සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

සදනී

with 4 comments

සදනී , අද මම ඔයාව දැක්කා,ඔයත් මාව දැක්කා.අපි දෙන්නා නොහදුන වුන් වගේ දෙපැත්තට ගියා.සමහරවිට ඔයා මාව දකින්නේ නැතුව ඇති ඒත් මම ඔයාව දැක්කා.ඒත් මට ඔයා එක්ක කතා කරන්න , අඩුම ගානේ හිනාහෙන්නවත් බැරි වුණා සමහරවිට ඒ මගේ උද්දච්ච කම හින්දා නිසා වෙන්න ඇති කියලා ඔයා හිතනවා ඇති.ඇත්තෙන්ම මම දන්නේ නැ ඇයි මට ඔයත් එක්ක හිනා වෙන්න බැරි ඇයි කියලා මේ අවුරුදු පහට අපි දෙන්නා කොච්චර මූණට මූණ හම්බ වෙලා ඇතිද ? කොච්චර සැරයක් අහක බලන් යන්න ඇත්ද ?

ඇයි අපිට මීට අවුරුදු පහකට කලින් හිටියා වගේ හිනා වෙලා ඉන්න බැරි.සමහරවිට ඔයා ඇත්ත සිද්ධිය දන්නේ නැතුව ඇති.මම ඔයාව මුලින්ම දැක්කේ ඉස්කෝලේදී ඔයාගේ පන්තියට පොතක් දෙන්න ආපු වෙලාවේදීයි.මතකද ? ඔයාගේ පංතියේ හිටියා මගේ ගැන්සිය.උන් ගැනත් මම ඔයාට කියන්න ඕනේ හැබැයි පස්සේ.එදා මම ඔයාව දැක්ක ගමන් මට වෙච්ච දේ අදටත් මට පැහිදිලි කරන්න බැ.ඔයා ගැන හිත හිතා මම මාර ගේමක් දීලා ඔයාගේ පොටෝ එකක් කෝම හරි හොයා ගත්තා.ඒක පර්ස් එකේ දාගෙන හැම තැනම මම අරන් ගියා.රැට පොඩි එකෙක් වගේ ලග තියන් නිදා ගත්තේ.මම දැක්ක හීන ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.මට ඔයා ගැන තිබ්බේ අහිංසක ආදරයක් සදනී , ඒක ඒක පාර්ශික වුනත් හරිම සුන්දරයි.දවසට පැයක් දෙකක් නෙමේ මුලු දවසම මම හිතුවේ ඔයා ගැන.මගේ සිහින ලෝකය කඩන් වැටෙන්න පටන් ගත්තේ දවසක් මගේ පර්ස් එක යාලුවෙක් බැලුවට පස්සේ එයා මුලු ඉස්කෝලෙටම මේ ගැන කියලා තිබුනා.මුලු සෙක්ෂන් එකටම ඒදායින් පස්සේ ඔයා ගැන මගේ හිතේ තිබ්බ හැගිම් රහසක් වුනේ නැ.ඊට පස්සේ තමා මම ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ආශ්‍රය කරන්න පටන් ගත්තේ මතකද දවල් ඉන්ටර්වල් එකේදි මම ඔයාගේ පන්තියට එනවා ඇවිල්ලා කොල්ලෝ එක්ක කතා කර කර ඉන්නවා,උදේට ගුඩ් මොර්නින් කියන්න පංතිය ගාවට ඇවිත් බලන් ඉන්නවා.

ඔයත් එක්ක විනඩියක් හරි ඉන්න ඔනේ හින්දා මම කරපු දෙවල් මතකද ? ඒ කාලේ තමා මම සතුටෙන්ම හිටිය කාලේ.මම ඒ දවස්වල මාගේ යාලුවන් කියලා හිතා හිටිය සමහර උන් මාව විහිලුවකට ගත්තා සදනි.

එදා ඔයා මම ගැන කෙමිස්ට්‍රී පන්තියේදි අහලා තිබ්බා.ඒක මට එදාම රෑ යාලුවෙක් කියුවා එදා රැ මට නින්ද ගියේ නැ.කෝම හරි මම ඔයාගෙන් යාලු වෙන්න අහන්න ඕනේ කියලා ඔයාව හම්බ වෙන්න දවස් ගානක්ම ආවා.දවසක් මම ඔයාට දෙන්න චොකලට් එකක් අරන් ඇවිත් හංගලා තිබ්බා ඒත් මේ කාලකණ්නි කොල්ලෝ ටික ඒක හොරෙන් අරන් කාල තිබ්බා අන්තිමට හිස් පෙට්ටිය බැග් එකට දාල තිබ්බා.එදා උන්ව මරන්න තරම් තරහක් තිබ්බත් අද මට ඒ ගැන දුකක් නැ.ඒ උන්ගේ හැටි අනිත් උන්ගේ හැගිම් තෙරුම් ගන්න තරම් හිතන්න හැකියාවක් උන්ට එදා තිබුනේ නැ.

ඊට පස්ස දවසේ මම ඔයාට පොඩි තැග්ගකුත් අරන් ආවා ඒ වැලන්ටයින් ඩේ එක පහු වෙලා දවස් දෙක තුනක් ඇති.මම ඔයාව හම්බ උනේ ඉස්කෝලෙන් පස්සේ එතකොට මගේ තවත් යාලුවෙක් එතන හිටියා මම දැනන් හිටියේ නැ ඒ ගැන මොනවත් ඔයත් එක්ක යාලු වෙන්න ඌත් මට උදව් කරන්නම් කියලා කිව්ව එකෙක්.ඔයාට මම පැත්තකට අඩ ගහන් ගිහින් මෙහෙම ඇහුව්වා

.”සදනි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා “

එතකොට ඔයා කිව්වා “අයියෝ ඔයත් “

රැ තිස්සේ නිදි මාරාගෙන් පුරුදු වුනත් මට ඔයා ඉස්සරහා මොනවත් කියා ගන්න බැරි වුණා සදනී.මගේ පපුව පිපිරෙන්න තරම් වගේ.

මට කියා ගන්න පුලුවන් උනේ “මම ඔයාට අදරෙයි” කියලා විතරයි.

ඊට පස්සේ වෙච්ච දේ අදටත් මට අමතකයි.මට මතක මම  කාටද  මොකක්ද කියලා පයින්ම ගෙදර ගිය බව විතරයි.ගෙදර ගිහින් මම දවසම ඇඩුවා ඒ සුමානෙම මම කැවද නැන්ද කියලවාත් මට මතක නෑ.ඊලග සදුදා ඔයාට මම දුන්න තැග්ග ආපහු එවලා තිබ්බා.ඒ එක්කම ඔයා ඔයාගේ කාමර සගයාත් ගෙදරින් යවලා තිබ්බා.ඒ වැරැද්ද නිවැරදි කරන්න තරම් මම මානසිකත්වයක් හිටියේ නැ.ඔයා මට අකමැති වුනේ මගේ පෙනුම හින්දද ?

මෙච්චර කාලයක් ආශ්‍රයකරලා ඔයා මාව අදුන ගත්තේ නැද්ද ?

යාලුවෝ කිව්ව විදියට මම ඔයා ගැන හිතුවේ නැ.ඒත් අන්තිමට මට ඔයාගේ හිත ගන්න උදව් කරනවා වෙනුවට මාව නොමග යැව්වා ඔයා ගැන බොරු කියලා.මම භාහිරින් ලස්සන නැති වුණත් මම ඔයාට කරපු ආදරය ලස්සනයි පිවිතුරුයි.කොහොමත් කට්ටිය මගෙ පෙනුම විහිලුවකට අරගත්තා අනාගතයේදී අරගනිවී. මම යනකම් ඉදලා මට පිටිපස්සෙන් හිනා වෙන ලෝකෙක මම හිතුවේ ඔයා විතරයි මාව තෙරුම් ගත්තේ කියලා.ඊට පස්සේ මට කොල්ලෝ කොච්චර විහිලු කලාද ? මම එදාත් ඒවා ගනන් ගත්තේ නැ අදත් ඒවා ගනන් ගන්නේ නැ.නමුත් මම කැමති නෑ විහිලුවක් වෙන්න.මමත් හැගීම තියෙන කොල්ලෙක්.

