සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

බස් විත්ති තවදුරටත්

with 7 comments

මම මේ සටහන මුලින්ම දානකොට කියන්නේ කලින් ඇනොනිමොස් කුණු හරුප ආතල් ගත්ත වුණට මගේ කලින් සටහනක පිස්සු නැවුවා වගේ මේ සටහනේ පිස්සු නටන්න ලැස්ති වෙන්න එපා.මෙකේ ලියලා තියෙන්නේ මගේ අත්දැකීම් මිසක් ප්‍රබන්ධ කරපු ඒවා නෙවේ.දිරවන්නේ නැත්නම් කටපියාගෙන හිටු.

මගේ කලින් සටහන් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න.මේ ඒ සටහනට එක් කරන තවත් දිග හැරුමක් විතරයි.

ක්ෂිතිජ සූමානේ අන්තිමට බස් එකේ තමා ගෙදර එන්නේ.ඉතින් හුගක් වෙලාවට සෙනසුරාදා දවල් තමා පිටත් බස් එකේ එන්නේ.ක්ෂිතිජ එන්නේ ඒ සී බස් එකක අර බේබී රෝසා ද මොනාද කියන බස් එකක.ක්ෂිතිය හැමදාම සෙට් වෙන්නේ පස්සේ සීට් එකේ මොකෝ හොදට නිදාගන්න පුලුවන්නේ.ඉතින් දන්නවානේ පස්සේ සීට් එකට සෙට් වෙන්නේ කවුද කියලා බස් එකේ පෙම් මුල්ලත් තියෙන්නේ එතනනේ.ඔතනට හුගක් වෙලාවට එන්නේ ටියුෂන් යන නංගිලා මල්ලිලා විතරක්ම නෙමේ.ටිකක් විතර මෙරිච්ච එව්වොත් ඔතනට එනවා.දවසක් ඉතින් ක්ෂිතිජ යද්දි අවුරුදු විසිනවයක් තිහක් විතර අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා.

ඔන්න පිටි පස්සේ සීට් එකේ හිටියේ මමයි තව අන්කල් කෙනෙකුයි අර දෙන්නයි විතරයි ඔව් ඉතින් යන්න පුලුවන් හතරටනේ.කෝමෙන් කෝමෙන් හරි පස්සේ හිටිය මට දොයිය ගියා (මහ නරක පුරුද්දක් ) ඔන්න ගමනෙන් 3/4 ක් විතර යද්දි අන්කල් මිසින් ලග ඉන්නවා සුකිරී කැටේ වගේ ගැනු පරානයක් අන්කල් තිරිහන් වෙලාවත්ද ?,දැන් ඉතින් මොන නින්දක්ද ඉතින් මමත් නැගිටලා රස විද විද ගියා මම මේ කිව්වේ පිට කොටුවෙන් ගත්ත පැනි කජු කැල්ල.

ටිකක් වෙලාවක් යද්දී ගමනේ මැදක් හරියක් වෙන තැන බස් එකට නැග්ගේ නැද්ද ටිකක් විතර මැදි වයසේ ඉන්න බුවෙක්.නැග්ග විතරයි පස්සේ සීට් එකේ ඉන්න ලව් බර්ඩ්ස් කපල් එක ෆුල් ඩිම් බැරින්නම් ඒ අක්කාගේ මාමා කෙනෙක් ඔත්තු බලන්න ඇවිත් අක්කාව දැක්ක ගමන් පොර ඊලග හෝල්ට් එකෙන් බැහැලා පස්සෙන් ආපු වෑන් එකට නැග්ගා නැගලා බස් එකේ පස්සෙන් එනවා.දැන් කපල් එක මර ලතෝනි දෙන්නේ නැතුව විතරයි.නිකම් හින්දි චිත්‍රපටියක් වගේ.

කොහොම හරි වටේ පිටේ ඉන්න අයට වැඩේ මාට්ටු ,ඒ මදිවට මේ කපල් එක හොරෙන් බැදලා මැරෙජ් සෙටිෆිකෙට් එකත් තියෙනවාලු. ගෙදර අය කොල්ලාව මරන්න හොයනවාලු ඒකලු දෙන්නා හැමදාම කොලබ ගිහින් විනෝද වෙලා එන්නේ.බැදලා හින්දාද මන්දා බස් එකේ අය මේ ජෝඩුවට ෆුල් සපොර්ට්.කට්ටියක් ගහන්න හදනවා කට්ටියක් බස් එක නවත්වන්නේ නැතුව යන්න කියනවා, කට්ටියක් බයේ ඉන්නවා .කට්ටියක් අර අඩන අක්කාව සනසනවා අපි සෙට් එක අර අයියාව ෂේප් කරනවා.බස් එකේ කොන්දොස්තර හතර වටේ කොල් කරනවා අනිත් බස් වර ඩරයිවර්ලාට කොන්දන්ට වලියට.න් හිටිය ගමන් පස්සෙන් ආපු වැන් එක වැන් දෙක වුණා දැන් කට්ටිය ටිකක් බය වෙලා වැන් දෙකේම දධ සෙට් එකක් ඉන්නවා කියලා පේනවා ගහලා බේරන්න බැරි විදියක් තමා තියෙන්නේ ඒ අස්සේ ඩර්යිවර් බනිනවා මස් එකකට මොනවා හරි වුණොත් මරාගෙන මැරෙනවා කියලා.මිනිස්සු කලබල වුණාම කරන දේවල් බලන්න වටිනවා.

ලගින් හිටිය සුකිරිකැටේ නංගිගේ ටිකිරි මොලේට තමා අයිඩියා එක ආවේ බස් එක කෙලින්ම ගියේ පොලිසියට පස්සේ අපි බැහැලා ගෙදර ගියා.ආරංචි වුණ විදියට  පොලිසියේදි සිද්ධිය ෂේප් වෙලා කට්ටිය ස්තුතින් විසිර ගියාලු.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. පට්ට සිද්දියක් නෙ මචෝ වෙලා තියෙන්නෙ ..මම ගිය ඒසි එකකත් ජොඩුවක් මාට්ටු උනා ටියුශන් යන කෙල්ලෙක් . තාත්තා නැග්ගා කෙල්ලව බස්ස ගත්තා එච්චරයි මෙලෝ ආතල් එකක් නැ. අපිට ඔය සිද්දියෙදි වගෙ

    Buwa

    2011 අප්‍රේල් 16 at පෙ.ව. 9:14

  2. හික්…මාර දේවල්නෙ බස් ඇතුලෙත් වෙන්නෙ.

    නදී...

    2011 අප්‍රේල් 16 at පෙ.ව. 10:15

  3. ane boru nokiya hitapiya

    Bus Akka

    2011 අප්‍රේල් 16 at ප.ව. 9:19

  4. ඇති යන්තං මරා ගන්නේ නැතිව ​ඔයින් ගියා…

    ගෝල්ඩ් fish

    2011 අප්‍රේල් 17 at ප.ව. 3:38

  5. ඔයින් ගියා ඇතිනේ යකෝ.. එකනම් ඇත්ත කලබල උන වෙලාවක කොරොස් කටෙද මොකෙදත් අත දාන්න බැහැයි කියලා කියනවනේ.ඒ වගේ තමයි කරන්න ඕන දේ ඒ වගේ වේලාවකදී හරියට ඔලුවට එන්නේ නැහැ…

  6. හෙන සල්ලි තියෙන බුවෙක් බුවාගෙ වයිෆ් එක්ක ගිහින් සිරා රෙස්‍ටුරන්ට් එකකට රෑ කෑම කන්න. එතකොට පට්ට සිරා කෑල්ලක් ඇවිත්, බුවාට කිස් එකක් දීල, පස්සෙ හම්බවෙමු කියල ගිහින්.වයිෆ් : ඒ කවුද ඒ ගෑනු කෙනාහස්බන්ඩ් : ඒ මගේ හොර ගෑනිවයිෆ් : මට දැන්මම උඹගෙන් ඩිවෝස් වෙන්න ඕනෙහස්බන්ඩ් : මට තේරෙනවා. හැබැයි මතක තියා ගන්න උඹ ඩිවෝස් උනොත් ශොපිං වලට සිංගපෝ යන්නවත්, වැකේශන් එකට මෝල්ඩිව්ස් යන්නවත්, ලෙක්සස් එකක් පදින්නවත්, SSC එකේ මෙම්බශිප් එක තියාගන්නවත් හම්බ වෙන්නෙ නෑ.ඒ අස්සෙ මේ දෙන්නම අඳුරන බුවෙක් ඒ රෙස්‍ටුරන්ට් එක ඇතුලට ඇවිත් තවත් සිරා කෑල්ලක් එක්ක.වයිෆ් : ඔයාගෙ යාලුව අර කවුරු එක්කද ආවේ? ඒ එයාගෙ වයිෆ් නෙමෙයිනෙහස්බන්ඩ් : ඒ උගේ හොර ගෑනිවයිෆ් : අපේ එක්කෙනා ඊට වඩා ලස්සනයිනෙ.. නේද අනේ!

    silver account

    2012 සැප්තැම්බර් 27 at පෙ.ව. 11:38


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: