සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

බස් විත්ති තවදුරටත්

with 7 comments

මම මේ සටහන මුලින්ම දානකොට කියන්නේ කලින් ඇනොනිමොස් කුණු හරුප ආතල් ගත්ත වුණට මගේ කලින් සටහනක පිස්සු නැවුවා වගේ මේ සටහනේ පිස්සු නටන්න ලැස්ති වෙන්න එපා.මෙකේ ලියලා තියෙන්නේ මගේ අත්දැකීම් මිසක් ප්‍රබන්ධ කරපු ඒවා නෙවේ.දිරවන්නේ නැත්නම් කටපියාගෙන හිටු.

මගේ කලින් සටහන් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න.මේ ඒ සටහනට එක් කරන තවත් දිග හැරුමක් විතරයි.

ක්ෂිතිජ සූමානේ අන්තිමට බස් එකේ තමා ගෙදර එන්නේ.ඉතින් හුගක් වෙලාවට සෙනසුරාදා දවල් තමා පිටත් බස් එකේ එන්නේ.ක්ෂිතිජ එන්නේ ඒ සී බස් එකක අර බේබී රෝසා ද මොනාද කියන බස් එකක.ක්ෂිතිය හැමදාම සෙට් වෙන්නේ පස්සේ සීට් එකේ මොකෝ හොදට නිදාගන්න පුලුවන්නේ.ඉතින් දන්නවානේ පස්සේ සීට් එකට සෙට් වෙන්නේ කවුද කියලා බස් එකේ පෙම් මුල්ලත් තියෙන්නේ එතනනේ.ඔතනට හුගක් වෙලාවට එන්නේ ටියුෂන් යන නංගිලා මල්ලිලා විතරක්ම නෙමේ.ටිකක් විතර මෙරිච්ච එව්වොත් ඔතනට එනවා.දවසක් ඉතින් ක්ෂිතිජ යද්දි අවුරුදු විසිනවයක් තිහක් විතර අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා.

ඔන්න පිටි පස්සේ සීට් එකේ හිටියේ මමයි තව අන්කල් කෙනෙකුයි අර දෙන්නයි විතරයි ඔව් ඉතින් යන්න පුලුවන් හතරටනේ.කෝමෙන් කෝමෙන් හරි පස්සේ හිටිය මට දොයිය ගියා (මහ නරක පුරුද්දක් ) ඔන්න ගමනෙන් 3/4 ක් විතර යද්දි අන්කල් මිසින් ලග ඉන්නවා සුකිරී කැටේ වගේ ගැනු පරානයක් අන්කල් තිරිහන් වෙලාවත්ද ?,දැන් ඉතින් මොන නින්දක්ද ඉතින් මමත් නැගිටලා රස විද විද ගියා මම මේ කිව්වේ පිට කොටුවෙන් ගත්ත පැනි කජු කැල්ල.

ටිකක් වෙලාවක් යද්දී ගමනේ මැදක් හරියක් වෙන තැන බස් එකට නැග්ගේ නැද්ද ටිකක් විතර මැදි වයසේ ඉන්න බුවෙක්.නැග්ග විතරයි පස්සේ සීට් එකේ ඉන්න ලව් බර්ඩ්ස් කපල් එක ෆුල් ඩිම් බැරින්නම් ඒ අක්කාගේ මාමා කෙනෙක් ඔත්තු බලන්න ඇවිත් අක්කාව දැක්ක ගමන් පොර ඊලග හෝල්ට් එකෙන් බැහැලා පස්සෙන් ආපු වෑන් එකට නැග්ගා නැගලා බස් එකේ පස්සෙන් එනවා.දැන් කපල් එක මර ලතෝනි දෙන්නේ නැතුව විතරයි.නිකම් හින්දි චිත්‍රපටියක් වගේ.

කොහොම හරි වටේ පිටේ ඉන්න අයට වැඩේ මාට්ටු ,ඒ මදිවට මේ කපල් එක හොරෙන් බැදලා මැරෙජ් සෙටිෆිකෙට් එකත් තියෙනවාලු. ගෙදර අය කොල්ලාව මරන්න හොයනවාලු ඒකලු දෙන්නා හැමදාම කොලබ ගිහින් විනෝද වෙලා එන්නේ.බැදලා හින්දාද මන්දා බස් එකේ අය මේ ජෝඩුවට ෆුල් සපොර්ට්.කට්ටියක් ගහන්න හදනවා කට්ටියක් බස් එක නවත්වන්නේ නැතුව යන්න කියනවා, කට්ටියක් බයේ ඉන්නවා .කට්ටියක් අර අඩන අක්කාව සනසනවා අපි සෙට් එක අර අයියාව ෂේප් කරනවා.බස් එකේ කොන්දොස්තර හතර වටේ කොල් කරනවා අනිත් බස් වර ඩරයිවර්ලාට කොන්දන්ට වලියට.න් හිටිය ගමන් පස්සෙන් ආපු වැන් එක වැන් දෙක වුණා දැන් කට්ටිය ටිකක් බය වෙලා වැන් දෙකේම දධ සෙට් එකක් ඉන්නවා කියලා පේනවා ගහලා බේරන්න බැරි විදියක් තමා තියෙන්නේ ඒ අස්සේ ඩර්යිවර් බනිනවා මස් එකකට මොනවා හරි වුණොත් මරාගෙන මැරෙනවා කියලා.මිනිස්සු කලබල වුණාම කරන දේවල් බලන්න වටිනවා.