එක බත් පත බෙදාගෙන මම මැරෙන්න වුනත් හිටිය උන් මාව තනිකලා මට දොහී වුනා.අඩනකොට මට ලෙන්සුවක්වත් දෙන්න එකෙක් හිටියේ නැ.මම වැටිලා හිටිය තත්ත්වේ දැකලා උන් හිනා වුනා.ඔයාගේ පින්තුරය මම ඔයා එව්ව එක්කෙනාට දුන්නේ තව ප්‍රශ්ණ ඕනේ නැති හින්දා.එයා ඇවිත් ඔයාට මොනවා කිව්වද දන්නේ නැ.ඒත් මම දන්නවා ඔයා අහිතක් හිතන්නේ නැති බව.මම කවුරුත් නොහදුන අදුරු ආගධයක මම තනි වුණා අන්තිමට මට එලිය වෙලා පාර කියා දුන්නේ මගේ රත්තරන් අම්මා.වචනයෙන් මොනවත් කිව්වේ නැති වුනත් මගේ අම්මා මමත් එක්ක මම විදපු දුක වින්දා කියලා මම දන්නවා.

සදනී මම ඔයාට මොනවා හරි කරානම් මට සමාවන්න.මීට පස්සේ මම ඔයාව පාරෙදී දැක්කම හිනා වෙන්නම් , මමත් එක්ක වචනයක්වත් කතා නොකර යන්න එපා.ඒ කාලේ අපි කරපු දේවල් අතීතය. දැන් අපි ඉන්නේ වර්තමානයේ.මම ඔයත් එක්ක තරහ නෑ ඔයා මමත් එක්ක තරහද ?

 

 

සත්‍ය සිදුවීමක් පාදක කොට ගත්තකි

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. මචං ක්ෂිතිජ, උඹ ආපහු මාව මගේ අතීතයට අරන් ගියා. ඔහොමම නොවුනත් අද ජනප්‍රිය චරිතයක් එදා පුංචි කෙල්ලෙක් වෙලා ඉඳිත්දි “කණ්නාඩියෙන් මූන බලල එන්න” කියල යාලුවෙකුට කිව්ව. එදා ඌ කො‍ටුතාප්පෙ උඩට වෙලා මුළු හැන්දෑවෙම ඇඬුව. කොහොම උනත් අද ඒ දෙන්නම වෙන වෙන ක්ෂේත්‍ර වල නමක් තියන්න පුළුවන් වෙච්ච චරිත. ඒත් ඌ තවමත්…….

    නවම්

    2011 පෙබරවාරි 14 at පෙ.ව. 10:02

  2. පට්ටයි මචන්…. සිරාවටම පට්ටයි….. උබ කියල තියෙන එක හරි මචන්…. පණ දෙන්නම් වගේ ඉන්න යාලුවෝ වැඩි හරියක් ඉන්නේ අපිට වැරදුනාම හිනහ වෙන්න බලාගෙන.මගේ වටේ ඉන්නෙත් වැඩිම හරියක් ඒවගේ උන්.ඒත් අපි අසරණ උනාම අපිට එදත් අදත් අපේ කදුළ, දුක බෙදා ගන්න ඉන්නේ අපේ රත්තරන් අම්මා විතරයි මචන්….. මේක උඹට සිරාවටම වෙච්ච දෙයක් උනත් අතරල දාපන් මචන්.උඹට උපදෙස් දෙන්න තරම් මම මෝරලා නැති උනත් එකක් කියන්නම් දවසක එයට තේරේවි බොක්කෙන් ආදරේ කල කොල්ලෙක්ට දුන්නු වේදනාව..
    උඹට ජය වේවා……!!!

    අපරාජිතයා :::: Aparajithaya

    2011 පෙබරවාරි 14 at ප.ව. 1:43


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: