ලැම පමණක් ලොවට පෙනෙන – ලය නොපෙනෙන තවත් එක් ලදක්
රාධිකා තම නිරුවත් ලැම දෙස බැලුවාය.මදක් වත්සුණු තැවරු මුහුණත්,කොට කර කැපු කොණ්ඩයත් පිරිපුන් ලැම දෙසත් බලා සිටි රාධිකා නාන කාමරයට වැද කය සොදා ගත්තාය. ඇය නිල් මල් වැටුණු සුදු සාරිය වත දවටා ගත්තාය.අත් බෑගයත් දකුණතටත් ,ජංගම දුරකතනය වමටත් ගත් ඇය හොටෙල් කාමරයෙන් පිට වී ආලින්දයට පැමිණියාය.හෝටලයේ දොර විවර කරන්නාගේ සමච්චල් සහගත හිනාවක් සහිත මුහුණ තමා දෙසට යොමු වී ඇති අයුරු ඉදිරියේ ඇති කැඩපත දෙස බලා සිටි ඇයට පෙනේ.දොර විවර කරන්නාට මදහසක් පා ඇය හෝටලයෙන් එලියට පැමිණි ඇ ලේක් හවුසිය දෙසට පදික වේදිකාව දිගේ පිය නගන්නට විය.
අවට ගැවසෙන්නන්ගේ දෙනෙත් ඇය දෙසට යොමු වී ඇති ආකාරය රාධිකාට දැනෙන්ට විය.සමහරවිට ඒ ඇය ගැන දන්නා ඇය විය යුතුය එසේ නැත්නම් තවත් එක් හුදෙකලා ගැහැනියක් දෙසට නිරත්තරයෙන් යොමු වන ඇස් විය හැක.ඒ ගැන සිතීම තවත් එක් නිශ්ඵල කටයුත්තක් වන බැවින් ඇය ඒ ගැන හිත් යොමු නොකර සිටින්නට උත්සහ කරන්නට විය.ලේක් හවුසිය අසලින් ගිය 120 බස් රථයකට ගොඩ නැගුණු ඇය පසුපස ආසනයක වාඩි වී වීදුරුවෙන් පෙනෙන තමාගේ පිලිබිඹුව දෙස බැලීය.
රාධිකා තම පිලිබිබුව දෙස බැලුවේ යමෙක් සොයන්න සේය.සමහරවිට ඇය සොයන්න ඇත්තේ ඒදා රට ගිය අම්මා එවන සල්ලිවලින් කසිප්පු බී පිස්සු නටන කුඩප්පාගෙන් බේරී ගාමන්ට් රස්සාවක් සොයාගෙන පැන ආ සමන්මලී විය හැක.නමුත් අහිංසක සමන්මලීගේ මුහුණ වෙනුවට රාධිකා දුටුවේ සමාජය හමුවේ තැලි පොඩි වී ගිය තරුණියකි.
තමා මේ තත්ත්වයට පත්කලවුන් ගෙන් මුලදී පලිගැනීමට පිස්සුවෙන් ක්‍රියාකලත් පසුව රුපියල් සතවලින් මිනිසුන් මනින ඒ පෘත්ග්ජන් සමාජයේ තත්‍ය ස්භාවය බව අවබෝධ කර ගැනීමත් සමග ඔවුන් කෙරෙහි වෛරයෙන් නොව උපෙක්ෂාවෙන් බැලීමට පුරුදු වූ ආකාරය රාධිකා මෙනෙහි කලාය.කොන්දස්තරගේ කට හඩින් පියවි සිහියට එලබි ඇය බොරලැස්ගමුවට ටිකට්ටුවක් ගෙන කවුලුවෙන් ඉවත බලා ගත්තාය.ඉබ්බන්වල හංදිය පසුකරමින් සිටින ඇයට තමාට දිනක් පිහිට වූ ජෙස්මින් අක්කා මතක් වේ මේ වන විට ඇය පොඩි එකා සමග කොහේ හෝ සිගාකමින් සිටින වා විය හැක.
ටවුන් හෝල් එක අසලින් යන විට ඇයට සිහිපත් වුයේ ඩේසි අක්කාය .වැලේ වැල් නැතුව ඒ අසල සිටින විට කැදවාගෙන ගොස් තමාත් ඇය වැනි තවත් සුරතලියක් කල ඩේසී අක්කා ඇයට කවාදාවත් අමතක කල නොහැක.මේ ගෙන්දගම් පොලවේ අනන්තවත් ගමෙන් එන කෙල්ලන් අතරමං වනු ඇය දැක ඇත.ඒ අතින් තමා වසනාවන්තබව රාධිකා විශ්වාෂ කලාය.අනේක දුක් විදින තරුණියන්ට වඩා හොදින් ඇද පැලද කා බී සිටින තමාට මිනිසුන් මොනවා කීවත් හොද ජීවිතයක් ඇති බව ඇය දනී.කැම්පස් එක අසල පිරිමි ලමයකුට තුරුලු වී සිටින කෙල්ලක රාධීකාට පෙනේ ඇගේ පෙනුම වාසානාගේ වගේය.සමහර විට ඇය වාසනා විය හැක.ගමේ ඇ සමග එකට පාසල් ගිය වාසනා ඇගේ හොදම මිතුරිය වූ වාය.සමහර විට තමාත් දිගටම ඉස්කෝලේ ගියේ නම් කැම්පස් යන බව රාධිකාට නිසැකය.
