මංගල ගවුම
රසිකාගේ දෙනෙතෙන් කදුලු දහසක් කඩා වැටේ එය වෙන්විමේ ශෝක කදුලුවලට වඩා ඇත්තේ බලාපොරොත්තු කඩවීම නිසා නැගෙන කදුලුය.සමන්ගේ මුහුනෙන් වෙහෙසකර ස්භාවයක් පෙන්වයි.ඔහුගේ හිත් පතුලේ ඇති දෙය මුහුණේන් ප්‍රකාශ නොවුනත් ඔහුද මින් මොහොතකට පෙර සිදුවූ ක්‍රියාකලාපය නිසා සිත් තැවුලට පතව සිටි.
අද ඔවුන්ගේ විවාහ දිනයයි.අවුරුදු කීපයක් පෙම්සුව විදීමෙන් අනතුරුව දෙපාර්ෂවයේම ආශිර්වාදය ඇතුව ඔවුන් විවාහ වීමට කටයුතු සුදානම් කලේ බොහෝ කල් සිටය.මංගල දවසේ ඉදිකටුවේ සිට සියලු දේවල් රසිකාත් සමන් සැලසුම් කලේ බොහෝ කල් සිටය.අතර මැදදී දෙපක්ෂයේ වැඩිහිටියන්ගේ බලපැම් මත සමහර වෙනස්කම් වූවත් සම්පුර්ණ උත්සව කටයුතු මනාල යුවලගේ අදහස් පරිදි සිදු විනි.එයට මුලික හේතුවක් වුයේ රසිකාගේ සහෝදරයන් දෙදෙනාට ඒවා සදහා මැදිහත් වීමට හැකියාවක් නොමැතිවීමය.නමුත් ඒ අඩු පාඩුව මග හරිමින් රසිකාගේ පිය පාර්ෂවයේ මාමලා සහ බාප්පලා කටයුතු කලේ රසිකාගේ හදිස්සියේ වියෝ වූ පියානන්ගේ අඩු පාඩුවත් මහ හරිමිනි.
වැඩිහිටියන්ගේ තීරණ නිසා රසිකාගේ සහ සමන්ගේ සමහරසැලසුම් ලත් තැනම ලොප් වූවත් ඔවුන් එය විද දරා ගත්තේ වැඩිහිටියන්ගේ සිත් රිදවීමට ඇති නොඇකමත්තහ් ඔවුන් මැදිහත් වීමකින් තොරව විවාහ උත්සවය සාර්ථකව කර ගැනීමට නොහැකි වෙන නිසාය.කෙසේ හෝ අවසානයේ ඔවුන්ගේ විවාහ දිනය එලබුනි.දැන් ඇත්තේ මනාල යුවල ආහාර ගෙන ගමන පිටත් වීම සදහා ලක ලැස්තී විමයි.නැකත් චාරිත්‍ර ඉහලින් අගය කල පවුලේ සියල්ල මනාල යුවල නැකතෙන් එලියට බස්වා මිදුලේ තැනු මන්ඩපයක සිදෙව්වාය.
මංගල දිනය සැලසුම් කරන දින සිටම රාසිකාගේ පැතුම වී තිබුනේ පිටත් වීම සදහා වෙනත් ඇදුමක්(going away dress) ඇදීමය.නමුත් කාල වෙලා අතර සිදු වූ ප්‍රශ්ණයක් නිසා ගෙදරින් පිට වීමේ නැකතට පෙර එය තෘප්ත කර ගැනීමට නොහැකි විය.මනාල යුවලගේ තීරණය වුයේ අසල නිවසකට ගොස් නව ඇදුම ඇද පැලද නැවත පැමිනීමය.
මහා භාරතයේ යුද්ධය ආරම්භ වුයේ එවිටය.මනමාලිගේ පාර්ෂවයේ නැන්දා කෙනෙකු මහ හඩ නගිමින් බනින්නට පටන් ගත්තාය එවිටම මානල පාර්ෂවයෙන්ද නිවසින් පිටවී යනවාට විර්ද්ධත්වය ප්‍රකාශ විය.මේවට මුලික හෙතුව වූයේ හතර වරිගේ කතා පැවත්වීම සදහා කාලය මද වීමත්ය එය චාරිත්‍රවලට එක හෙලාම විරුද්ධ බව කීම නිසාය. දහස් ගණන් වියදම් කර සිය ගනන් නැවත නැවත හීන දකිමින් සිටි පිටත් වීමේ ඇදුම් සිහිනය තත්පරයකින් විනාශ වුනි.මනමාලිගේ දෙකපුල් ඔස්සේ නොනවතින කදුලු ගලායන්ට ඇරඹුනි.
අවසානයේ මධය්‍යස්ථව කටයුතු කරන න්‍යාතියකු විසින් මැදිහත්ව නිවසෙන් වෙන්ව පිහිටා තිබු කුස්සියේ මනාල යුවල අදාල ඇදුමෙන් සැරසී මංගල සභාවට පැමිනියේය.ඉන් මත්තේ එලබුනේ කතා පැවත්වීමය, පැය දෙකක් තිස්සේ මනාල සහ මනාලි පාර්ෂවයේ නැදැයන්ගේ වගතොග ප්‍රකාශ කර සහ පිටත් වීමේ ඇදුම සම්බන්ධයෙන් ආඩ පාලි ඇසීමෙන් අනතුරුව සවස පහට පමණ මනාල යුවල නිවසෙන් පිටව ගියේය.පෙරදින රෑ නිදාවැරීමත් දවස තිස්සේ විඩාවත් කරන කොට ගෙන මංගල යුවල පසු වුයේ ඉතාමත් වෙහෙසකාරී මෙන්ම අසහනකාරි තත්ත්වයකය.එවැනි අවස්ථාවක මෙවැනි පිඩාකාරි තත්ත්වයන් හේතු වුයේ දැඩි අසහනකාරී තත්ත්වයකට මිස වෙනකට නොවන බව නිසැකය.
කෙනෙකුගේ ජිවිතයේ විශේෂයෙන්ම තරුණියකට විවාහ දිනය යනු ඉතා වැදගත් අවස්ථාවකි.එවැනි අවස්ථාවන් තමන්ගේ හිතැගි පරිදි ඉටු නොවුනොත් එය දෙපක්ෂයේම හිත් තැවුලට හේතු වෙයි.ක්‍රමවත් සැලසුමකින් තොරව සහ අනවශ්‍ය ඇගලි ගැසීම් මෙවැනි තත්ත්ව තවත් ව්‍යාකූල කරයි.එමනිසා මෙවැනි වැරදි අවම කර ගැන්ම උපරිමයෙන්ම කලයුතුය.
මෙය සත්‍ය කතාවක්ය.
පසු සටහන :-මා විශ්වාෂ කරන පරිදි කර කාර මංගල්‍යකදී වඩා වැදගත් වන්නේ චාරිත්‍ර වාරිත්‍රවත් , නැදැයන්වත් , සංගිතයවත් , මීවිතවත් නොව මනාල යුවලත් ඔවුන්ගේ සතුටයත්ය.නමුත් අද ඇත්තෙන්ම සිදුවන්නේ එයද ?
බොරු කියන්න එපා මම ඒක හින්දා නෙමේ ඇඩුවේ.ඔයා නරක සමනලයෙක්
රසිකා
2011 මාර්තු 8 at පෙ.ව. 8:12
අඩෝ තෝ වගේමයි තෝගේ කතා පල පෙරේතයා
සමන්
2011 මාර්තු 8 at පෙ.ව. 8:13
Respect Other
Anon
2011 මාර්තු 8 at පෙ.ව. 8:40
මචෝ උඹේ හෙන පෝස්ට් ගොඩක් මට මිස් වෙලා බං… හිටපං මේ දැං කියවනවා.
ගෝල්ඩ් fish
2011 මාර්තු 8 at පෙ.ව. 8:34
ela ela mahang
ක්ෂිතිජ විජේමාන්න | විත්ති
2011 මාර්තු 8 at පෙ.ව. 11:47
අද මගුල් ගෙවල් හුගක් වෙලාවට අනවශ්‍ය පරිදි සංකීර්ණ වෙලා තියෙනවා.ඒක සංකීර්ණ වෙන්න හේතුව ඕන එකයි එපා එකයි ඔක්කොම රෙද්ද අස්සේ ගහ ගෙන යන එක.ඕකට ඉතින් පරණ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයි ටිකක් උදව් වෙනවා.අද මංගල සභාවේ ඇසෙන්නේ පම්පෝරිය මිසක් නව යුවලට අවශ්‍ය උපදෙස් නෙමේ නේ
Anon
2011 මාර්තු 8 at පෙ.ව. 8:39
මඟුල් ගැනනම් කතා කරන්න එපා මචං. හම්මෝ මගෙ මඟුලෙ මං කාපු කට්ටක්. පණ්ඩිත නෑදෑයො ඉන්නකන් හිතේ හැටියට මඟුලක් ගන්න බෑ. චූටි මැණිකෙගෙ ගොයින් අවේ ඩ්‍රෙස් එකට ලෑස්ති කරපු නෙක්ලස් එක නොකෙක්ද එකෙක් නැතිකරල, බොකේ එකේ හෙනම අවුලක් කරල. මං කන්දෙකෙන් දුන් දම දම උන්නෙ. ආයිත් නෑ මං එකෙක්ටවත් මංගල කතා තියන්න දුන්නෙ නෑ. ආයෙ මෙච්චර කරල මොන කතාද තව. හැබැයි ඒ සේරම කලේ කාගෙවත් හිත් රිද්දන්නෙ නැතුව. මොකෝ ඔය නෑදෑයෝ ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක්නෙ.
නවම්
2011 මාර්තු 8 at ප.ව. 3:43