සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

කාම සුත්‍ර පන්සල || The Temple of Kama Suthra

with 11 comments

හෝව් හෝව් පොඩ්ඩක් නතර වෙන්න.කරුණාකරලා සමහර වචන පිංතුර දැකලා උණ ගැනෙන අයනම් මේක කියවන්න එපා.අන්තිමට මම ඔන්න කිව්වේ නැ කියලා කියන්න එපා ඕන්.දැන් ලමයි අත උස්සන්න කවුද ” කාම සුත්‍රය ” බලලා තියෙන්නේ කියලා. හා හා ගැණු ලමයි ඊයා කියන්නේ නැතුව අත උස්සන්න. හරි ඔන්න එහෙනම් දුවල දුවලා ගිහින් අම්මට කියලා එන්න.හා හා පොඩි විහිලුවක් කලේ.ඔය උත්සන් ඉන්න අත පහලට දැන්මනම්.

කාම සුත්‍රය කියන්නේ ඉසසර වත්සයාන(Vātsyāyana) – ()කියලා ඉන්දීයනු පඩිවරයෙක් රචනා කරපු ග්‍රන්තයක්.මේ පොතේ කොටසක අඩංගු වන්නේ ඒ කාලේ හැටියට යහපත් බිරිදකට කොහොමද තම ජීවිතය ගෙන යන්නේ සහ කොහොමද ලිංගික කාර්ය්‍ය කරන හැටි.මම ඉතින් ඔය ගැන වැඩිය කියන්න යන්නේ නැ.දන්න කට්ටිය ඉතින් දන්නවානේ. ඉතින් ඔය පොත ලියලා තියෙන්නේ දෙවන ශත වර්ෂයේ.ඉතින් අද මම කියන්න යන්නේ ඔය පොත ගැනනම් නෙමේ.

ඔය ගොල්ලන්ට මතක ඇති නේද “Kama Sutra: A Tale of Love” කියන චිත්‍ර පටිය.බලලා නැත්නම් අදම බලන්න.ඔය චිත්‍ර පටියේ පසුබිම වශයෙන් යොදාගෙන ඇති ස්ථානය ගැන තමා මම කියන්න යන්නේ.ඉන්දියාව කොච්චර අන්තගාමින් ඉන්න රටක් කිව්වත්  ලිංගික ඉරියව් සහිත නිර්මාණ හුගක් තැන්වල තියෙනවා ඔරිස්සා ප්‍රන්තයේ මුක්ටේශ්වර් පන්සල (Mukteswar Temple)-(),මධය ප්‍රදේශයේ කාජරහෝ (Khajuraho)- ()පන්සල් පද්ධතිය හොද උදාහරණ කිපයක් .මේ පන්සල්වලට මූලික වශයෙන් බලපාලා තියෙන්නේ ජෛන ආගමේ බලපැම් ඊට අමතරව වැඩි වශයෙන් හින්දු ආගමේත් අඩු වශයෙන් බෞද්ධ බලපැමත් ලැබිලා තියෙනවා.

කාජරහෝ (Khajuraho)- ()පන්සල් පද්ධතිය ඉතා විශාල ප්‍රදේශයක පැතිරී ගිය එකක්.මෙහි ආරම්භය නව වෙනි සියවස දක්වා දිව යන එකක් . මුලින්ම ඉන්දියාව ආක්‍රමණය කල ජාතින්ගේන් ආරම්භ වූ මෙය, පසු කලෙක එකලොස්වන සියවසයේදී නිර්මාණකරනයේ උච්ච තත්වයට පත්වෙලා අවසන් වෙලා තියෙනවා.මේ නිර්මාණ කරලා තියෙන්නේ වැලි ගලෙන් .මේවා වර්ග කිලෝමීටර් විස්සක විතර භුමි ප්‍රමාණයක විහිදිලා තියෙනවා.මුලදී මෙහි පන්සල් අසූවක් තිබ්බත් දැනට ඉන් විස්සක් පමණක් හොද තත්ත්වයේ තියෙන බව වාර්තා වෙනවා.

මේ ස්ථානයේ විශේෂත්වය මම කිව්වානේ , ඒ කියන්නේ මේ පන්සල්වල නිර්මාණය කරලා තියෙන විවිධ ලිංගික ඉරියව් සහිත මුර්තී.පල්ලෙහා තියෙන පිංතුරවලින් ඔය ගොල්ලන්ට ඒ බව හොදට පෙනෙවී.

ඉතින් ඔය ගොල්ලන්ට පුලුවන්නම් වෙලාවක ගිහින් බලන්න.හොද අත්දැකීමක් වේවි.කවුරු හරි මේක බලන්න ඉන්නවානම් ගමනට තවත් මිතුරෙකු එකතු කරගන්න කැමතිනම් මටත් කියන්න. එහෙනම් අදට ඉවරයි.මේක බලලා පොඩි සටහනකිත් දාල යන්න මම දිගටම ලියන්නද එපාද කියලා.

Advertisements

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 5 at පෙ.ව. 10:52

11 Responses

Subscribe to comments with RSS.

  1. ඕං මං නං ඕක පිචෑර් පටි දෙක තුනකම දැකල තියෙනෙව. කාම සූත්‍ර වගේම මගෙ මතකයෙ හැටියට මොන්සූන් රේන් කියන චිත්‍රපටියෙත් පසුබිමේ මේක තිබුන. පන්සල කියල කිව්වට ඕක බෞද්ධ පන්සලක් නෙමෙයි ශිව දෙවියන්ට හදපු කෝවිලක් කියල ගූගල් කරනකොට මං දැක්ක

    නවම්

    2011 ජනවාරි 5 at පෙ.ව. 11:16

  2. අනේ ඉතිං අපිට කොහෙද එච්චර වාසනාවක්? මෙහෙට වෙලා තියෙන ඉලව්වක් බලං ඉන්නවා ඈරෙන්න…

    මමත් දැකලා තියෙනවා ෆිල්ම් කීපයක ඔය පන්සල.

    ගෝල්ඩ් fish

    2011 ජනවාරි 5 at ප.ව. 12:47

    • එහෙම කියන්න එපා මම දන්න සුද්දෝ දෙන්නෙක් ඉන්නවා උන් අවුරුද්දම වැඩ කරලා සල්ලි එකතු කරලා අවුරුද්දේ අන්තිමට ලංකාවට එනවා හැමදාම.ඒ ගොල්ලෝ ඒක ගොඩ කාලයක් තිස්සේ කරනවා.
      ඉතින් ඒ ගොල්ලන්ට පුලුවන්නම් අපිට බැරිද ?

      ඔව් නවම් ත් කිව්වා එයත් දැකලා තියෙනවා කියලා.

  3. මේ පන්සල ගැන තව විස්තය හොයලා පින්තූරත් එක්ක දාන්න පුලුවන් නම් හොඳයි.

    ඒ අතරේ වාත්ස්‍යනගේ කාම සූත්‍රයේ කොටස් එහෙම හොයා ගන්න ඇහැක් නම් ඒවත් පොඩි කෑල්ල කෑල්ල හරි කමක් නෑ ලියන්න.

    හොඳ ලිපියක්.

    දුකා.

    2011 ජනවාරි 6 at පෙ.ව. 12:21

  4. හොඳ වෙලාවට ඕක ඉන්දියාවේ තිබුනේ. ලංකාවේ තිබ්බනම් එහෙම………

    Sayuru Gajasinghe

    2011 ජනවාරි 8 at පෙ.ව. 8:02

  5. elazZZ Digatama liyapaaaaaan yalu.

    desh

    2012 අප්‍රේල් 20 at ප.ව. 12:53


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: