සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

Archive for පෙබරවාරි 2011

ඔබත් මිනිසෙකි ,මමත් මිනිසෙකි

with 6 comments

Sinhala alphabet

Image by massdistraction via Flickr

වර්තමානයේ බ්ලොග් අවකාශයේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන පොඩි සටහනක් ලියන්න හිතුවෙමි.මේ සටහනට අදහස් ගොනුකරන්නට නවම් සහෝදරයාගේ “මට ඔබ සමඟ වෛරෙයක් නැත. ඇත්තේ කාලකණ්නි අප්‍රසන්න භාවයකි !” යන ලිපියත් සංහිද පාමුලෙහි “බ්ලොග් ලියන, පලකරන ඔබ සියලුදෙනාටම වැදගත් වන මෙය, මොහොතක් නැවතී කියවන්න” ලිපියත් හේතු වුනි.මේ ලිපි ද්විත්වය මාගේ යම් යම් අදහස් නැවත සලකා බැලීමට යොමුවුනි.

දැනට සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවනයන් රාශ්‍රියක් පවති.ඉන් සමහරක් මැතකදී බිහි වූ ඒවා වුවත් තවත් සමහරක් බ්ලොග් අවකාශයේ අතලොස්සක් වූ සිංහල බ්ලොග් පැවැති සමයේ සිට පැවතෙන එවාය.මා බ්ලොග් රචනයට ප්‍රවිශ්ඨ වුයේ දෙදහස් නවය වර්ශයේ සිටය.මේ මාගේ කීපයක් වූ බ්ලොග් අඩවි අතරින් එකකි.

මට මතක හැටියට පලමුවෙන්ම මට අත්දැකපු බ්ලොග් අවකාශයේ අන්තර් ප්‍රශ්ණය වුයේ දේශපාලන අඩවිත් අදේශපාලන අඩවිත් වෙන් වශයෙන් වර්ගීකරණය කර නිරුපනය කිරීමය.මෙය එතෙක් පැවති බ්ලොග් අවකාශයේ කැපී පෙනන ලෙස පෙනෙන විභේදනයකට හේතු විය.

මෙයම එතෙක් බ්ලොග් කියවන දෙකකට තුනකට පමණ සිමා වී තිබු බ්ලොග් අවකාශයට තවත් බ්ලොග් කියවනයන් කීපයක් එක් කරලීමට හේතූ විය.ඉන් සමහරක් අද තිබු තැන්වත් සොයා ගැන්මට නොහැකි අතර තවත් සමහරක් ඉතාමත් කාර්‍යක්ෂම ලෙස පවත්වාගෙන යයි.

මේ සටහනේ අරමුණ වන්නේ ලාංකීය බ්ලොග් අවකාශයේ ඉතිහාසය ගෙන හැර දැක්වීම නොව බ්ලොග් සටහන් සහ බ්ලොග් කියවනයන් අතර පවතින අන්තර් සබැදියාව පෙන්වීමය.නවම් සහ සංහිද පමුල සමග එකග වෙන මට කිව හැක්කේ බ්ලොග් අඩවිත් බ්ලොග් කියවනයන් අතර පවතින්නේ ඉතා දැඩි බැදීමක් බවය.දැනට පවතින අතොලොස්සක් වූ ජනප්‍රිය බ්ලොග් අඩවි ඇරෙන්නට අනෙක් අඩවි වලට වැඩි වශයෙන් පාඨකයෝ ප්‍රවිශ්ඨවන්නේ මේ බ්ලොග් කියවනයන් හරහාය.එය කටුක වුවත් සත්‍යක්ය.එමෙන්ම බ්ලොග් කියවනයන්ට බ්ලොග් අඩවි නොමැති වූ විට පවත්වාගෙන යා හැක්කේ හිස් පිටු පමණෙකි.

බ්ලොග් අඩවි රචකයන්  වටහා ගත යුතු තවත් දෙයක් ඇත බ්ලොග් කියවනයන් පවත්වාගෙන යන්නන් ඒවා දැනට ඒවා පවත්වාගෙන යන්නේ නොමිලේ දෙන සේවාවක් ලෙසය.ඒවාට පිරිවැය දරන්නේ බ්ලොග් පරිපාලකයන්ගේ පසුම්බිවලනි එසේ නැත්නම් ඒ සදහා අනුග්‍රහදක්වන්නන් ගේ පරිත්‍යාගවලනි.තාක්ෂණය යන්නද සියයට සීයක් පරිපුර්ණ නොවේ.මිනිසා අතරින්ද වැරදි සිදුවිය හැක.එම නිසා මේ කරුණු සියල්ල සැලකීමට ගැනීම බ්ලොග් අඩවි කරුවන්ගේ යුතුකමය.නමුත් මෙය අයුක්තියට අසාධාරණයට එරෙහි නොවිමට කාරණයක් කර ගත යුත්තේ නොවේ.

බ්ලොග් කියවනයන් පරිපාලකයෙනි, බ්ලොග් රචකයන් බ්ලොග් ලියන්නේ විවිධ හේතුන් මත බව සැබෑය.නමුත් බ්ලොග් රචකයන් වශයෙන් ඔබත් මාත් දන්නා කරුණක්නම් බොහොමයක් අප ලබන්නේ ආත්ම තෘප්තිය පමණක් බවය.වෙහෙසකර රාජකාරී අතරතුර ,පාඩම් කටයුතු හෝ අනෙකුත් කාරනා අතරතුර ලැබෙන ඉසබුව අපි මෙයට වැය කරන්නේ අපගේ එම එකාකාරී බව බිදීමට මිස තවත් ප්‍රශ්ණ කුණු කන්දල් ඔලුවට දමා ගැනීමට නොවේ.ඔබගේ බ්ලොග් කියවනයේ කටයුතු විනිවිද බාවයෙන් කරගෙන යා හැකිනම් එය වඩා යෙහෙකි.

අවසානයේ මට කිව හැක්කේ අප සියල්ලෝම පෘත්ග්ජන මිනිසුන්ය.අප කෙලෙස් නිහීන කල රහත් උත්තමයෝවත් දෙවිවරුවත් නොවෙති.

 

 

 

සදනී

with 4 comments

සදනී , අද මම ඔයාව දැක්කා,ඔයත් මාව දැක්කා.අපි දෙන්නා නොහදුන වුන් වගේ දෙපැත්තට ගියා.සමහරවිට ඔයා මාව දකින්නේ නැතුව ඇති ඒත් මම ඔයාව දැක්කා.ඒත් මට ඔයා එක්ක කතා කරන්න , අඩුම ගානේ හිනාහෙන්නවත් බැරි වුණා සමහරවිට ඒ මගේ උද්දච්ච කම හින්දා නිසා වෙන්න ඇති කියලා ඔයා හිතනවා ඇති.ඇත්තෙන්ම මම දන්නේ නැ ඇයි මට ඔයත් එක්ක හිනා වෙන්න බැරි ඇයි කියලා මේ අවුරුදු පහට අපි දෙන්නා කොච්චර මූණට මූණ හම්බ වෙලා ඇතිද ? කොච්චර සැරයක් අහක බලන් යන්න ඇත්ද ?

ඇයි අපිට මීට අවුරුදු පහකට කලින් හිටියා වගේ හිනා වෙලා ඉන්න බැරි.සමහරවිට ඔයා ඇත්ත සිද්ධිය දන්නේ නැතුව ඇති.මම ඔයාව මුලින්ම දැක්කේ ඉස්කෝලේදී ඔයාගේ පන්තියට පොතක් දෙන්න ආපු වෙලාවේදීයි.මතකද ? ඔයාගේ පංතියේ හිටියා මගේ ගැන්සිය.උන් ගැනත් මම ඔයාට කියන්න ඕනේ හැබැයි පස්සේ.එදා මම ඔයාව දැක්ක ගමන් මට වෙච්ච දේ අදටත් මට පැහිදිලි කරන්න බැ.ඔයා ගැන හිත හිතා මම මාර ගේමක් දීලා ඔයාගේ පොටෝ එකක් කෝම හරි හොයා ගත්තා.ඒක පර්ස් එකේ දාගෙන හැම තැනම මම අරන් ගියා.රැට පොඩි එකෙක් වගේ ලග තියන් නිදා ගත්තේ.මම දැක්ක හීන ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.මට ඔයා ගැන තිබ්බේ අහිංසක ආදරයක් සදනී , ඒක ඒක පාර්ශික වුනත් හරිම සුන්දරයි.දවසට පැයක් දෙකක් නෙමේ මුලු දවසම මම හිතුවේ ඔයා ගැන.මගේ සිහින ලෝකය කඩන් වැටෙන්න පටන් ගත්තේ දවසක් මගේ පර්ස් එක යාලුවෙක් බැලුවට පස්සේ එයා මුලු ඉස්කෝලෙටම මේ ගැන කියලා තිබුනා.මුලු සෙක්ෂන් එකටම ඒදායින් පස්සේ ඔයා ගැන මගේ හිතේ තිබ්බ හැගිම් රහසක් වුනේ නැ.ඊට පස්සේ තමා මම ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ආශ්‍රය කරන්න පටන් ගත්තේ මතකද දවල් ඉන්ටර්වල් එකේදි මම ඔයාගේ පන්තියට එනවා ඇවිල්ලා කොල්ලෝ එක්ක කතා කර කර ඉන්නවා,උදේට ගුඩ් මොර්නින් කියන්න පංතිය ගාවට ඇවිත් බලන් ඉන්නවා.

ඔයත් එක්ක විනඩියක් හරි ඉන්න ඔනේ හින්දා මම කරපු දෙවල් මතකද ? ඒ කාලේ තමා මම සතුටෙන්ම හිටිය කාලේ.මම ඒ දවස්වල මාගේ යාලුවන් කියලා හිතා හිටිය සමහර උන් මාව විහිලුවකට ගත්තා සදනි.

එදා ඔයා මම ගැන කෙමිස්ට්‍රී පන්තියේදි අහලා තිබ්බා.ඒක මට එදාම රෑ යාලුවෙක් කියුවා එදා රැ මට නින්ද ගියේ නැ.කෝම හරි මම ඔයාගෙන් යාලු වෙන්න අහන්න ඕනේ කියලා ඔයාව හම්බ වෙන්න දවස් ගානක්ම ආවා.දවසක් මම ඔයාට දෙන්න චොකලට් එකක් අරන් ඇවිත් හංගලා තිබ්බා ඒත් මේ කාලකණ්නි කොල්ලෝ ටික ඒක හොරෙන් අරන් කාල තිබ්බා අන්තිමට හිස් පෙට්ටිය බැග් එකට දාල තිබ්බා.එදා උන්ව මරන්න තරම් තරහක් තිබ්බත් අද මට ඒ ගැන දුකක් නැ.ඒ උන්ගේ හැටි අනිත් උන්ගේ හැගිම් තෙරුම් ගන්න තරම් හිතන්න හැකියාවක් උන්ට එදා තිබුනේ නැ.

ඊට පස්ස දවසේ මම ඔයාට පොඩි තැග්ගකුත් අරන් ආවා ඒ වැලන්ටයින් ඩේ එක පහු වෙලා දවස් දෙක තුනක් ඇති.මම ඔයාව හම්බ උනේ ඉස්කෝලෙන් පස්සේ එතකොට මගේ තවත් යාලුවෙක් එතන හිටියා මම දැනන් හිටියේ නැ ඒ ගැන මොනවත් ඔයත් එක්ක යාලු වෙන්න ඌත් මට උදව් කරන්නම් කියලා කිව්ව එකෙක්.ඔයාට මම පැත්තකට අඩ ගහන් ගිහින් මෙහෙම ඇහුව්වා

.”සදනි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා “

එතකොට ඔයා කිව්වා “අයියෝ ඔයත් “

රැ තිස්සේ නිදි මාරාගෙන් පුරුදු වුනත් මට ඔයා ඉස්සරහා මොනවත් කියා ගන්න බැරි වුණා සදනී.මගේ පපුව පිපිරෙන්න තරම් වගේ.

මට කියා ගන්න පුලුවන් උනේ “මම ඔයාට අදරෙයි” කියලා විතරයි.

ඊට පස්සේ වෙච්ච දේ අදටත් මට අමතකයි.මට මතක මම  කාටද  මොකක්ද කියලා පයින්ම ගෙදර ගිය බව විතරයි.ගෙදර ගිහින් මම දවසම ඇඩුවා ඒ සුමානෙම මම කැවද නැන්ද කියලවාත් මට මතක නෑ.ඊලග සදුදා ඔයාට මම දුන්න තැග්ග ආපහු එවලා තිබ්බා.ඒ එක්කම ඔයා ඔයාගේ කාමර සගයාත් ගෙදරින් යවලා තිබ්බා.ඒ වැරැද්ද නිවැරදි කරන්න තරම් මම මානසිකත්වයක් හිටියේ නැ.ඔයා මට අකමැති වුනේ මගේ පෙනුම හින්දද ?

මෙච්චර කාලයක් ආශ්‍රයකරලා ඔයා මාව අදුන ගත්තේ නැද්ද ?

යාලුවෝ කිව්ව විදියට මම ඔයා ගැන හිතුවේ නැ.ඒත් අන්තිමට මට ඔයාගේ හිත ගන්න උදව් කරනවා වෙනුවට මාව නොමග යැව්වා ඔයා ගැන බොරු කියලා.මම භාහිරින් ලස්සන නැති වුණත් මම ඔයාට කරපු ආදරය ලස්සනයි පිවිතුරුයි.කොහොමත් කට්ටිය මගෙ පෙනුම විහිලුවකට අරගත්තා අනාගතයේදී අරගනිවී. මම යනකම් ඉදලා මට පිටිපස්සෙන් හිනා වෙන ලෝකෙක මම හිතුවේ ඔයා විතරයි මාව තෙරුම් ගත්තේ කියලා.ඊට පස්සේ මට කොල්ලෝ කොච්චර විහිලු කලාද ? මම එදාත් ඒවා ගනන් ගත්තේ නැ අදත් ඒවා ගනන් ගන්නේ නැ.නමුත් මම කැමති නෑ විහිලුවක් වෙන්න.මමත් හැගීම තියෙන කොල්ලෙක්.

එක බත් පත බෙදාගෙන මම මැරෙන්න වුනත් හිටිය උන් මාව තනිකලා මට දොහී වුනා.අඩනකොට මට ලෙන්සුවක්වත් දෙන්න එකෙක් හිටියේ නැ.මම වැටිලා හිටිය තත්ත්වේ දැකලා උන් හිනා වුනා.ඔයාගේ පින්තුරය මම ඔයා එව්ව එක්කෙනාට දුන්නේ තව ප්‍රශ්ණ ඕනේ නැති හින්දා.එයා ඇවිත් ඔයාට මොනවා කිව්වද දන්නේ නැ.ඒත් මම දන්නවා ඔයා අහිතක් හිතන්නේ නැති බව.මම කවුරුත් නොහදුන අදුරු ආගධයක මම තනි වුණා අන්තිමට මට එලිය වෙලා පාර කියා දුන්නේ මගේ රත්තරන් අම්මා.වචනයෙන් මොනවත් කිව්වේ නැති වුනත් මගේ අම්මා මමත් එක්ක මම විදපු දුක වින්දා කියලා මම දන්නවා.

සදනී මම ඔයාට මොනවා හරි කරානම් මට සමාවන්න.මීට පස්සේ මම ඔයාව පාරෙදී දැක්කම හිනා වෙන්නම් , මමත් එක්ක වචනයක්වත් කතා නොකර යන්න එපා.ඒ කාලේ අපි කරපු දේවල් අතීතය. දැන් අපි ඉන්නේ වර්තමානයේ.මම ඔයත් එක්ක තරහ නෑ ඔයා මමත් එක්ක තරහද ?

 

 

සත්‍ය සිදුවීමක් පාදක කොට ගත්තකි

සදනී – ඊලගට බලාපොරොත්තු වන්න

with 4 comments

සදනී , අද මම ඔයාව දැක්කා,ඔයත් මාව දැක්කා.අපි දෙන්නා නොහදුන වුන් වගේ දෙපැත්තට ගියා.සමහරවිට ඔයා මාව දකින්නේ නැතුව ඇති ඒත් මම ඔයාව දැක්කා.ඒත් මට ඔයා එක්ක කතා කරන්න , අඩුම ගානේ හිනාහෙන්නවත් බැරි වුණා සමහරවිට ඒ මගේ උද්දච්ච කම හින්දා නිසා වෙන්න ඇති කියලා ඔයා හිතනවා ඇති.ඇත්තෙන්ම මම දන්නේ නැ ඇයි මට ඔයත් එක්ක හිනා වෙන්න බැරි ඇයි කියලා මේ අවුරුදු පහට අපි දෙන්නා කොච්චර මූණට මූණ හම්බ වෙලා ඇතිද ? කොච්චර සැරයක් අහක බලන් යන්න ඇත්ද ?

අපි නිදහස් වෙමු.දැන්වත් නිදහස් අරගලය අරඹමු

with 6 comments

අද දින මේ ලියන බ්ලොග් ලිපිය මේ බ්ලොගයට ආගන්තුකය.සමහරවිට මෙය මෙවැනි ලිපි පෙලක ආරම්භයක් විය හැක එසේ නැත්නම් මෙය තවත් එක් ලිපියක් පමණක් විය හැක.කාලයා විසින් එය තීරණය කරනු ඇත.

ෆාතිමා තවත් එක් මුස්ලිම් තරුණියකි ඇය විවාහ වුයේ අඩු වයසේ වූවත් යහපත් ජීවතයක් ගත කිරීමට තරම් වාසනා වන්ත වුවාය.දැඩි ආගමික මත ධාරී ඇගේ සැමියාත් ඔහුගේ පවුලේ  අයත් ඇයට වෙනස් කම් කිරීමට පටන් ගත් කල ඇයට යා හැකි වුයේ කාසි(qazi) උසාවිය දක්වා පමණි.නුගත් ෆාතිමාට රටේ සාමන්‍ය උසාවී වෙත යාමට නොහැකි වුයේ කුඩා කල සිටම මුස්ලිම් සමාජයේ පිට නොගැවසීම නිසා සාමන‍ය නීතිය ගැන කිසිම දැනුමක් නොතිබිනු නිසාවෙනි.කවදත් පුරුෂාධිපත්‍ය උසුලන ඇගේ සමාජයේ ඇයට ලැබෙන සාධරණය ගැන එදා ඇයට පැහැදිලි වැටහීමක් ලැබුණි.

පොඩි මැනිකේ විවාහයට පෙර ඈට අම්මගේන් උරුම වූ ඉඩම අයියාට පැවරීමට සිදුවුයේ ඇර නෙරන්ජන් සමග උඩරට නීතිය අනුව දීගෙට යැම නිසාය.රාමයියා හා සෙල්ලප්පා කලෙක ගජ මිතුරන් විය.දිවෙන් දිව ගාමින් සිට මිතුරු දම නිසාවෙන් දෙදෙනාම එකට මුදල් ආයෝජනය කලෝය.නමුත් මද කලිකින් රාමයියා හා සෙල්ලප්පා අතර වූ මිතුරු දම කැඩි ගියේ ඔවුන් අතර නොසන්සිදෙන වෛරයක් ඇති කරමිනි.මුදල් අවශ්‍යතාවක් මත රාමයියා තමාගේ ඉඩමක හවුල් අයිතිය වෙනෙකුකට විඛුණුයේ සෙල්ලප්පාට කීමෙන් තොරවය.මේ සදහා සෙල්ලප්පා තේසවලාමි නීතීය අනුව ක්‍රියාමාරගයක් ගත්තේය.

ශ්‍රී ලංකාවේ දැනට සම්ප්‍රදායන් නිසා ප්‍රාදේශියකරනයට  ලක්වූ උප නීතී පද්ධති තුනක් සාමාන්‍ය තීතිය තුල ක්‍රියාත්මක් වෙයි.මේම නීතී පද්ධති ලංකික නිතී පද්ධති වල එකතුවුයේ විවිධ කාල පරිච්චේදයන්දීය. ලන්දේසින්(1806) තේසවලාමී නීතියත් , ඉංග්‍රීසින් විසින් මුස්ලිම් පවුල් නීතියත්( 1931),උඩරට නීතියත් බලාත්මක් කරන ලදී පසුව පත්වූ ශ්‍රී ලංකා අණ්ඩු මගින් මේවා තවදුරටත් බලාත්මක කරන ලදී.

නමුත් එකීය රටක් ලෙස ගත්කල මෙවැනි උප නීතී පද්ධති අවශ්‍යද ?

මෙම උපනීතී පද්ධති තුනම පදනම් වී ඇත්තේ මීට අවුරුදු 60 කට පමණ එහා සිට පැවති සමාජ වාතාවරණය මතය.එමෙන්ම සමහර නීතී පද්ධති මගින් රටේ පොදු නීතිය සම්පූර්ණයෙන්ම වාගේ වාරණය කරයි උදාහරණයක් වශයෙන් ගත හොත් පොදු නීතිය යටතේ විවාහ විය හැක්කේ අවුරුදු 18 ට සම්පූර්ණ කල වැඩිහිටියන්ටය නමුත් මුස්ලිම් නීතිය යටතේ අවුරුදු 12 සම්පූර්න වු කුඩා දැරිවියන් පවා විවාහ කර විය හැක.මෙය ලමා අපයෝජනයක් නොවන්නේද ?

එමෙන්ම මෙවැනි නීති පද්ධති නිසා ඒ ඒ ප්‍රදේශවල වෙසෙන අනෙකුත් උප සමාජයන් / ජන කොට්ඨාෂ අපහසුතාවයට පත් නොවන්නේද ? උදාහරනයක් වශයෙන් තේසවලාමි සහ උඩරට නීතිය අදාල වනුයේ පාරම්පරික වශයෙන් ඒ ප්‍රදේශවලින් පැවත එන්නට පමණි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම වන්නේ බුද්ධාගමය.එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවම අන් ආගම් සදාහාද සමාන අයිතිවාසිකම් ලබා දෙයි.

ඉහත  පරිදි ශ්‍රී ලංකාවේ රාජ‍ය ආගම වනුයේ බුද්ධාගමය.ඒ අනුව ශ්‍රී ලංකාව බුදුදහම ආරක්ෂා කිරීමත් එහි පැවත්ම තහවුරු කිරිමත් කල යුතුය . මේ සදහා බුදුදහම රජ්‍ය ආගම කලයුතුමද එ විට අනෙක් ආගම් රාජ‍ය ආගම් නොවිය යුත්තේ මන්ද ? පසුගිය කලෙක බුද්ධ ශාෂණයේ පැවිදි පුද්ගලයන් පාර්ලිමෙන්තුව නියෝජනය කිරිමට ඉදිරිපත් වුයේ මෙම වගන්තිය නිසාද ?  සමහර දේශපාලන පක්ෂයන් තම ප්‍රචාරනය ගෙන ගියේ බොදු රාජය ස්තාපිත කිරිමේ අරමුණුණි.ඒ අනුව මත්පැන් වැනි බුදු දහමේ භාවිතා නොකල යුතුයයි හදුන්වන දේ සම්පූර්ණයෙන්ම තහනම් කලයුතුයයි යන්න ඔවුන්ගේ අදහස විය.එවිට බුදු දහම නොඅදහන අන් ආගමිකයම් මෙවැනි නීතිවලට යටත් විය යුතුද ? මේ අනුව ආගම සහ රාජ‍ය පාලණය යන්න දෙකක් විය යුතු බව වටහා ගත හැක.

මැතකදී එක් පාර්ලිමෙන්තු සභිකයකු කල ප්‍රකාශය වුයේ මුස්ලිම් පාසල් සදහා වෙනම විෂය නිර්දේෂයක් හදුන්වා දිය යුතු බවයි.රටක ජනතාවගේ මුලික අධ්‍යාපනය සියලු දෙනාටම පොදු විය යුතු නොවේද ? දැනටමත් රජයේ සාමන්‍ය පාසල් වල බුද්ධාගම , ඉස්ලාම් ,හින්දු දහම, කිස්තියානි වශයෙන් විෂ‍යන් වෙන වෙනම උගන්වයි. එමෙන්ම දැනටමත් සිහල පාසල් , හින්දු පාසල් ,මුස්ලිම් පාසල් , කිස්තියානි/කතෝලික පාසල් වශයෙන් වෙනම ලේබල් කල පාසල් ඇත.

ඇත්තටම් මෙවැනි භේදාත්මක දේවල් අපේ ලමා පරපුර වෙනුවෙන් අවශ‍යද ?

නැවතන් වර්ගාවාදී අරගලයක් බිහි වීම වැලක්වීමට කල යුත්තේ මෙවැනි විභේදනයක් ලමා පරපුරෙන් පටන් ගෙන ඇති කිරීම නොව.ඉහත සදහන් කල සියලු ආගමික ව්ශයන් එකාබද්ධ කොට විවිධ ආගම්වල දරුවන්ට සියලු ප්‍රධාන ආගම් වල මූලික හරයන් කියාදී ඔවුන් අතර සුහද තාව වර්ධනය කිරීමය.සියලුම පාසල් පොදු නීතී පද්ධතියකට , විෂය නිර්දේෂයකට යටත් විය යුතුය.දෙමල සිංහල ඉන්ගිසී ආදී භාෂා තිත්වයෙන් උගන්වනවා වෙනුවට සියලු දෙනාටම පොදු ලෙස ඉගැන්විය යුතුය.එසේ කලහොත් ඊලගට බිහිවෙන සමන් , සෙල්යයියා , ෆාතිමා එකට අත් අල්ලාගෙන රටේ ඉදිරියට යාවී , නැත්නම් කපාකොටාගෙන වැනසේවී.

වරක් ලංකාවේ ඉහල පුටුවක් දරන ඇත්තෙක් කිව්වේ ඔහු සමරිසියන් සමග සාකච්චා කිරිමට සුදානම් නමුත් රටේ සංස්කෘතියට එරෙහිව යන දෙයක්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් නොගන්නා බවය.රටේ මුල් පුටු දරන්නන්ගේ අදහස් මෙසේ නම සාමන්‍ය ජනතාව ගැන කවර කතාද ? නමුත් මේ පිලිබද තව දුරටත් විමසා බලන කල සූදූ කෙලීම ,මත්පැන්, සතුන් මැරීම වැනි ක්‍රියා, රටේ ඊනියා සංකෘතිය පදනම් වී ඇති බෞද්ධ සංස්කෘතිය මගින් අනුමත් කරනවා විය හැක නැත්නම් ඒවා කෙසේ නීති ගත වේද ?

ශ්‍රී ලංකාවේ බොහොමයක් නීතී සාධාරණිකරනය කරන්නේ ආගම හෝ සංස්කෘතිය මත දමාය.එවිට රටේ පොදු ජනයාගේ විරෝධය එක එල්ලේ නොපැමිනෙන බව දනි නමුත් සිදුවන්නේ යම් පුද්ගලයකුගේ හෝ ජන කොට්ටාෂයක පුද්ගලික මතය හේතුවෙන් රටේ මානව අයිතිවාසිකම් , මූලික අයිතිවාසිකම් එකෙන් එක ගිලිහී යාමය.

රටක ආණ්ඩුවක් වශයෙන් කලයුත්තේ සියලු පුරවැසියන්ට පොදු නීතී පද්ධතියක් සකසා එය පවත්තාගෙන යැම මිස එක් ජන වර්ගයකගේ , ආගමක හෝ පුද්ගලයකුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම නොවේ.