සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

ජංජාල කැෆේ සහ කැකිල්ලේ රජ්ජුරුවෝ

with 3 comments

ඩබ්ලිව් ත්‍රී ලංකා  අඩවියේ පසුගිය සටහන් දිවයින පුවත්පතේ පුවතක් උපුටා දක්වා සිටියේ කුරුණැගල ප්‍රදේශය තුල අවුරුදු දහ අටට වඩා අඩු වයසේ පසුවන්නන්ට අන්තර්ජාල පහසුකම් සපයන ස්ථානවලට ඇතුලු වීමේදී බලාත්මක කර තිබු “පොලිස් ” නීතියක් පිලිබදවයි.

මදක් පසු වී හෝ මෙවැනි ජංජාල කඩ කෙරෙහි අවධානය යොමු වීම යෙහිකි.ජංජාල කඩ එසේත් නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ යන අරුමෝසම් නාමයෙන් හදුන්වන ලබන අන්තර්ජාල සේවා හපයන මෙවැනි මධ්‍යස්ථාන බොහොමයක් තුල සිදුවන දෑ පිලිබද මේ සටහන කියවන පාඨකයන්ට එතරම් ආගන්තුක නොවේ.

නමුත් අද  මෙම සටහන වෙන්වනුයේ එම විගඩම් ගැන කතා කෙරුමට නොවේ.

උක්ත අඩවියේ සටහන් වූ ප්‍රවෘතිය අනුව එම පොලිස් අධිකාරීතුමා අන්තර්ජාලය සපයන ස්ථානයන්තුලට අවුරුදු දහ අටට වඩා අඩු පුද්ගලයන් ඇතුල්වීමේදී පිලි පැදිය යූතු නීතී පද්ධතියක් හදුන්වා දී ඇත.මෙහි සාකච්ඡාවට භාජනයක කලයුතු කරුණු කීපයක් ඇත.එනම් නිතීය(පාර්ලිමේන්තුව හෝ වෙනත් පාළන ඒකක විසින් අනුමත කරන ලද පනත් මගින් ) හා සාමය ස්ථාපිත කිරීම සදහා පිහිටුවා ඇති පොලිසිය වැනි ආයතනයක් නව දිගු කාලීන නීතී හදුන්වා දීම කොතරම් රටේ පවතින නීතියට අනුකූලද යන්න පිලිබදවයි.

මා දන්නා පරිදී පොලිස් දෙපාර්තමේන්තුවට රඨ වාහන සහ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා කෙටි කලකට බල පවත්වන පරිදි නීතී අනුමත කරන ආයතනයකින් හෝ උසාවි නියෝගයකින් තොරව නීතී හදුන්වා දිය හැක.නමුත් මෙම නීතිය හදුන්වා දී ඇත්තේ රටේ පවතින නීතී පද්ධතියෙන් භාහිරව බව පෙනේ එම නිසා මේ නව නීතියෙත් මර්වින් ගොයියාගේ එලවළු පොල්ලෙත් මහ ලොකු වෙනසක් නැත.මෙය රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලඝනය කිරීමක් නොවන්නේද ?

මොහොතකට මෙම නීතිය රටේ බලපවත්නා නීතියට අනුකූල යයි උපලක්පනයක් කරමු.මෙම නීතිය අනුව මෙය බලපැවැත්වෙන්නේ පාසල් ලමුන්ටය.ඩබ්ලිව් තුන කතුවරයා සදහන් කරන පරිදි තොරතුරු සහ දැනුම වෙත ලමුන්ට ලගා වීමට ඇති අයිතිය උදුරා ගැනීමකි.එය එසේ වූවත්  ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අනුව ලමුන්ට අවශ්‍ය දේ සියල්ල පෙල පොත් වල අච්චු ගසා ඇත.ලමුන්ට අවශ්‍ය වන්නේ එම පොලපොත් පත අටට සිදවා යහමින් සීනී දමා බීම පමණි.දැනට පවතින මුදිත මාධ්‍යත් ගුරුවරුත් අද පාසල් ලමුන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ පරම පැතුම වන “විභාග ගොඩ දා ගැනීමට ” ප්‍රමාණවත්ය.

එසෙනම් ජංජාල කඩ කෙරෙහි ලමුන් මෙතරම් ආකර්ෂණය වන්නේ මක් නිසාද යන්න සැලකිය යුතු කරුණකි.බොහොමයක් ලමුන් තම පාඩම් කටයුතු සදහා අවශ්‍ය තොරතුරුත් , විනොදාංශ ( මූණපොත , බ්ලොග් කරනය , ක්‍රීඩා ) සහ සංනිවේදන ( වි- තැපෑල ) සදාහා අන්තර්ජාලයේ පිහිට පතන බව අමුතුවෙන් කිවයුතු නැත.එමෙන්ම තවත් ලමුන් තම දැනුම පිපාසය ( අධ්‍යාපනික නොවන කරුණු සහ අතිශ්‍ය පෞද්ගලික සමහර විට ලිංගික කරුණු ) සංසිදවා ගැනීමට අන්තර්ජාලය භාවිතා කරයි.බොහොමයක් වූ මෙවැනි ජංජාල කඩ පිහිටා ඇත්තේ නගරයේ අදුරු මුලුවලය.අවිධිමත් ලෙස කලමණාකරනයකින් යුක්ත මෙවැනි ස්ථානවල බොහොමයක් විට සිදුවන්නේ එම ස්ථානයට නියමිත කරුණු නොවන බව කීමට අවශ්‍ය නැත.

මේ සදහා අදාල පාර්ෂවයන් හෝ පොලිස් නිලධාරියා(ඔහුට බලය ඇත්නම් ) ගත යුතුව තිබුනේ ලමුන්ට නිතී දැමීම නොව මෙවැනි ජංජාල කඩ තුල සිදුවන අකටයුතුකම් නැවත්වීම නොවන්නෙද ? මේ සදහා අඩුම තරමේ ක්‍රමවත් ලෙස ජංජාල කඩ ලියාපදිංචිකර එවා යම් ආකාරයක ප්‍රමිති කරනයකට භාජනය කලේ නම් මෙලෙස කැකිල්ලේ නීතී දැමීමට අවශ්‍ය නොවන බව ලේඛකයාගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ නීතී පද්ධතිය හමුවේ තමාගේ හෝ නිරුවත් පිංතූර ලග තබා ගැනීම අපරධයක් ලෙස හදුන්වයි.තරුණ ලමුන් විශේෂයෙන් අවුරුදු 12 සිට 20 දක්වා වූ ලමුන් ලිංගිකත්වය , නිරුවත කෙරෙහි දක්වන උනන්දුව අති මහත්ය.එයට හේතුව මිනිස් සිරුරේ සිදුවන කායික සහ මානසික පරිනත වීමේ ක්‍රියාවලියයි.එය ඔබටත් මටත් සැමටත් එකසේ පොදුය.එය එසේ නොවන්නේනම් වෛද්‍යවරයකු හමුවී උපදෙස්ගත යුතුතරම් ප්‍රශ්ණයකි.

වැඩිහිටියන්ගෙන් හෝ අදාල පුද්ගලයන්ගෙන් තමාට අවශ්‍ය දැනුම එසේ නැත්නම් තමාගේ කුතුහලය සංසිදවා ගැනීමට නොහැකි වූ කල ළමුන් පෙලබෙන්න ඊලග හොදම දෙය වෙන පත් පොත්ය එසේ නැත්නම් අන්තර්ජාලයයි.මොවුන්ට අවශ‍ය වන්නේ දැඩි නීතී රීතී නොව නිදහසේ තම කුතුහලය එසේ නැත්නම් මේ “ප්‍රසිද්ධියේ කතා නොකල  යුතුයයි සම්මත ” දේ පිලිබද කතා කිරීමටය.ඒ සදහා මෙවැනි දෙකයි පනහේ අදහස්වලට වඩා පරිනත වූ අදහසක් අවශ්‍යයි.නමුත් තරුණියකට තමාගේ සැමියාගේ අතින්වත් අල්ලාගෙන පාරේ යා නොහැකි සමාජයක මෙවැනි දෙයක් කොතරම් ප්‍රායෝගිකද යන්න ගෙන එන්නේ තවත් එක් ප්‍රශ්නාර්ථයක් පමණි.

Advertisements

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 5 at ප.ව. 2:29

3 Responses

Subscribe to comments with RSS.

  1. කාලෙකින් කියවපු හොඳ ලිපියක්. ඕවාට ඉන්ටෙර්නෙට් කැෆේ කියනවට වඩා ඉන්ටර්නෙට් ගුබ්බැයම් කිව්ව්නම් තමයි හරි. බොහෝමයක් අන්තර්ජාල සේවා සපයන ආයතනවල පරිගනක තබා ඇත්තේ තනි තනි වශයෙන් ආවරණය කරපු කුටි තුල. ඒ ඇයි කියල නොදන්න කෙනෙක් නෑ. ෆයර්වෝල් දමා අසැබි අඩවි සීමා කර ඇති කැෆේත් නැත්තේ නෙමෙයි, බහුතරයක් ඇදෙන්නෙ තොරතුරු සොයා නොවෙන නිසා ඒ ආයතන වල ආදායම පහතයි. ඕකට උදාහරන දෙකක් විදියට බො‍රැල්ලෙ සුපිරිවෙලඳ සංකීර්ණයේ සහ නුගේගොඩ ආශ්‍රිතව පවත්වාගෙන යන අයතන දෙකක් දක්වන්න පුළුවන්.

    ළමුන් ඉන්ටර්නෙට් කැෆේ අයුතු ලෙස භාවිතාකිරීම වැලැක් වීමට පාරිභෝගිකයන්ට නීති නොදමා සේවා සපයන ආයතන වලට යම්කිසි සදාචාරාත්මක නීති පද්ධතියක් හඳුන්වා දීම කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනවශ්‍ය ලිංගික කුතුහලය අවම කරන්න වෙනත් අධ්‍යාපනික වැඩසටහන් පාසල් මට්ටමෙන් පටන් ගන්න පුළුවන්. ඒත් ඉතිං ඇතැම් පාසල් වල ප්‍රජනන සෞඛ්‍ය පාඩම උගන්නන්න අතපසු කරන ගුරුවරුන් ඉන්නකන් ඒකත් ඉතාමත් අපහසු දෙයක්. හේතුවට උත්තර හොයන්නෙ නැතුව ක්‍රියාවට නීති පැනවීම සාර්ථක විසඳුමක් නෙමෙයි.

    නීති ගැන මම නොදන්නව උනාට, මෙහෙම එක එක පුද්ගලයන්ගේ පෞද්ගලික හිතුමනාපකම් මත රටක ප්‍රාදේශීයව හෝ නීති පැනවීම මහා විනාසයකට අත වැනීමක් වෙන්න පුළුවන්. ඔය නිළධාරියා ආදර්ශයට අරන් අනෙකුත් අයත් ඔහොම නීති පනවන්න පටන්ගත්තොත් සම්මත නීතිය බල්ලට යයි.

    නවම්

    2011 මාර්තු 6 at ප.ව. 5:07

  2. Hay dude this is a useless post so what you say this bullshit

    LookUp

    2011 මාර්තු 7 at ප.ව. 2:15


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: