සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – දිග හැරුමක්

with 15 comments

Technicians prepare a body for cryopreservation.

Image via Wikipedia

කොහොමද මරණින් මතු ජීවත් වෙන්න හම්බවුනොත් කොහොමද මැරිලා අවුරුදු දාහකට පස්සේ නැවතත් මේ ලෝකයට එන්න හම්බ වුනොත් මම මේ කියන්නේ පුනුරුත්පත්තිය ගැනනම් නෙමේ.මේ ජිවිතෙදිම කරන්න පුලුවන් කියන දෙයක් ගැනයි.මේ ලිපිය අපේ සත් සමුදුරේ පලවූ “විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century” ලිපිපෙලෙහි දිග හැරුමක් කියලා කියන්න පුලුවන්.දිනේෂ් දීපාල් සහෝදරයා මේ ලිපිවල සිරුරු කල්තබා ගැනිමේ එක පැතිකඩක් ගැන පමණක් කතා කරලා තිබුණා.හැබැයි මම හිතන්නේ ඒ සොයුරාට තව පොඩි විස්තර ටිකක් මග හැරුණා වගේ.

මරණයෙන් මතු ජීවිතය ගැන මුලින්ම අපිට ඉතිහාසයේ සටහන් හමුවන්නේ ඊජිප්ත්තුවේ ඊට පස්සේ විවිධ ශිෂ්ඨාචාර වල මේ ගැන සදහන් වෙලා තියෙනවා.නූතනයේ මරණයෙන් මතු ජීවත් වෙන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා.මට මේ වේලාවේ මතක් වෙන්නේ අපේ රටේ ජීවත් වුණ අද්වතීය පුද්ගලයෙක් වෙන ආතර් සී ක්ලාර්ක් මහතා එතුමා ගේ ප්‍රබන්ධ කීපයකදීම මේ ගැන සදහන් වෙනවා.එක් සටහනක් වෙන්නේ3001: The Final Odyssey හි ෆ් රැන්ක් පෝල් ( 2001: A Space Odyssey කෘතියේ හල් විසින් යානයෙන් ඉවත් කරපු ) නැවත හමුවෙලා පණ ගන්වපු ආකාරය.මට මතක හැටියට තවත් සටහනක් වන්නේ The Songs of Distant Earth හී තෙලෙස්සියන් කෙනෙක් වූ මියගිය කුමාර් නැවත පණ ගැන්වීමට පුලුවන් බව ප්‍රකාශ කිරිමයි හැබැයි ඒ සදහා සගාන්2 වෙත යාමට සිදුවෙනවා.තව දෙයක් එතුමා ශිශිරතාරක නින්ද (cryonic suspension)කියන සංකල්පය ඉදිරිපත් කරලා තියෙනවා නමුත් මේම සංකල්පය සියයට සීයක් මමීකරණය සමග නොගියාට ටිකක් සමීප සංකල්පයක්.

මේ වගේ මත විද්‍යාඥයන් ගොඩ දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා හැබැයි එකක්වත් සාර්ථක අත්හදා බැලීමක් කරලා නෑ නමුත් විද්‍යාඥයන්  විශ්වාෂ කරනවා යම් ක්‍රමවේදයකට භාජනය කරන ලද සිරුරක් නැවැත පණ ගැන්වීමට අවශ්‍ය තාක්ෂණය අනාගතයේදී හොයා ගනීවී කියලා.ඉතින් ඔන්න ඔතෙන්ට තමා නූතන මමීකරණය කියන සංකල්පය එහෙම නැත්නම් Cryonics කියන සංකල්පය එන්නේ.

මේ සංකල්පය අනුව යම් ජිවී සෛලයක් (ජීවියෙක් ) අඩු උශ්ණතවයේ තබා කලක් ගත වූ පසු නැවත පණ ගැන්විය හැකිය යන්න විශ්වාෂ කරනවා නමුත් මේ පණ ගැන්වීම වර්තමානයේ පවතින තාක්ෂණය අනුව කරන්න බැ.ඒ නිසා ඒ වැඩ කොටස අනාගතයේ ඉන්න විද්‍යාඥයන්ට භාර දෙනවා.

මෙන්න මෙහෙමයි ඔය කටයුතු සිද්ධ වෙන්නේ.යම් පුද්ගලයකු (අපි හිතමු මේ පුද්ගලයා මේ සදහා අවශ්‍ය කටයුතු කලින් සම්පාදනය කරලා තියෙනවා කියලා )මිය ගියාම (නීතිමය කටයුතු කරලා ඉවර වුණාම ) අදාල තාක්ෂණවේදීන් මිය ගිය පුද්ගලයාට කෘතිම ලෙස ඔක්ෂිජන් සම්පාදනය කරලා සිරුරේ කටයුතු පවත්වාගෙන යනවා එතකොට සෛල මැරෙන එක වැලෙකෙනවා.(මොලයට ඔක්ෂිජන් නැතුව ටික වෙලාවක් ඉන්න පුලුවන් ).ඊට පස්සේ කරන්නේ සිරුර විශේෂ සෛල්‍යාගාරයකට ගෙන යනවා ඒ කාලය තුල සිරුර තියෙන්නේ ඉතාමත් සීතල කරපු පරිසරයක් ඔය අවස්තාවේදි රුධිරය ස්පටිකරණය වීම වැලැක්වීමටත් මොලයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමටත් බෙහෙත් දෙනවා.

සිරුර නියමිත විශේෂිත ශෛල්‍යාගාරයට ගෙන ආවට පස්සේ තමා සංරක්ෂණ ක්‍රියාවලිය ආරම්භවෙන්නේ.මුලින්ම කරන්නේ සිරුරේ තියෙන වතුර ඉවත් කරන එක ඒ කියන්නේ අපේ සිරුරේ තියෙන රුධිරය ඉවත් කරලා රුධිරය වෙනුවට වෙනත් විශේෂයෙන් පිලියෙල කරන ලද සංයෝගයක් (cryoprotectant)ඇතුලත් කරනවා.මෙයින් සිදු වන්නේ අඩු උශ්ණත්වයේදී ශෛල ස්පථකිකරනය විම වැලක්විමයි.මෙහි ප්‍රතිපලයක් ලෙස ශෛල නිද්‍රා තත්ත්වයට පත් වෙනවා.

ඊට පස්සේ කරන්නේ සිරුර පවතින උශ්ණත්වය සෙල්සියස් අංශක ඍන එකසිය තිහක් දක්වා උශ්ණත්වයකට අඩු කරන එකයි.අන්තිමට කරන්නේ සිරුර සෙල්සියස් අංශක ඍන එකසීය අනුවක පවත්වාගෙන යන ද්‍රව නයිට්‍රජන් ටැංකියක ගබාඩා කරන එකයි.අන්තිමට මෙවැනි ටැංකි රාශියක් ඉතාමත් ආරක්ෂිත අන්දමින් සුරක්ෂිත කරලා තියෙනවා අනාගතයේදී නැවත ගැනීමට.මෙම ක්‍රියාවලිය දවසින් දෙකෙන් කරන එකකක් නෙමේ ඒකට සුමාන ගානකුත් විශේෂඥ කාණ්ඩායමකුත් අවශ්‍ය වෙනවා.

දැන් ඔය ගොල්ලන්ට හිතෙනවා ඇති මේක හැමෝටම කරන්න බැරි දෙයක් කියලා නැ මේක ඔය ගොල්ලන්ට උණත් කරන්න පුලුවන් හැබැයි වියදම තමා සැර වැඩි.මෙම ක්‍රියාවලියට අඩුම ගානේ ඩොලර් එක් ලක්ෂ පනස් දාහක්වත් යනවා (සම්පුර්ණ සිරුර සදහා ) මොලය පමණක්නම් ඩොලර් පනස්දාහකින් කරගන්න පුලුවන්.

ඔය ගොල්ලන්ට වැඩි විස්තර අවශ්‍යනම් මේ සයිට් එකේ බලන්න

http://www.alcor.org

මෙන්න මම පිංතුර ටිකකුත් දානවා කරන ආම්පාන්න ගැන.යට වීඩියෝ එකත් බලන්න ඒකෙත් විස්තර තියෙනවා.

Operating room at Alcor Life Extension Foundation

Operating room at Alcor Life Extension Foundation

A surgeon at Alcor performs initial procedures to gain access to a patient's vascular system, preparing for the vitrification process.

A surgeon at Alcor performs initial procedures to gain access to a patient

Following vitrification, patients are placed in individual aluminum containers.

Following vitrification, patients are placed in individual aluminum containers.

Following vitrification, patients are placed in individual aluminum containers.
Each aluminum container is placed in a

http://www.youtube.com/watch?v=MuLjw8Arm88

මේ ලිපියට මුල් වූ සත්සමුදුරේ සටහන්

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – පලමු කොටස

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – දෙවන කොටස

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. බොහොම ස්තුතියි.කොටි දෙකහමාරක් දෙන්න පුලුවන්නම් මම මැරෙන්න කලින් හොදට ජීවත් වෙනවා

    කියවන්නෙක්

    2011 මාර්තු 10 at ප.ව. 12:44

  2. Hay dude throw away this useless post.This is stupid

    Gota

    2011 මාර්තු 10 at ප.ව. 3:13

  3. ගොඩක් හොද ලිපියක්

    sameera

    2011 මාර්තු 11 at ප.ව. 3:44

  4. මම ඇත්තටම සතුටුවෙනවා මම සටහන් තැබූ ලිපිය තවත් ඉදිරියට ගෙනහිල්ල අද වෙනකොට මේ ගැන මොකක්ද තියෙන ප්‍රවණතාවය කියන එක පෙන්වා දුන්නට. ඔබ කියන එකේ යම් ඇත්තක් තියෙනවා. මට මේ කොටස මඟහැරීමක් සිදුවුනාම නෙවෙයි. මම උවමණාවෙන්ම එම කොටස මේ කොටස් දෙකටම ඇතුළු ‍නොකරේ ලිපියේ අන්තර්ගතයට යම් හානියක් වේදෝ යන සැකයෙන්. මොකද ලෝකයේ ප්‍රධානම සමාජවාදී රටවල තමයි මේ තම නායකයාගේ සිරුර කල් තබා ගැනීම සිද්ද කරල තියෙන්නේ. මම Eva Peron ගැන මුලින්ම හිතාගෙන හිටියේ බොහොම කුඩාවට කතා කරන්න. නමුත් ඒ සංසිද්ධියට යොදා ගත්ත ක්‍රමය අනෙක් අවස්ථා හකරට වඩා වෙනස් නිසා ඒක ගැනත් කතා කරා.

    මම ඔබ කියන මේ නූතන ක්‍රමය ගැන යම් තාක් දුරකට පමණක් දැන සිටියා. නමුත් මම ඒ ගැන සටහන් කරන්න ගියා නම් ඇත්තටම මට හිතෙනවා ඔබ තරම් සියුම් ලෙස ඒ ගැන කතා කරයිද කියලත්. ඉතා විශිෂ්ඨ ලෙස ඔබ මේ සටහන තිය තිබෙනවා.

    ඒ ගැන මම නැවතත් ඔබට සුබ පතන අතරම මම මේ ගැන දන්න සුළු කා‍රනේකුත් කියන්නම්. ඔබ සමහරවිට දන්නවත් ඇති Aristotle Onassis කියල ධන කුවේරයෙක් හිටියා මට මතක හැටියට ආර්ජන්ටිනාවේ අනිත් පැත්තකින් ගත්තොත් ඔහු තමයි ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිතුමා විවාහ වෙල සිටිය Jacqueline Kennedy පසුව විවාහ වෙච්ච පුද්ගලයා. ඔහුගේ පුතා හදිසි අනතුරකින් අකාලයේ මිය යනවා. මම ලිපියක දැක්කා ඒ මැරිච්ච පුතාගේ සිරුරත් ඔබ කියන තැනට වෙන්න ඇති භාර දීලා තියෙන්නේ යම් දවසක මිය ගිය අය නැවත උට්ඨානය කරන්න පුළුවන් වේවි යන විශ්වාසයෙන්.

    තරහ වෙන්න එපා ඔබගේ ඉඩ මම ගත්තට ලොකු විස්තරයක් කියන්න. ඔබත් පුළුවන් වෙලාවට සත් සමුදුරට ගොඩවෙන්න. අපි ඉදිරියේදිත් කතා කරමු.

    ස්තූතිය!

    • බොහොම ස්තුතියි ඔබේ වටිනා කොමෙන්ටුවට ඒ වගේම මම අලුත් කරුණු වලට මට මතක විදියට ලංකාවෙත් ඔහොම දෙයක් කරා කියලා අපේ තාත්තාලා කියනවා මම අහල තියෙනවා බණ්ඩාරනායක් මහත්තයාගේ සිරුරට නමුත් ඒ වැඩේ හරි ගිහින් නැතුව පස්සේ සිරුර සමාධියේ තියලා සීල් කලා කියලා.

  5. පිස්සු හැදෙනවා සහෝ….. මාරම මාර පොස්ට් එකක්…. මට උබේ ගොඩක් ලිපි මිස් වෙලා එක්සැම් එක හින්ද.දැන් කියවන්න ඕනා.

  6. මරණින් මතු ජීවිතය කියනවාට වඩා මරණින් මතු සිරුර ආරක්ෂාව කීම වඩා සුදුසු නැද්ද? මිනිස් සිරුරක වැදගත්කම අපි ලස්සන සිරුරට දෙන්න වඩා කැමතියි. අපිට දක්ෂ මොළය අමතක කරන්න ඉතා පහසුයි. මොළය වැඩ කරන්නෙ නැත්නම් එතැන ප්‍රාණයක් නැහැ. එහිදී ඇත්තෙ ගෘහ මූලිකයෙක් නොමැති හිස් නිවසක් පමණයි. ඒ හිස් නිවසට නැවත ප්‍රාණයක් ඇතුල් කරගන්න හැකියාව ලැබිච්ච දාට අපට මරණින් මතු ජීවිතය ගැන කතා කරන්න පුළුවන් වේවි!!!

    arunishapiro

    2011 මාර්තු 12 at ප.ව. 7:56

  7. මචං මට මේ සීන් එක කරගන්න නෙමේ දැනගන්න මාර ආසයි. ‍ඒක නිසා පුළුවන්නම් තව ටිකක් මේ ගැන ලියපං.

    සිරා ලිපියක් .

    (ලියලා මගේ එකට කමෙන්ට් එකක් දාන වෙලාවක යටින් පොඩි නෝට් එකක් දාපං මචං)

    ගෝල්ඩ් fish

    2011 මාර්තු 14 at ප.ව. 9:59


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: