සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

Archive for the ‘කෙටි කතා’ Category

ඔබයි මමයි ඇයයි සමකෝණි ත්‍රිකෝණයක් – තවත් එක් කතාවක් පමණක් නොවේ I

with 4 comments

පිල් කන්ඩියේ වාඩි වී මිදුල දෙස බලා සිටින සේපාලිකාට මිදුල අතුගාන ලොක්කි විටින් විට තමා දිහා බලන බව නිච්චි නොවේ.සෙපාලිකාගේ හිතේ තාමත්  රැව් දෙන්නේ පෙරදා අම්මාගෙ කටුක වදන් පෙලයි.ඔවුන්ගේ හිතේ හිමින් හිමින් නිවී යමින් තිබු ගිණි මැලයට ඇගේ වචන බුර බුර ණගෙන පිණිස දැමු පෙට්‍රල් වැනිය.ඇයි දෙයියනේ වැදූ අම්මාවත් අපිව තේරුම් ගන්නේ නැත්තේ. අපි ඔක්කොම මිනිස්සු , අපි ඉපදුනේ කිසිම සීමා මායිම් නැතුව , ඇයි අපිට ඒ වගේ ඉන්න බැරී සේපාලිකගේ පපුවේ යමක් හිරවී ඇතිසේය.කොහේදෝ නැති වේදනාවක් ලැම පුරා වෙලී යයි.වතින් අවුරුදු 15 ක් වුවත් තමා මහ ගැනියෙක් වුයේ බොහෝ කලකට පෙර බව සේපාලිකාට සිතේ. වැලි මිදුලේ සෙල්ලම් ගෙයම් හැදු කාලය පසු ඊ වැඩි කාලයක් නැති බව සේපාලිකාට මතකය.සුසමකින් ඒ  අතිතයට යන්න හැකිනම්…………

කිසිම කෙනෙකුගේ මග පෙන්වීමක් , ගුරුහුරුකමක් නැතුව තමාගේත් ලොක්කිගෙත් ජීවිතය ගෙවි ගියේ සේපාලිකාටත් මතක ඇති කාලයක සිටය.ලොක්කි සංජීව අයියා සමග පැන ගිය දවස සේපාලිකාට අද මෙන් මතකය.අම්මා වැලහින්නක් සේ දත්මිටි කමින් තමා දෙස බලමින් නියවමින් සිට සේපාල මාමා සමග පොලිසියට ගිය අයුරු සෙපාලිකාගේ හිතේ මැවි මැවි පෙනේ.සෙපාලිකා සංජීව අයියාට ඇල්ම දැක්වුයේ සංජිව ගෙදර සිටි එකම පිරිමියා නිසාම නොවේ. නිල ඇදුම ඇද ජැන්ඩියට යන සංජිව අයියා ගෙදර එන විට ඉදිරියට මුලින්ම දිව යන්නේ සේපාලිකාය.සේපාලික ලොකු ලමයෙක් වු දවසේ සංජීව අයියා රත්තර මාලයක් දී නලලට හාදුවක් දුන් හැටි සේපාලිකාට අදමෙන් මතකය.ගමේ අනෙක් කෙල්ලන් ලොක්කි දෙස ඉරිසියවෙන් බැලු ආකරය ,සංජිව අයියා සමග ලොක්කි මුකුලු කරන විට හිත පුරා දිව යන ඉරිසියාවේ ගින්න.අනේ සංජිව අයියා තමාට හිමිකර ගත හැකිනම් හිතිච්ච වාර ගණන අපමණ බව සේපාලිකාට මතකය.

එදා සංජිව අයියා කෙරෙහි ඇතිවූ ඇල්ම සේපාලිකව කෙල්ක්ගෙන් ගැහිණියක් කිරිමට මහ කාලයක් ගත නොවු බව සේපාලිකාට මතකය.අන්සතු දෙයක් අයිතිකර නොගත යුතුබව පන්සලේ පොඩි සදු නිතරම බණට කියයි.ඒ වගේම තමන් සතුදෙය බෙදාහදා ගතයුතු බවත් ඒ බණේම කියු බව සේපාලිකාට සිහිවෙයි.ලොක්කි මුලදි මුලදි සංජිව අයියාගේත් සේපාලිකාගේත් සම්බන්ධයට අකමෑතිවුවත්  පසුව තමාගේත් සංජිව අයියාගේත් පෙරේත්තය නිසා කැමති වු අයුරු සේපාලිකාගේ අපහැදිලි මතකයන් අතරින් මතු වේයි.එසේ ආරම්භ වූ තිකෝණි ආදරය අද මේතරම් වේදනාබර අත්දැකිම්වල ලක් වේයයි සේපාලිකා කෙලෙසකවත් හිතුවේ නැත.

මතුසම්බන්ධයි.

Advertisements

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2012 ජනවාරි 4 at ප.ව. 9:40

අනුෂා

with 10 comments

අනුෂා අපේ දහයේ වසරේ පන්ති නායිකාවයි.ටිකක් කලු උස මහත කෙල්ලෙක්.මට මතක හැටියට අනූෂාට කිතුල් රැනක් වගේ දිගට වැවුණ කොන්ඩයක් තිබුනා.එච්චරම කොල්ලොත් එක්ක ෆිට් එකක් නොතිබුනත් අනුෂා පන්තිය ඕනැම දෙකට කොල්ලොත් එක්ක හිටියා.හවසට කලු ලැල්ල කලු කරන්න කොල්ලෝ නතර වුණාම අනුෂා තමා හොස්ටල් එකෙන් තේ අරන් එන්නේ.ඉල ඇදෙන මල පනින විහිලු මොකක් කලත් අනුෂා ඒව එච්චර සිරියස් ගත්ත නැති කෙල්ලෙක්,අනුෂා නතර වෙලා හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ.හැබැයි අපි ඔක්කොම දැනන් හිටියා අනුෂා හුගක් දුෂ්කර පලාතකින් දුප්පත් පවුලක් ලමයෙක් කියලා.හෝදා හෝදා පට්ට ගැහිලා තිබුන සුදු ගවුමත් ලෙලි ගිහිල්ලා තිබුන සපත්තු දෙකත් දැක්කාම ඕන කෙනෙකුට ඒ බව හිතා ගන්න පුලුවන්.

මත මතක හැටියට දහය වසරේ දෙවන වාරය ආරම්භ වෙලා දවසකට දෙකකට පස්සේ දවසක් පන්ති භාර මිස් අනුෂාට එයාගේ කාමරයට කතා කලා.කාමරයෙන් එලියට එද්දී අනුෂා අවේ අඩ අඩා.ඊට  පස්සේ ඉස්කොලේදී අපි අයෙත් අනුෂාව දැක්කේ නැ.
දවසක් රෙද්දේ හැට්ටේ ඇද ගත්ත අම්ම කෙනෙක් ඇවිත් අනුෂාගේ අස්වීම් සහතිකේ අරන් ගියා.පස්සෙ අනුෂාගේ හොස්ටල් එකේ යාලුවාගෙන් තමා ඇත්ත විස්තරේ හෙලි වුනේ.එදා මිස් කතා කරන දවස වෙනකොට අනුෂා බඩ දරු අම්මා කෙනෙක්.අනුෂා බඩ දරු වෙලා තියෙන්නේ එයාට වඩා අවුරුද්දක් වැඩිමල් ගමේ කොල්ලෙකුට.පස්සේ අනුෂායි කොල්ලයි කසාද බැදලා ඒ කියන්නේ අනුෂාට පහලොවක් දහසයක් වෙන කාලේදී

ආයිත් මට අනුෂාව හම්බ වුනේ මීට දවස් කීපයකට කලින්.ඒ ටවුමේ ලමයි දෙන්නෙක් එක්ක කලන්තේ දාල වැටිලා ඉන්දෙද්දී.පුංචි කුරුලු පැටව් දෙන්නෙක් වගේ ලමයි අනුෂා ගාව දැවටි දැවටි ඉන්නවා.දැක්කාම ආදරේ බෑ.මමයි අම්මයි වතුර ටිකක් පොවලා පියවි සිහිය ආවම තමා අනුෂා මාව අදුරගෙන කතා කලේ.අනුෂා කියන විදියට අනුෂායි එයාගේ සැමියායි සැහෙන්න සතුටින් ජීවත් වෙලා තියෙනවා.අන්තිමට අනුෂාගේ සැමියා මේසන් බාස් කෙනෙක් වගේ රස්සවාක් කරගෙන පොඩි ගෙයකුත් හදා ගෙන පවුලත් එක්ක සතුටින් ජීවත් වෙලා තියෙනවා.

ඔය සතුටට කණ කොකා හැඩලුවේ පොලිසිය ඇවිත් අනුෂාගේ සැමියා අරන් ගියාට පසුවයි.අනුෂාගේ සැමියාගේ වැරද්ද තමා අනුෂාව අපයෝජනය ලක් කිරීම, නීතිය අනුව අඩු වයස් තරුණියක් විවාහ කර ගැනීම වරදක් අන්න ඒ වරදට ඊට අවුරුදු පහකට හයකට පස්සේ ලස්සන පුංචි කුරුළු කූඩුවක් විනාශ වුණා.අනුෂාගේ සැමියා අවුරුදු ගාණකට හිරේ ගියා .අනුෂාට සහ ඇගේ දරුවන්ට යන එන මං නැති වුණා.

අනුෂාව නීතී ආධාර කොමිසමට යොමු කලා ඊට අමතරව ගාමන්ට් එකක අදුරන කෙනෙකුට කියලා පොඩි රස්සාවකුත් හොයා දෙන්න බැරි කමක් නැ.හැබැයි අර ලමයින්ට යන කල දසාව ගැන කියන්න බෑ.නීතිය ඇත්තටම අන්ධයි ,වෙලාවකට හිතෙනවා නීතිය තියෙන්න මිනිස්සුන්ව ආරක්ෂා කරන්න නෙමේ මිනිස්සුන්ට තවත් ගිනි ගෙඩි දෙන්න කියලා.

මංගල ගවුම

with 7 comments

රසිකාගේ දෙනෙතෙන් කදුලු දහසක් කඩා වැටේ එය වෙන්විමේ ශෝක කදුලුවලට වඩා ඇත්තේ බලාපොරොත්තු කඩවීම නිසා නැගෙන කදුලුය.සමන්ගේ මුහුනෙන් වෙහෙසකර ස්භාවයක් පෙන්වයි.ඔහුගේ හිත් පතුලේ ඇති දෙය මුහුණේන් ප්‍රකාශ නොවුනත් ඔහුද මින් මොහොතකට පෙර සිදුවූ ක්‍රියාකලාපය නිසා සිත් තැවුලට පතව සිටි.

අද ඔවුන්ගේ විවාහ දිනයයි.අවුරුදු කීපයක් පෙම්සුව විදීමෙන් අනතුරුව දෙපාර්ෂවයේම ආශිර්වාදය ඇතුව ඔවුන් විවාහ වීමට කටයුතු සුදානම් කලේ බොහෝ කල් සිටය.මංගල දවසේ ඉදිකටුවේ සිට සියලු දේවල් රසිකාත් සමන් සැලසුම් කලේ බොහෝ කල් සිටය.අතර මැදදී දෙපක්ෂයේ වැඩිහිටියන්ගේ බලපැම් මත සමහර වෙනස්කම් වූවත් සම්පුර්ණ උත්සව කටයුතු මනාල යුවලගේ අදහස් පරිදි සිදු විනි.එයට මුලික හේතුවක් වුයේ රසිකාගේ සහෝදරයන් දෙදෙනාට ඒවා සදහා මැදිහත් වීමට හැකියාවක් නොමැතිවීමය.නමුත් ඒ අඩු පාඩුව මග හරිමින් රසිකාගේ පිය පාර්ෂවයේ මාමලා සහ බාප්පලා කටයුතු කලේ රසිකාගේ හදිස්සියේ වියෝ වූ පියානන්ගේ අඩු පාඩුවත් මහ හරිමිනි.

වැඩිහිටියන්ගේ තීරණ නිසා රසිකාගේ සහ සමන්ගේ  සමහරසැලසුම් ලත් තැනම ලොප් වූවත් ඔවුන් එය විද දරා ගත්තේ වැඩිහිටියන්ගේ සිත් රිදවීමට ඇති නොඇකමත්තහ් ඔවුන් මැදිහත් වීමකින් තොරව විවාහ උත්සවය සාර්ථකව කර ගැනීමට නොහැකි වෙන නිසාය.කෙසේ හෝ අවසානයේ ඔවුන්ගේ විවාහ දිනය එලබුනි.දැන් ඇත්තේ මනාල යුවල ආහාර ගෙන ගමන පිටත් වීම සදහා ලක ලැස්තී විමයි.නැකත් චාරිත්‍ර ඉහලින් අගය කල පවුලේ සියල්ල මනාල යුවල නැකතෙන් එලියට බස්වා මිදුලේ තැනු මන්ඩපයක සිදෙව්වාය.

මංගල දිනය සැලසුම් කරන දින සිටම රාසිකාගේ පැතුම වී තිබුනේ පිටත් වීම සදහා වෙනත් ඇදුමක්(going away dress) ඇදීමය.නමුත් කාල වෙලා අතර සිදු වූ ප්‍රශ්ණයක් නිසා ගෙදරින් පිට වීමේ නැකතට පෙර එය තෘප්ත කර ගැනීමට නොහැකි විය.මනාල යුවලගේ තීරණය වුයේ අසල නිවසකට ගොස් නව ඇදුම ඇද පැලද නැවත පැමිනීමය.

මහා භාරතයේ යුද්ධය ආරම්භ වුයේ එවිටය.මනමාලිගේ පාර්ෂවයේ නැන්දා කෙනෙකු මහ හඩ නගිමින් බනින්නට පටන් ගත්තාය එවිටම මානල පාර්ෂවයෙන්ද නිවසින් පිටවී යනවාට විර්ද්ධත්වය ප්‍රකාශ විය.මේවට මුලික හෙතුව වූයේ හතර වරිගේ කතා පැවත්වීම සදහා කාලය මද වීමත්ය එය චාරිත්‍රවලට එක හෙලාම විරුද්ධ බව කීම නිසාය. දහස් ගණන් වියදම් කර සිය ගනන් නැවත නැවත හීන දකිමින් සිටි පිටත් වීමේ ඇදුම් සිහිනය තත්පරයකින් විනාශ වුනි.මනමාලිගේ දෙකපුල් ඔස්සේ නොනවතින කදුලු ගලායන්ට ඇරඹුනි.

අවසානයේ මධ‍ය්‍යස්ථව කටයුතු කරන න්‍යාතියකු විසින් මැදිහත්ව නිවසෙන් වෙන්ව පිහිටා තිබු කුස්සියේ මනාල යුවල අදාල ඇදුමෙන් සැරසී මංගල සභාවට පැමිනියේය.ඉන් මත්තේ එලබුනේ කතා පැවත්වීමය, පැය දෙකක් තිස්සේ මනාල සහ මනාලි පාර්ෂවයේ නැදැයන්ගේ වගතොග ප්‍රකාශ කර සහ පිටත් වීමේ ඇදුම සම්බන්ධයෙන් ආඩ පාලි ඇසීමෙන් අනතුරුව සවස පහට පමණ මනාල යුවල නිවසෙන් පිටව ගියේය.පෙරදින රෑ නිදාවැරීමත් දවස තිස්සේ විඩාවත් කරන කොට ගෙන මංගල යුවල පසු වුයේ ඉතාමත් වෙහෙසකාරී මෙන්ම අසහනකාරි තත්ත්වයකය.එවැනි අවස්ථාවක මෙවැනි පිඩාකාරි තත්ත්වයන් හේතු වුයේ දැඩි අසහනකාරී තත්ත්වයකට මිස වෙනකට නොවන බව නිසැකය.

කෙනෙකුගේ ජිවිතයේ විශේෂයෙන්ම තරුණියකට විවාහ දිනය යනු ඉතා වැදගත් අවස්ථාවකි.එවැනි අවස්ථාවන් තමන්ගේ හිතැගි පරිදි ඉටු නොවුනොත් එය දෙපක්ෂයේම හිත් තැවුලට හේතු වෙයි.ක්‍රමවත් සැලසුමකින් තොරව සහ අනවශ්‍ය ඇගලි ගැසීම් මෙවැනි තත්ත්ව තවත් ව්‍යාකූල කරයි.එමනිසා මෙවැනි වැරදි අවම කර ගැන්ම උපරිමයෙන්ම කලයුතුය.

මෙය සත්‍ය කතාවක්ය.

පසු සටහන :-මා විශ්වාෂ කරන පරිදි කර කාර මංගල්‍යකදී වඩා වැදගත් වන්නේ චාරිත්‍ර වාරිත්‍රවත් , නැදැයන්වත් , සංගිතයවත් , මීවිතවත් නොව මනාල යුවලත් ඔවුන්ගේ සතුටයත්ය.නමුත් අද ඇත්තෙන්ම සිදුවන්නේ එයද ?

 

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 8 at පෙ.ව. 7:52

ඊලගට බලාපොරොත්තු වන්න – මංගල ගවුම

with 4 comments

රසිකාගේ දෙනෙතෙන් කදුලු දහසක් කඩා වැටේ එය වෙන්විමේ ශෝක කදුලුවලට වඩා ඇත්තේ බලාපොරොත්තු කඩවීම නිසා නැගෙන කදුලුය.සමන්ගේ මුහුනෙන් වෙහෙසකර ස්භාවයක් පෙන්වයි.ඔහුගේ හිත් පතුලේ ඇති දෙය මුහුණේන් ප්‍රකාශ නොවුනත් ඔහුද මින් මොහොතකට පෙර සිදුවූ ක්‍රියාකලාපය නිසා සිත් තැවුලට පතව සිටි.

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 7 at පෙ.ව. 11:43

සදනී

with 4 comments

සදනී , අද මම ඔයාව දැක්කා,ඔයත් මාව දැක්කා.අපි දෙන්නා නොහදුන වුන් වගේ දෙපැත්තට ගියා.සමහරවිට ඔයා මාව දකින්නේ නැතුව ඇති ඒත් මම ඔයාව දැක්කා.ඒත් මට ඔයා එක්ක කතා කරන්න , අඩුම ගානේ හිනාහෙන්නවත් බැරි වුණා සමහරවිට ඒ මගේ උද්දච්ච කම හින්දා නිසා වෙන්න ඇති කියලා ඔයා හිතනවා ඇති.ඇත්තෙන්ම මම දන්නේ නැ ඇයි මට ඔයත් එක්ක හිනා වෙන්න බැරි ඇයි කියලා මේ අවුරුදු පහට අපි දෙන්නා කොච්චර මූණට මූණ හම්බ වෙලා ඇතිද ? කොච්චර සැරයක් අහක බලන් යන්න ඇත්ද ?

ඇයි අපිට මීට අවුරුදු පහකට කලින් හිටියා වගේ හිනා වෙලා ඉන්න බැරි.සමහරවිට ඔයා ඇත්ත සිද්ධිය දන්නේ නැතුව ඇති.මම ඔයාව මුලින්ම දැක්කේ ඉස්කෝලේදී ඔයාගේ පන්තියට පොතක් දෙන්න ආපු වෙලාවේදීයි.මතකද ? ඔයාගේ පංතියේ හිටියා මගේ ගැන්සිය.උන් ගැනත් මම ඔයාට කියන්න ඕනේ හැබැයි පස්සේ.එදා මම ඔයාව දැක්ක ගමන් මට වෙච්ච දේ අදටත් මට පැහිදිලි කරන්න බැ.ඔයා ගැන හිත හිතා මම මාර ගේමක් දීලා ඔයාගේ පොටෝ එකක් කෝම හරි හොයා ගත්තා.ඒක පර්ස් එකේ දාගෙන හැම තැනම මම අරන් ගියා.රැට පොඩි එකෙක් වගේ ලග තියන් නිදා ගත්තේ.මම දැක්ක හීන ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.මට ඔයා ගැන තිබ්බේ අහිංසක ආදරයක් සදනී , ඒක ඒක පාර්ශික වුනත් හරිම සුන්දරයි.දවසට පැයක් දෙකක් නෙමේ මුලු දවසම මම හිතුවේ ඔයා ගැන.මගේ සිහින ලෝකය කඩන් වැටෙන්න පටන් ගත්තේ දවසක් මගේ පර්ස් එක යාලුවෙක් බැලුවට පස්සේ එයා මුලු ඉස්කෝලෙටම මේ ගැන කියලා තිබුනා.මුලු සෙක්ෂන් එකටම ඒදායින් පස්සේ ඔයා ගැන මගේ හිතේ තිබ්බ හැගිම් රහසක් වුනේ නැ.ඊට පස්සේ තමා මම ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ආශ්‍රය කරන්න පටන් ගත්තේ මතකද දවල් ඉන්ටර්වල් එකේදි මම ඔයාගේ පන්තියට එනවා ඇවිල්ලා කොල්ලෝ එක්ක කතා කර කර ඉන්නවා,උදේට ගුඩ් මොර්නින් කියන්න පංතිය ගාවට ඇවිත් බලන් ඉන්නවා.

ඔයත් එක්ක විනඩියක් හරි ඉන්න ඔනේ හින්දා මම කරපු දෙවල් මතකද ? ඒ කාලේ තමා මම සතුටෙන්ම හිටිය කාලේ.මම ඒ දවස්වල මාගේ යාලුවන් කියලා හිතා හිටිය සමහර උන් මාව විහිලුවකට ගත්තා සදනි.

එදා ඔයා මම ගැන කෙමිස්ට්‍රී පන්තියේදි අහලා තිබ්බා.ඒක මට එදාම රෑ යාලුවෙක් කියුවා එදා රැ මට නින්ද ගියේ නැ.කෝම හරි මම ඔයාගෙන් යාලු වෙන්න අහන්න ඕනේ කියලා ඔයාව හම්බ වෙන්න දවස් ගානක්ම ආවා.දවසක් මම ඔයාට දෙන්න චොකලට් එකක් අරන් ඇවිත් හංගලා තිබ්බා ඒත් මේ කාලකණ්නි කොල්ලෝ ටික ඒක හොරෙන් අරන් කාල තිබ්බා අන්තිමට හිස් පෙට්ටිය බැග් එකට දාල තිබ්බා.එදා උන්ව මරන්න තරම් තරහක් තිබ්බත් අද මට ඒ ගැන දුකක් නැ.ඒ උන්ගේ හැටි අනිත් උන්ගේ හැගිම් තෙරුම් ගන්න තරම් හිතන්න හැකියාවක් උන්ට එදා තිබුනේ නැ.

ඊට පස්ස දවසේ මම ඔයාට පොඩි තැග්ගකුත් අරන් ආවා ඒ වැලන්ටයින් ඩේ එක පහු වෙලා දවස් දෙක තුනක් ඇති.මම ඔයාව හම්බ උනේ ඉස්කෝලෙන් පස්සේ එතකොට මගේ තවත් යාලුවෙක් එතන හිටියා මම දැනන් හිටියේ නැ ඒ ගැන මොනවත් ඔයත් එක්ක යාලු වෙන්න ඌත් මට උදව් කරන්නම් කියලා කිව්ව එකෙක්.ඔයාට මම පැත්තකට අඩ ගහන් ගිහින් මෙහෙම ඇහුව්වා

.”සදනි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා “

එතකොට ඔයා කිව්වා “අයියෝ ඔයත් “

රැ තිස්සේ නිදි මාරාගෙන් පුරුදු වුනත් මට ඔයා ඉස්සරහා මොනවත් කියා ගන්න බැරි වුණා සදනී.මගේ පපුව පිපිරෙන්න තරම් වගේ.

මට කියා ගන්න පුලුවන් උනේ “මම ඔයාට අදරෙයි” කියලා විතරයි.

ඊට පස්සේ වෙච්ච දේ අදටත් මට අමතකයි.මට මතක මම  කාටද  මොකක්ද කියලා පයින්ම ගෙදර ගිය බව විතරයි.ගෙදර ගිහින් මම දවසම ඇඩුවා ඒ සුමානෙම මම කැවද නැන්ද කියලවාත් මට මතක නෑ.ඊලග සදුදා ඔයාට මම දුන්න තැග්ග ආපහු එවලා තිබ්බා.ඒ එක්කම ඔයා ඔයාගේ කාමර සගයාත් ගෙදරින් යවලා තිබ්බා.ඒ වැරැද්ද නිවැරදි කරන්න තරම් මම මානසිකත්වයක් හිටියේ නැ.ඔයා මට අකමැති වුනේ මගේ පෙනුම හින්දද ?

මෙච්චර කාලයක් ආශ්‍රයකරලා ඔයා මාව අදුන ගත්තේ නැද්ද ?

යාලුවෝ කිව්ව විදියට මම ඔයා ගැන හිතුවේ නැ.ඒත් අන්තිමට මට ඔයාගේ හිත ගන්න උදව් කරනවා වෙනුවට මාව නොමග යැව්වා ඔයා ගැන බොරු කියලා.මම භාහිරින් ලස්සන නැති වුණත් මම ඔයාට කරපු ආදරය ලස්සනයි පිවිතුරුයි.කොහොමත් කට්ටිය මගෙ පෙනුම විහිලුවකට අරගත්තා අනාගතයේදී අරගනිවී. මම යනකම් ඉදලා මට පිටිපස්සෙන් හිනා වෙන ලෝකෙක මම හිතුවේ ඔයා විතරයි මාව තෙරුම් ගත්තේ කියලා.ඊට පස්සේ මට කොල්ලෝ කොච්චර විහිලු කලාද ? මම එදාත් ඒවා ගනන් ගත්තේ නැ අදත් ඒවා ගනන් ගන්නේ නැ.නමුත් මම කැමති නෑ විහිලුවක් වෙන්න.මමත් හැගීම තියෙන කොල්ලෙක්.

එක බත් පත බෙදාගෙන මම මැරෙන්න වුනත් හිටිය උන් මාව තනිකලා මට දොහී වුනා.අඩනකොට මට ලෙන්සුවක්වත් දෙන්න එකෙක් හිටියේ නැ.මම වැටිලා හිටිය තත්ත්වේ දැකලා උන් හිනා වුනා.ඔයාගේ පින්තුරය මම ඔයා එව්ව එක්කෙනාට දුන්නේ තව ප්‍රශ්ණ ඕනේ නැති හින්දා.එයා ඇවිත් ඔයාට මොනවා කිව්වද දන්නේ නැ.ඒත් මම දන්නවා ඔයා අහිතක් හිතන්නේ නැති බව.මම කවුරුත් නොහදුන අදුරු ආගධයක මම තනි වුණා අන්තිමට මට එලිය වෙලා පාර කියා දුන්නේ මගේ රත්තරන් අම්මා.වචනයෙන් මොනවත් කිව්වේ නැති වුනත් මගේ අම්මා මමත් එක්ක මම විදපු දුක වින්දා කියලා මම දන්නවා.

සදනී මම ඔයාට මොනවා හරි කරානම් මට සමාවන්න.මීට පස්සේ මම ඔයාව පාරෙදී දැක්කම හිනා වෙන්නම් , මමත් එක්ක වචනයක්වත් කතා නොකර යන්න එපා.ඒ කාලේ අපි කරපු දේවල් අතීතය. දැන් අපි ඉන්නේ වර්තමානයේ.මම ඔයත් එක්ක තරහ නෑ ඔයා මමත් එක්ක තරහද ?

 

 

සත්‍ය සිදුවීමක් පාදක කොට ගත්තකි

සදනී – ඊලගට බලාපොරොත්තු වන්න

with 4 comments

සදනී , අද මම ඔයාව දැක්කා,ඔයත් මාව දැක්කා.අපි දෙන්නා නොහදුන වුන් වගේ දෙපැත්තට ගියා.සමහරවිට ඔයා මාව දකින්නේ නැතුව ඇති ඒත් මම ඔයාව දැක්කා.ඒත් මට ඔයා එක්ක කතා කරන්න , අඩුම ගානේ හිනාහෙන්නවත් බැරි වුණා සමහරවිට ඒ මගේ උද්දච්ච කම හින්දා නිසා වෙන්න ඇති කියලා ඔයා හිතනවා ඇති.ඇත්තෙන්ම මම දන්නේ නැ ඇයි මට ඔයත් එක්ක හිනා වෙන්න බැරි ඇයි කියලා මේ අවුරුදු පහට අපි දෙන්නා කොච්චර මූණට මූණ හම්බ වෙලා ඇතිද ? කොච්චර සැරයක් අහක බලන් යන්න ඇත්ද ?

ලැම පමණක් ලොවට පෙනෙන – ලය නොපෙනෙන තවත් එක් ලදක්

with 10 comments

රාධිකා තම නිරුවත් ලැම දෙස බැලුවාය.මදක් වත්සුණු තැවරු මුහුණත්,කොට කර කැපු කොණ්ඩයත් පිරිපුන් ලැම දෙසත් බලා සිටි රාධිකා  නාන කාමරයට වැද කය සොදා ගත්තාය.  ඇය නිල් මල් වැටුණු සුදු සාරිය වත දවටා ගත්තාය.අත් බෑගයත් දකුණතටත් ,ජංගම දුරකතනය වමටත් ගත් ඇය හොටෙල් කාමරයෙන් පිට වී ආලින්දයට පැමිණියාය.හෝටලයේ දොර විවර කරන්නාගේ සමච්චල් සහගත හිනාවක් සහිත මුහුණ තමා දෙසට යොමු වී ඇති අයුරු ඉදිරියේ ඇති කැඩපත දෙස බලා සිටි ඇයට පෙනේ.දොර විවර කරන්නාට මදහසක් පා ඇය හෝටලයෙන් එලියට පැමිණි ඇ ලේක් හවුසිය දෙසට පදික වේදිකාව දිගේ පිය නගන්නට විය.

අවට ගැවසෙන්නන්ගේ දෙනෙත් ඇය දෙසට යොමු වී ඇති ආකාරය රාධිකාට දැනෙන්ට විය.සමහරවිට ඒ ඇය ගැන දන්නා ඇය විය යුතුය එසේ නැත්නම් තවත් එක් හුදෙකලා ගැහැනියක් දෙසට නිරත්තරයෙන් යොමු වන ඇස් විය හැක.ඒ ගැන සිතීම තවත් එක් නිශ්ඵල කටයුත්තක් වන බැවින් ඇය ඒ ගැන හිත් යොමු නොකර සිටින්නට උත්සහ කරන්නට විය.ලේක් හවුසිය අසලින් ගිය 120 බස් රථයකට ගොඩ නැගුණු ඇය පසුපස ආසනයක වාඩි වී වීදුරුවෙන් පෙනෙන තමාගේ පිලිබිඹුව දෙස බැලීය.

රාධිකා තම පිලිබිබුව දෙස බැලුවේ යමෙක් සොයන්න සේය.සමහරවිට ඇය සොයන්න ඇත්තේ ඒදා රට ගිය අම්මා එවන සල්ලිවලින් කසිප්පු බී පිස්සු නටන කුඩප්පාගෙන් බේරී ගාමන්ට් රස්සාවක් සොයාගෙන පැන ආ සමන්මලී විය හැක.නමුත් අහිංසක සමන්මලීගේ මුහුණ වෙනුවට රාධිකා දුටුවේ සමාජය හමුවේ තැලි පොඩි වී ගිය තරුණියකි.

තමා මේ තත්ත්වයට පත්කලවුන් ගෙන් මුලදී පලිගැනීමට පිස්සුවෙන් ක්‍රියාකලත් පසුව රුපියල් සතවලින් මිනිසුන් මනින ඒ පෘත්ග්ජන් සමාජයේ තත්‍ය ස්භාවය බව අවබෝධ කර ගැනීමත් සමග ඔවුන් කෙරෙහි වෛරයෙන් නොව උපෙක්ෂාවෙන් බැලීමට පුරුදු වූ ආකාරය රාධිකා මෙනෙහි කලාය.කොන්දස්තරගේ කට හඩින් පියවි සිහියට එලබි ඇය  බොරලැස්ගමුවට ටිකට්ටුවක් ගෙන කවුලුවෙන් ඉවත බලා ගත්තාය.ඉබ්බන්වල හංදිය පසුකරමින් සිටින ඇයට තමාට දිනක් පිහිට වූ ජෙස්මින් අක්කා මතක් වේ මේ වන විට ඇය පොඩි එකා සමග කොහේ හෝ සිගාකමින් සිටින වා විය හැක.

ටවුන් හෝල්  එක අසලින් යන විට ඇයට සිහිපත් වුයේ ඩේසි අක්කාය .වැලේ වැල් නැතුව ඒ අසල සිටින විට කැදවාගෙන ගොස් තමාත් ඇය වැනි තවත් සුරතලියක් කල ඩේසී අක්කා ඇයට කවාදාවත් අමතක කල නොහැක.මේ ගෙන්දගම් පොලවේ අනන්තවත් ගමෙන් එන කෙල්ලන් අතරමං වනු ඇය දැක ඇත.ඒ අතින් තමා වසනාවන්තබව රාධිකා විශ්වාෂ කලාය.අනේක දුක් විදින තරුණියන්ට වඩා හොදින් ඇද පැලද කා බී සිටින තමාට මිනිසුන් මොනවා කීවත් හොද ජීවිතයක් ඇති බව ඇය දනී.කැම්පස් එක අසල පිරිමි ලමයකුට තුරුලු වී සිටින කෙල්ලක රාධීකාට පෙනේ ඇගේ පෙනුම වාසානාගේ වගේය.සමහර විට ඇය වාසනා විය හැක.ගමේ ඇ සමග එකට පාසල් ගිය වාසනා  ඇගේ හොදම මිතුරිය වූ වාය.සමහර විට  තමාත් දිගටම ඉස්කෝලේ ගියේ නම් කැම්පස් යන බව රාධිකාට නිසැකය.

නොදැනීම ඇසට නැගු කදුල පිස දැමූ රාධිකා වට පිට බැලුවාය.රත්තනපිටිය අසල වාහන තද බදය ඇයට  පූරුදුය.සැම ඉරිදාවකම ඇය මේ ගමන එයි.පිල්ලැව බෝධිය අසලින් බසයෙන් බැසූ ඇය සුදු නෙලුම් මල් වට්ටියක් මිලදී ගත්තාය.සැමදාමත් ඇය මල් මිලදී ගන්නේ ඇලිස් අක්කාගේ කඩයෙන් ය.ඇලිස් අක්කා හොදම මල්වලින් වට්ටියක් සකසා සෑම ඉරිදාවකම තමා එනතෙක් බලා සිටින බව ඇය දනී.

මල්වට්ටියත් ගෙන නිල්වන් වෙල්යාය මැදින් ඇය පිල්ලැව බෝධිය දෙසට පියමැන්නේ අමරසිරි පීරිස් මහතාගේ “ලදුනේ ” සිංදුව මුමුනමිනි.

ළදුනේ – ළදුනේ
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ – ළදුනේ
දෙනෝ දහල් අත ගත්තද – සැමියකු නැති ළදුනේ
නැයෙක් නැකම් නොකියන – විදි සරණ ලදුනේ
තෙල් මල් ගෙන – දොත පුරා මුණි කුටියට – පියමං වන
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ – ළදුනේ

බුදූන් දැක නිවන් දකිමැයි දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරවකි – ඔබද කිසා ගොතිමියකි
පිරිමින්ගේ පාප කදට – දෝස විදින ළදුනේ
අදුරේ පව් කරන දනා – එළිය රවන ළදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන – ලය නොපෙනෙන ළදුනේ
කුහුබුවකුටවත් වරදක් නැති – වැරදි කාර ළදුනේ

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 19 at පෙ.ව. 9:35