නොදැනීම ඇසට නැගු කදුල පිස දැමූ රාධිකා වට පිට බැලුවාය.රත්තනපිටිය අසල වාහන තද බදය ඇයට පූරුදුය.සැම ඉරිදාවකම ඇය මේ ගමන එයි.පිල්ලැව බෝධිය අසලින් බසයෙන් බැසූ ඇය සුදු නෙලුම් මල් වට්ටියක් මිලදී ගත්තාය.සැමදාමත් ඇය මල් මිලදී ගන්නේ ඇලිස් අක්කාගේ කඩයෙන් ය.ඇලිස් අක්කා හොදම මල්වලින් වට්ටියක් සකසා සෑම ඉරිදාවකම තමා එනතෙක් බලා සිටින බව ඇය දනී.
මල්වට්ටියත් ගෙන නිල්වන් වෙල්යාය මැදින් ඇය පිල්ලැව බෝධිය දෙසට පියමැන්නේ අමරසිරි පීරිස් මහතාගේ “ලදුනේ ” සිංදුව මුමුනමිනි.
ළදුනේ – ළදුනේ
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ – ළදුනේ
දෙනෝ දහල් අත ගත්තද – සැමියකු නැති ළදුනේ
නැයෙක් නැකම් නොකියන – විදි සරණ ලදුනේ
තෙල් මල් ගෙන – දොත පුරා මුණි කුටියට – පියමං වන
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ – ළදුනේ
බුදූන් දැක නිවන් දකිමැයි දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරවකි – ඔබද කිසා ගොතිමියකි
පිරිමින්ගේ පාප කදට – දෝස විදින ළදුනේ
අදුරේ පව් කරන දනා – එළිය රවන ළදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන – ලය නොපෙනෙන ළදුනේ
කුහුබුවකුටවත් වරදක් නැති – වැරදි කාර ළදුනේ
කිසිම අවුලක් නැතුව, පැහැදිලි, එකකට එකක් අපූරුවට පෑහෙන්න මේ වගේ ලියන්න හැමෝටම බෑ මචං. උඹ දිගටම ලියපන්, දවසක උඹටත් හඳ පායයි. එතකං අපි උඹ ලියන දේවල් කියවන්නම්.
නවම්
2011 ජනවාරි 19 at ප.ව. 9:29
මචන් ඔයාගේ වචන ටිකටම මගේ බඩයි හිතයි දෙකම පිරුනා.බොහොම ස්තුතියි.
ක්ෂිතිජ විජේමාන්න | විත්ති
2011 ජනවාරි 19 at ප.ව. 10:34
මුලින්ම සමාවෙයන් මචං, මේ පෝස්ට් එක කියවන්න පරක්කු වුනාට.
මචං උඹ මොකද්දෝ මන්දා අමුතු කතාවක් ලියාගෙන යනවා වගෙයි බං.
ගෝල්ඩ් fish
2011 ජනවාරි 25 at පෙ.ව. 10:02
ලස්සනයි මචෝ,දිගටම ලියපන්……….එල
asanka
2011 ජනවාරි 30 at ප.ව. 1:24
පට්ටයි මචන් අදනේ දැක්කේ…
Malin De Silva
2011 පෙබරවාරි 10 at ප.ව. 2:31
Thanks machang
Your site is also awsm machang
ක්ෂිතිජ විජේමාන්න | විත්ති
2011 පෙබරවාරි 10 at ප.ව. 7:48
ලස්සනයි මචං ….
NIMILA THIWANGA
2011 අප්‍රේල් 19 at පෙ.ව. 9:04
Thak you for your comments
check my newest posts
ක්ෂිතිජ විජේමාන්න | විත්ති
2011 අප්‍රේල් 19 at ප.ව. 8:36
සැබෑවටම අරුත්බර කථාවක්. මේ වගේ ලියන්න පුළුවන් අය ඉන්නෙ ඇත්තටම අතලොස්සක් විතරයි. ජීවිතේ සැබෑ යථාර්තය ලස්සනට ගලපන්න පුළුවන් නම් ඒ හැමකක්ම ඕනම කෙනෙකුට කියවන්න පුළුවන්.
දිගටම ලියපන් මචං …..
sampath jayakody
2011 දෙසැම්බර් 8 at ප.ව. 4:12
me dawal katha karanna minissu inna ekath loku dayak yalu. Me wage wenas widhihata hithana aya thamai apita ona.
desh
2012 අප්‍රේල් 20 at ප.ව. 1:20