සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

පොඩ්ඩක් හිමින් යන්නකෝ

with 10 comments

අද සිංහල සහ හින්දු අවුරුද්ද. මොකද අප්පේ අවුරුද්දේ දවස් තුන්සිය හැට පහේ සමරන්නේ නැතුව අදම අවුරුදු සමරන්නේ ? දන්න ඇයෝ නම කියාවී සුර්ය්‍යා මීන රාශියේ ඉදන් මේඝ රාශීයට සංක්‍රමණය වීම නිමති කරගෙනයි මෙහෙම අවුරුදු සමරන්නේ කියලා.
ගම්වල ඇත්තෝ නම් මේ වෙලාවේ ගෙදර වෙලා දරු පැටව් එක්ක කදේ දාගෙන ඉන්නවා ඇතී මොකෝ මේ නොනගතේ නේ සමහර ඇත්තේ පන්සල් එහෙම යන්න ලක ලෑස්තී වෙනවා ඇති.

අද තමා අපේ සමහර ලොකු ඇත්තෝ අනිත් දවස් තුන්සිය හැට හතරෙම කියව කියවා පට්ට ගහන ජාතික සාමයට බකප් එකක් දීලා නටවන්නේ.බොරුවට හරි ප්‍රායෝගිකව කරන්න පොඩි ට්‍රයි එකක් දෙන්නේ.

අනුන්ගේ ලගු පිල්වල අවලමේ ගිය තාත්තලා පුතාලා (බවලත් ඇත්තොත් අදාලයි ) අද තමා තමන්ගේ අඹුව සහ ලමයි එක්ක එක මේසේ වාඩි වෙලා එකට කෑම වෙලක් කන්නේ.

මහ ලොකුවට හරිතාගාර ආචරණය , පරිසර විනාශය ගැන කතා කරන ඇත්තෝ රුපියල් දහස් ගනන් වියදම් කරලා රතිඤ්ඤා ගෙනල්ලා පත්තු කරලා චූන් එකක් ගන්නේත් අදම තමා.

අවුරුද්ද පුරා බෙහෙතකටවත් අම්මාට තාත්තාට වදින්නේ නැති අවජාතක ලමයි අද තමා බුලත් අතක් දීලා අම්මාගේ තාත්තාගේ කකුල් දෙක අල්ලලා බදින්නේ.

අවුරුද්ද පුරා වැට මායිම්වලට මරා ගන්නා වුන් අදතමා වලියට පොඩි ජොලියක් දෙන්නේ .

සුදු කෙලින් එක සහගහන පවක් කියන මේ ධර්මද්වීපයේ පොඩි එකාගේ පටන් හැට පැන්න නාකියාට පවා සුදු කෙලින්න ටෙම්පරියක් හම්බ වෙන්නේ මේ දවසට තමා.

පන්සල් යන්න හොදම දවස අදයි මොකද අවුරුද්දේ අනිත් දවස් තුන්සිය හැට පහ පුරාම අඩා වැඩියාව කියන ලොකු හාමුදුරුවෝ අද ධර්මය ගැන පොඩ්ඩක් කතා කරාවී.

අද තමා යාපනේ සෙල්ලම්මා , තංගරාජ ට දකුණේ ඇත්තෝ වෙඩි තියලා දාපු තම්බිවත් , දුෂණය කරපු තංගාත් නැතිව අවුරුදු කන්න වෙන්නේ.කිරි ඉබ්බන් වැව ඉන්න සුනිමල්ට කොටි ඇවිත් කපලා මරලා දාපු අම්මවත් කැලේදී වෙඩි තියලා මරපු තාත්තත් නැතිව අවුරුදු කන්න වෙන්නේ.

නගරේ වීදී දිගේ ඉන්න හිටින්න නැනි මිනිස්සු අද එකතු වෙලා අවුරුදු සමරනවා ඇති, අවුරුද්ද පුරා ගිගා කාපු සොච්චම එකතු කරලා ආඩි හත් දෙනාගේ කැද හැලිය වෙනුවට කිරි බතක් කනවා ඇති.

තවත් සමහර ඇයෝ ගෙදර එන්න බැරුව හූල්ල හුල්ල තමන්ගේ නිවාඩු කැන්සල් කරපු මහ ඇත්තන්ගේ අම්මාව තාත්තාව සිහි කර කර අවුරුදු සමරනවා ඇති.

මේ ඔක්කොම දකින මට හිතෙන්නේ ඇයි යකඩෝ අවුරුද්දේ අනිත් දවස් තුන්සිය හැට හතරෙත් අවුද්දේ සමරන්න පුලුවන් වෙන විදියට සුර්ය‍ය දිව්ය රාජයාට හිමින් යන්න බැරි ඇයි කියලයි.

Advertisements

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 අප්‍රේල් 14 at පෙ.ව. 8:40

10 Responses

Subscribe to comments with RSS.

  1. Stupid, umba hithanawada umba maha akek kiyala

    Buru Putha

    2011 අප්‍රේල් 14 at පෙ.ව. 10:08

  2. Mh You have talked about both side but feel something is missing may be because your post is kind a short.Keep write.

    Kamal

    2011 අප්‍රේල් 14 at පෙ.ව. 10:10

  3. සිරාවට! හෙමින් යන්න බැරිනම් අඩු තරමෙ ඔය මාරු වෙන හැම එකක්ම අවුරුද්දක් වගේ එකක් කලානම්…

    බිස්නස් කාරයන්ටත් හොඳයි, ෆෝන් කාරයන්ටත් හොඳයි… අපිටත් හොඳයි කියාගෙන ඉන්න පුළුවන් වෙයි…. 😀

    hare :-)

    2011 අප්‍රේල් 14 at පෙ.ව. 10:13

  4. අපේ රටේ ඉතින් සත්‍ය වශයෙන්ම ප්‍රීතිමක් අළුත් අවුරුද්දක් කවද ලබයිද දන්නෑ. තොහොමවුනත් මම ඔබට සුභම සුභ අළුත් අවුරුද්දක්වේවායි පතනවා…

    දිනේශ් දීපාල්

    2011 අප්‍රේල් 14 at පෙ.ව. 11:27

  5. අවුරුද්ද ලිප්ටන්ගෙ! 😀

    ඔහොම තමයි තමාව රවටා ගැනීම. සිරිත් විරිත් වල තියෙන ආස්වාදයත් නැති වෙලා තියෙන කාලෙ නාමිකව සිරිත් විරිත් රකිමු.

    පිටස්තරයා

    2011 අප්‍රේල් 14 at ප.ව. 12:45

  6. යන්තං තාම සිරිත් විරිත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.

    ගෝල්ඩ් fish

    2011 අප්‍රේල් 17 at ප.ව. 3:33

  7. කාලයත් එක්ක නැතිවෙලා යන අවුරුදු චාරිත්‍ර සීයට හැත්තෑපහක් ‍රැඳිල තියෙන්නෙ මාධ්‍යත් එක්ක. ඒකට එකම හේතුව ව්‍යාපාරික උවමනාවන් මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. එදාට පුළුවන් කොහෙක් දාල පරණ ඇඳුම් කැඩුම් ටිකක්, විදුලි උපකරණ ටිකක් විකුනගන්න. හැබැයි ඒකෙ යටි අරුත නොදන්න උදවියට පුළුවන් තවමත් අවුරුදු සිරිය තියෙනව කියල උදම් අනන්න. අපි කවුරුවත් ඒ හීන බැළුම් වලට දෙහි කට්ටෙන් අනින්න නරකයි. අපි කවුද මිනිස්සුන්ට හීන බලන්න එපා කියන්න. කැමති එකෙක් බලපල්ලා !

    නවම්

    2011 අප්‍රේල් 18 at පෙ.ව. 9:14


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: