සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

ලිස් ටේලර් ගේ ලංකා ගමන

with 7 comments

Cover of "Elephant Walk"

Cover of Elephant Walk

එලිබෙත් ටෙලර් යනු ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ මෙන්ම ලෝක සිනමාවෙත් මහත් පෙරලියක් කල නිලියක් කියලා හදුන්වන්න පුලුවන්.හතලිහේ දශකයේ සිට අද දක්වා ඉතාමත් වටිනා සේවයක් සිනමාවට මෙන්ම අනෙත් අයට විශේෂයෙන්ම ඒඩ්ස් මැඩ පැවත්වීම වගේ ක්‍රියාවලීන් සදහා ඇය ලබා දුන්නා.

මෙම ලිපියේ අරමුණ වන්නේ ඇගේ චරිතාප්‍රදානය ලිවිමට නෙමේ.එලිබෙත් ටෙලර් යන විශ්ව සම්මාන ලාභී නිලිය විසින් ලංකාවේ ඉතිහාසයේ ඇගේ ආගමනය  සටහන් කල බව දන්නේ ඉතාමන් අතොලස්සක් බව නොරහසකි.අතැම් අය කියන්නා මෙන් “පර සුද්දියක් ” ලංකාවට පැමිණීම මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

Robert Standish නම් ලේඛකයා විසින් රචිත ‘Elephant Walk‘  කෘතිය ආශ්‍රයෙන්  එම නමින්ම 1950 දී පැරාමවුන්ට් ආයතන විසින් නිපදවන ලද සිනමා නිර්මාණය එදාට පමණක් නොවේ අදටත් ශ්‍රී ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම විදහාපාන්නකි.

කතාව ගෙතී පවතින්නේ ශ්‍රී ලාංකාවේ ජීවත් වෙන එංගලන්ත ජාතික වැවිලි කරුවෙකු හා විවාහ වන එංගලන්ත යුවතියක(එලිසෙබෙත් ටෙලර්) වටාය.ඇය එහිදී ඇගේ ස්වාමියාගේ වත්තේ පිහිටි බංගලාවකට යයි ඉන්පසු ඇයa දැන ගන්නේ එය අලි ගමන් ගන්නා මාර්ගයක (අලි මංකඩක ) පිහිටා ඇති බවයි.මේ ආශිත්‍ර සිදුවීම් පෙලක් වටා මෙම කතාව ගෙතී පවතී.

පසුගිය මාර්තු විසි තුන වෙනිදා ඇය සදහටම අපි අතරින් සමුගත්තා.කොතෙකුත් දක්ෂ නිලියන් අනාගතයේදී පහල වූවත් එලිසිබෙත් ටේලර් නැති අඩුව් මකන්නට නොහැකි වෙනවා ඇත.එයට හොදම නිදසුන වන්නේ  රුක්මනී දේවියගේ වියෝවෙන් හිස් වු ඉඩ අදටත් පිරවීමට කිසිවකු නැත.

 

Advertisements

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 26 at ප.ව. 1:48

7 Responses

Subscribe to comments with RSS.

  1. මම ඔබ පැවසූ කාරණාව වෙනස් පැත්තකින් අනුමත කරන්නම්. ඇය නැති අඩුව සිනමාවටත් දැනේවි. ඒවගේම හොලිවුඩ් සහ බටහිර ‍රටවල බොහෝ කලාශිල්පීන් තම ධනය බොහෝ පුන්‍ය කටයුතු වලට ප්‍රධානය කරනවා. එය ප්‍රසිද්ධියේ වගේම අප්‍රසිද්ධියේද කරන අවස්ථා එමටයි. අප රටේ බොහෝ දෙනෙක් බටහිර හෝ වෙනත් රටක නළු නිලියන් තක්සේරු කරන්නේ ඔවුන්ගේ පුද්ගලික ජිවිතය මිනුම් දණ්ඩක් කරගෙන මිස ඔවුන් කරන සද් කාර්යයන් අධීක්‍ෂනය කිරීමෙන් නොවේ. මමත් මේ ගැන එක පාරක් ලිපියක් ලිව්වා “අපේ රටේ කාලාකාරයෝ නළුවෝ සහ ගායකයෝ” ගැන ඔබත් හැකියාවක් ලැබුනොත් එක බලන්න. ඒ විදියට ගත්තාම බොහෝ විදේශ කලාකරුවන් වියෝවීම කලා ක්‍ෂෙත්‍රයට පමණක් නොවේ මුළු සමාජ සංස්ථාවටම දැනෙනවා. මම මේ දේවල් කියන්නේ අපේ රටේ දේවල් හෝ පුද්ගලයන් අඩුවෙන් සලකලා හෝ බටහිර ගැති බවකින්‍ නොවේ, මධ්‍යස්ථ තැනක සිට…

  2. චිත්‍රපටියේ වැඩිපුර කොටස නිමවෙන්නේ ලන්ඩනයේ චිත්‍රාගාරයක. ඒත් ලංකාවේ ලස්සන දකින්න සිනමාවේ දිග හැරෙන කතාව ඇතුලෙන් පුළුවන්. මෙතැනින් චිත්‍රපටිය බා ගන්න පුළුවන්. ඒත් පහසුකම ලංකාවට තියනවා ද කියලා දන්නෙ නැහැ.

    http://www.netflix.com/Movie/Elephant-Walk/70033468

    arunishapiro

    2011 මාර්තු 27 at පෙ.ව. 6:15

  3. මම ‍ෆිල්ම්ස් බලන්න පටන්ගන්නකොට එලිසබෙත් රඟපෑම් වලින් ඉවත් වෙලා ඉන්න ඇති. [එහෙම නැත්නම් රඟපාපුව ගැන මම නොදැන ඉන්න ඇති] මතකයෙනුත් ඉවත් වෙලා ගිහිල්ල තිබුනෙ. නැත්නම් රඟපාපු එකම එකක්වත් නොදැක ඉන්න විදියක් නෑ.

    ඒත් මේ කතාව වගේ තේමා තියන වෙන චිත්‍රපටි දෙකක් නම් බලල තියෙනව. Australia, Painted Evil කියල. ඒ දෙකම යටත් විජිතයන්වල තම සැමියන් සමඟ පදිංචියට යන කාන්තාවන්ගෙ ජීවන අරගල. ඒ දෙකෙනුත් painted Evil මගෙ හිත ගත්ත.

    නවම්

    2011 මාර්තු 27 at පෙ.ව. 11:11

  4. මමත් පොඩි කාලෙ ඉතාම ආශාවෙන් කියවාපු පොතක් තමා අලි පාර. ඒකට පොත පරිවර්තනය කරල තිබුනු හිත ඇදගන්නා ආකාරය බොහෝ දුරට බලපෑවා. චිත්‍රපටිය නම් මට බලන්න ලැබුනේ නැහැ. හැබැයි මට මතක විදිහට පොතේ තියෙන්නෙ කේරි කියන නම.ටොම් කේරි, ජෝන් කේරි සහ රූත් කේරි. ජෙෆ්‍රි වයිල්ඩිං මට මතක විදිහට අනෙක් ප්‍රධාන චරිතය.අන්තිමට රැළේ නායක ඇතා ඇවිත් බංගලාව විනාශ කරන දර්ශනය චිත්‍රපටයක් වගෙ මැවෙන විදිහට ලියල තියනව මට තාම මතකයි.

    Ravi

    2011 මාර්තු 27 at ප.ව. 2:49

  5. එහෙම තමයි බං වටිනා මිනිස්සු ඉක්මනින් යනවා.ඊට පස්සේ ඒ අඩුව පුරවන්න වෙන කෙනෙක් නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: