සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

ඔබත් මිනිසෙකි ,මමත් මිනිසෙකි

with 6 comments

Sinhala alphabet

Image by massdistraction via Flickr

වර්තමානයේ බ්ලොග් අවකාශයේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන පොඩි සටහනක් ලියන්න හිතුවෙමි.මේ සටහනට අදහස් ගොනුකරන්නට නවම් සහෝදරයාගේ “මට ඔබ සමඟ වෛරෙයක් නැත. ඇත්තේ කාලකණ්නි අප්‍රසන්න භාවයකි !” යන ලිපියත් සංහිද පාමුලෙහි “බ්ලොග් ලියන, පලකරන ඔබ සියලුදෙනාටම වැදගත් වන මෙය, මොහොතක් නැවතී කියවන්න” ලිපියත් හේතු වුනි.මේ ලිපි ද්විත්වය මාගේ යම් යම් අදහස් නැවත සලකා බැලීමට යොමුවුනි.

දැනට සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවනයන් රාශ්‍රියක් පවති.ඉන් සමහරක් මැතකදී බිහි වූ ඒවා වුවත් තවත් සමහරක් බ්ලොග් අවකාශයේ අතලොස්සක් වූ සිංහල බ්ලොග් පැවැති සමයේ සිට පැවතෙන එවාය.මා බ්ලොග් රචනයට ප්‍රවිශ්ඨ වුයේ දෙදහස් නවය වර්ශයේ සිටය.මේ මාගේ කීපයක් වූ බ්ලොග් අඩවි අතරින් එකකි.

මට මතක හැටියට පලමුවෙන්ම මට අත්දැකපු බ්ලොග් අවකාශයේ අන්තර් ප්‍රශ්ණය වුයේ දේශපාලන අඩවිත් අදේශපාලන අඩවිත් වෙන් වශයෙන් වර්ගීකරණය කර නිරුපනය කිරීමය.මෙය එතෙක් පැවති බ්ලොග් අවකාශයේ කැපී පෙනන ලෙස පෙනෙන විභේදනයකට හේතු විය.

මෙයම එතෙක් බ්ලොග් කියවන දෙකකට තුනකට පමණ සිමා වී තිබු බ්ලොග් අවකාශයට තවත් බ්ලොග් කියවනයන් කීපයක් එක් කරලීමට හේතූ විය.ඉන් සමහරක් අද තිබු තැන්වත් සොයා ගැන්මට නොහැකි අතර තවත් සමහරක් ඉතාමත් කාර්‍යක්ෂම ලෙස පවත්වාගෙන යයි.

මේ සටහනේ අරමුණ වන්නේ ලාංකීය බ්ලොග් අවකාශයේ ඉතිහාසය ගෙන හැර දැක්වීම නොව බ්ලොග් සටහන් සහ බ්ලොග් කියවනයන් අතර පවතින අන්තර් සබැදියාව පෙන්වීමය.නවම් සහ සංහිද පමුල සමග එකග වෙන මට කිව හැක්කේ බ්ලොග් අඩවිත් බ්ලොග් කියවනයන් අතර පවතින්නේ ඉතා දැඩි බැදීමක් බවය.දැනට පවතින අතොලොස්සක් වූ ජනප්‍රිය බ්ලොග් අඩවි ඇරෙන්නට අනෙක් අඩවි වලට වැඩි වශයෙන් පාඨකයෝ ප්‍රවිශ්ඨවන්නේ මේ බ්ලොග් කියවනයන් හරහාය.එය කටුක වුවත් සත්‍යක්ය.එමෙන්ම බ්ලොග් කියවනයන්ට බ්ලොග් අඩවි නොමැති වූ විට පවත්වාගෙන යා හැක්කේ හිස් පිටු පමණෙකි.

බ්ලොග් අඩවි රචකයන්  වටහා ගත යුතු තවත් දෙයක් ඇත බ්ලොග් කියවනයන් පවත්වාගෙන යන්නන් ඒවා දැනට ඒවා පවත්වාගෙන යන්නේ නොමිලේ දෙන සේවාවක් ලෙසය.ඒවාට පිරිවැය දරන්නේ බ්ලොග් පරිපාලකයන්ගේ පසුම්බිවලනි එසේ නැත්නම් ඒ සදහා අනුග්‍රහදක්වන්නන් ගේ පරිත්‍යාගවලනි.තාක්ෂණය යන්නද සියයට සීයක් පරිපුර්ණ නොවේ.මිනිසා අතරින්ද වැරදි සිදුවිය හැක.එම නිසා මේ කරුණු සියල්ල සැලකීමට ගැනීම බ්ලොග් අඩවි කරුවන්ගේ යුතුකමය.නමුත් මෙය අයුක්තියට අසාධාරණයට එරෙහි නොවිමට කාරණයක් කර ගත යුත්තේ නොවේ.

බ්ලොග් කියවනයන් පරිපාලකයෙනි, බ්ලොග් රචකයන් බ්ලොග් ලියන්නේ විවිධ හේතුන් මත බව සැබෑය.නමුත් බ්ලොග් රචකයන් වශයෙන් ඔබත් මාත් දන්නා කරුණක්නම් බොහොමයක් අප ලබන්නේ ආත්ම තෘප්තිය පමණක් බවය.වෙහෙසකර රාජකාරී අතරතුර ,පාඩම් කටයුතු හෝ අනෙකුත් කාරනා අතරතුර ලැබෙන ඉසබුව අපි මෙයට වැය කරන්නේ අපගේ එම එකාකාරී බව බිදීමට මිස තවත් ප්‍රශ්ණ කුණු කන්දල් ඔලුවට දමා ගැනීමට නොවේ.ඔබගේ බ්ලොග් කියවනයේ කටයුතු විනිවිද බාවයෙන් කරගෙන යා හැකිනම් එය වඩා යෙහෙකි.

අවසානයේ මට කිව හැක්කේ අප සියල්ලෝම පෘත්ග්ජන මිනිසුන්ය.අප කෙලෙස් නිහීන කල රහත් උත්තමයෝවත් දෙවිවරුවත් නොවෙති.

 

 

 

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. දැන් නම් අර මට බැනපු බ්ලොග් සොහොයුරාට ස්තූතිවන්ත වෙන්නත් හිතෙනව. මම හිතුවෙ නැ ඒ ලිපිය මෙච්චර දුරකට යයි කියල. කොහොම උනත් ඒකෙන් උනේ අලුතෙන් හිතන්න පාරක් ඇරිච්ච එකයි. හැමදේම වෙන්නෙ හොඳටයි කියල කියන්නෙ නිකන්මත් නෙමෙයි වගේ.

    නවම්

    2011 පෙබරවාරි 15 at ප.ව. 5:01

  2. සංහිඳපාමුලට ගොඩ උන ඔයාට ස්තූතී, ඔබ හරි සහෝ, හැබැයි ලංකාවෙ නෙමෙයි.
    http://www.sanhindapamula.info/2011/02/hiv-aids-to-z.html#comments
    http://www.sanhindapamula.info

    සංහිඳ පාමුළ

    2011 පෙබරවාරි 15 at ප.ව. 7:47

  3. මොකද ක්ෂිතිජ මේ දවස් වල වැඩි සද්දයක් නැත්තෙ?

    නවම්

    2011 මාර්තු 2 at පෙ.ව. 11:18


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: