් වෙලා බිව්වේ වැඩි ඇතකනම් නෙමේ.හැබැයි මම බොන්න පටන්ගත්තේ මීට අවුරුදු ගොඩ කාලෙකට කලින්.ම්හ් අතීතය කොච්චර දිගද කියනවානම් මම එකොලහ වසරෙදි ඉදිද්දි ඔය සම්බන්ධයෙන් ඉස්කොලෙන් අස් නොවී බෙරුනේ අනු නමයෙන් ඒ ඉතින් කෝපි කාලේ වෙච්ච දේවල්.

මේක වුනේ මම බෝඩිමට ගිය අලුතමයි.මගේ අපාය සහය අතිජාත මිත්‍රයෙක් මගේ බොඩිම ගාව ඉන්නවා (ලගම නෙමේ කිලෝ මිටරයක් විතර දූරින් ) ඔන්න ඉතින්   හවස වැඩ ඇරිලා බෝඩිමට ආපු ගමන් මේකා කතා කරලා අහනවා හවස සෙට් වෙමුද කියලා මමත් ඉතින් ඒ වෙලාවේ හිටියේ ටිකක් සෙට් වෙන මූඩ් එකෙන්ද මන්දා ගත් කටටම හා කිව්වා.බැලින්නම් මූ සෙට් වෙන්න කතා කරලා තියෙන්නේ බාර් එකක. ඉතින් මොනවා කරන්නද සරමෙන් බිමට බැහලා කලිසමට මාරු වෙච්ච ගමන් මෙන්න මූ ආයිත් කතා කරනවා.බැලින්නම් මූ ඒ විනාඩි පහට අර කිලෝ මීටරයම (කතාවට කියන්නේ එහමයි හොදේ ) දුවගෙන මගේ බෝඩිම ගාවට ඇවිත්.බලන්නකෝ අපේ හොද වැඩවලට තියෙන උනන්දුව.

ඔන්න ඉතින් මගේ යාලුවා නඩේ ගුරා වුණා.බස් එකක නැගලා ඔන්න ඉතින් පොට් එකට ආවා. ඔන්න ඉතින් පැය කාලක් විතර බස් එකෙන් ගිහින් පොට් එකට ආවා.ඔය නුගේගොඩ ඉන්න කට්ටියනම් ඉතින් ගිට්ස් එක තියෙන තැන දන්නාවනේ (දන්නෝ දනිති ).ඉතින් බස් එකෙන් බැහැලා අපි ඇතුලට ආවා කොහොම හරි නඩෙගුරාට බාර් වන්දනාව පිලිබද වසර කිහිපයක පල පුරුද්ද තියෙනවා. බාර් එක පොඩි ගෙයක් පස්සේ කඩේකට හැරෙව්වා වගේ පොට් එකක්.එකේ කෙලවරම පොඩි යකඩවලින් වට කරපු හිර ගෙයක් වගේ කාමරයක් තියෙනවා එතන තමා රාක්ක ගහලා බෝතල් අඩුක් කරලා තියෙන්නේ ඒ වගේම බාර් එකේ කැෂියර් ඉන්නෙත් එතනම තමා.අපි එතනට  ගිහින් අවශ්‍ය කලමනා ටික ඔර්ඩර් කරලා සල්ලි ගෙවන්න ඔනේ.සල්ලි ගෙවලා බැලින්නම් ඉද ගන්න තැනක් නැ.දැන් මොකක්ද කරන්නේ ?

ඔන්න එතකොට තමා වේටර් කොලුවා ඇවිත් පුටු ටිකක් එහා මෙහා කරලා දෙන්නෙක් හිටිය ටේබල් එකකට අපිව එන්ටර් කලේ. ඔන්න අවශ්‍ය කලමනා ඔක්කොම ලැස්තියි දැන් ඉතින් පටන් ගන්න තමා තියෙන්න අරක්කු (පොල්) බාගයයි , සෝඩායි , බයිට් එකයි.අපිටත් එච්චරම අවුලක් නෑ.රයිස් එකකුත් ඔර්ඩර් කලා අඩු පාඩුවට.මමනම් බොන එකටත් වඩා කලේ වටේ පිටේ ඉන්න සෙට් එක කරන්න මොකක්ද කියලා බලන එකයි.අපේ ටේබල් එකේ හිටියේ ටිකක් විතර මහත කලු බුවෙකුයි තව එකෙකුයි.මහත බුවා තමා වැඩියෙන්ම කතා කරන්නේ.අනිකා හුමිටි තියෙනවා විතරයි.මහත අයියා ඉතින් එයාගේ සෙල්ස් ගැනයි අරවා මේවා ගැනයි තමා කතා, ඒ වගේම කෙල්ල හැමදාම සාත්තුකලාලු කන්න බොන්න ගෙනාවාලු කෙල්ල ගැනැත් හොදත් කියනවා..ඒ අස්සේ කියනවා ගිය සුමානෙත් ඉස්පිරිතාලේ හිටියාලු කෙල්ලගෙන් මාර කරදරෙලු අරවා මේවා…..හැබැයි මේ වෙනකොට පොර හිටියේ බමර පදමට ලන්වෙලා.ඔන්න එක පාරටම කොල් එකක් ආවා.මෙන්න පොර පුසා වගේ පොන් එකට අන්සර් කරනවා.” කොහොමද සුදු , ඔව් රත්ටහරන් , නෑ පැටියෝ , මම මේ යාලුවෙක් එක්ක ඉන්නේ” විනාඩි පහක් විතර කතා කරනකොට පොරගේ ටොක් එක සම්පුර්ණයෙන්ම වෙනස් ” තමුසෙට පිස්සුද ඕයි , මටම කියලා නිදහසක් නැද්ද , මම බොන්නේ මට ඕන වෙලාවට , මටත් කියලා නිදහසක් තියෙන්න ඕනේ ” ඔහොම කියලා.ඔන්න ඉතින් ඔහොම කියලා බැනගෙන
දඩාස් ගාලා පොන් එක දෙසරයක් තුන්සැරයක් තිබ්බා.බාර් එකේ එකෙක්වත් වැඩිය ඒ ගැන ගානක් නෑ මම හිතන්නේ මේ වගේ සීන් හැමදාම වෙනවා ඇති..

අපි දෙන්නත් ඔය වගේ දේවල් අස්සේ පැය දෙකක් විතර විකාර කියව කියව ඉදලා ආපහු ආවා.ඒ වෙනකොට බාගෙන් පටන් ගත්ත එක බෝතල් එකහාමාරක් විතර බඩට ගිහින් තිබුණාට එකෙකුටවත් වෙරි නැ සම්හරවිට බාර් එකේ අරක්කු මික්ස් කරන එකාගේ හොදද මන්දා හික්ස්.

කෝමෙන් කොමෙන් හරි බොඩිමට ඇවිත් පහුවෙනිදා ඔෆිස් ගියා කියමුකෝ ඊට පස්සේ තමා බොන එකත් එපා වුණේ.හම්බවෙන හම්බවෙන එකා මචන් උම්බ ඊයේ අතන හිටියා නේද , බොන එක හොද නෑ ඔය වගේ 10 ක් විතර ප්‍රශ්න .යකෝ හොදට නාලා ගද යන්න සෙන්ට් එකකුත් ගහන් ඉන්න මම ඊයේ බිව්වාට කියලා මුන් ඇති රුදාව මොකක්ද ? වෙනදට ගුඩ් මෝර්නින් කිව්වම මුණවත් නොබලා මොර්නින් කියන මුන්ට, දැන් මොකෝ මේ එක පාරටම සත්ව කරුණාවක් පස්සේ එකෙක් අල්ලාගෙන මොකක්ද සීන් එක කියලා ඇහුවා බැලින්නම් ඊයේ මගේ යාලුවා තව එකෙකුට කියලා මෙහෙම සෙට් වුණා කියලා පස්සේ මුලු යාලුවෝ සෙට් එකටම මේ මැසේජ් එක යන්න ගිහින් තියෙන්නේ පැය කීපයයි. බැලින්නම් ඒවෙනකම්ම කොලබ යාලුවෝ සෙට් එක හිතන් ඉදලා තියෙන්නේ මම අමද්‍යප කියලා.මොකෝ මම එකෙක් එක්කවත් බලෙන් බොන්න සෙට් වෙන්නේ නැනේ.

බලන්නකෝ මිනිස්සුන්ගේ හැටි හොද දේවල් ගැන වචනයක් කතා කරන්නේ නැති එකා නරක ගැන අඩ බෙර ගහලා කියනවා.(මම මේ නරක දේවල් කියලා කිව්වේ මිනිස්සු සම්මත කරගෙන තියෙන හින්දා ).

බොන්න හිතන් ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්නේ උඹ බොන නොබොන එක තීරණය කරන්නේ උඹලම තමා.ඊටත් පස්සේ උඹලා තීරනය කරන්නේ ඕනේ බොන්නේ නොබොන්නේ කා එක්කද කියන එක.මොකෝ උඹලාට ඊලගට ලැබෙන ප්‍රතිචාරය තීරනය වෙන්න ඒක මතයි බොන තැන මතයි.දහය වසරේ ඉදන් බීම ජාති රස බලපු මම වැරදි තැන බීපු හින්දා මේ වගේ දෙයක් වුනා.

අනාගතයේදි තව තවත් මගේ අත්දැකීම් ගැන ලියන්නම්, ගොඩක් අත්දැකීම් තියෙනවා බෙදා ගන්න.හදිස්සියේ ගොඩක් වැඩ අව්වස්සේ ලිව්වේ සමහර තැන් ගැලපීම් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඇති ඒවා එච්චර ගනන් ගන්න එපා.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.