ලගින් හිටිය සුකිරිකැටේ නංගිගේ ටිකිරි මොලේට තමා අයිඩියා එක ආවේ බස් එක කෙලින්ම ගියේ පොලිසියට පස්සේ අපි බැහැලා ගෙදර ගියා.ආරංචි වුණ විදියට  පොලිසියේදි සිද්ධිය ෂේප් වෙලා කට්ටිය ස්තුතින් විසිර ගියාලු.

පොඩ්ඩක් හිමින් යන්නකෝ

with 10 comments

අද සිංහල සහ හින්දු අවුරුද්ද. මොකද අප්පේ අවුරුද්දේ දවස් තුන්සිය හැට පහේ සමරන්නේ නැතුව අදම අවුරුදු සමරන්නේ ? දන්න ඇයෝ නම කියාවී සුර්ය්‍යා මීන රාශියේ ඉදන් මේඝ රාශීයට සංක්‍රමණය වීම නිමති කරගෙනයි මෙහෙම අවුරුදු සමරන්නේ කියලා.
ගම්වල ඇත්තෝ නම් මේ වෙලාවේ ගෙදර වෙලා දරු පැටව් එක්ක කදේ දාගෙන ඉන්නවා ඇතී මොකෝ මේ නොනගතේ නේ සමහර ඇත්තේ පන්සල් එහෙම යන්න ලක ලෑස්තී වෙනවා ඇති.

අද තමා අපේ සමහර ලොකු ඇත්තෝ අනිත් දවස් තුන්සිය හැට හතරෙම කියව කියවා පට්ට ගහන ජාතික සාමයට බකප් එකක් දීලා නටවන්නේ.බොරුවට හරි ප්‍රායෝගිකව කරන්න පොඩි ට්‍රයි එකක් දෙන්නේ.

අනුන්ගේ ලගු පිල්වල අවලමේ ගිය තාත්තලා පුතාලා (බවලත් ඇත්තොත් අදාලයි ) අද තමා තමන්ගේ අඹුව සහ ලමයි එක්ක එක මේසේ වාඩි වෙලා එකට කෑම වෙලක් කන්නේ.

මහ ලොකුවට හරිතාගාර ආචරණය , පරිසර විනාශය ගැන කතා කරන ඇත්තෝ රුපියල් දහස් ගනන් වියදම් කරලා රතිඤ්ඤා ගෙනල්ලා පත්තු කරලා චූන් එකක් ගන්නේත් අදම තමා.

අවුරුද්ද පුරා බෙහෙතකටවත් අම්මාට තාත්තාට වදින්නේ නැති අවජාතක ලමයි අද තමා බුලත් අතක් දීලා අම්මාගේ තාත්තාගේ කකුල් දෙක අල්ලලා බදින්නේ.

අවුරුද්ද පුරා වැට මායිම්වලට මරා ගන්නා වුන් අදතමා වලියට පොඩි ජොලියක් දෙන්නේ .

සුදු කෙලින් එක සහගහන පවක් කියන මේ ධර්මද්වීපයේ පොඩි එකාගේ පටන් හැට පැන්න නාකියාට පවා සුදු කෙලින්න ටෙම්පරියක් හම්බ වෙන්නේ මේ දවසට තමා.

පන්සල් යන්න හොදම දවස අදයි මොකද අවුරුද්දේ අනිත් දවස් තුන්සිය හැට පහ පුරාම අඩා වැඩියාව කියන ලොකු හාමුදුරුවෝ අද ධර්මය ගැන පොඩ්ඩක් කතා කරාවී.

අද තමා යාපනේ සෙල්ලම්මා , තංගරාජ ට දකුණේ ඇත්තෝ වෙඩි තියලා දාපු තම්බිවත් , දුෂණය කරපු තංගාත් නැතිව අවුරුදු කන්න වෙන්නේ.කිරි ඉබ්බන් වැව ඉන්න සුනිමල්ට කොටි ඇවිත් කපලා මරලා දාපු අම්මවත් කැලේදී වෙඩි තියලා මරපු තාත්තත් නැතිව අවුරුදු කන්න වෙන්නේ.

නගරේ වීදී දිගේ ඉන්න හිටින්න නැනි මිනිස්සු අද එකතු වෙලා අවුරුදු සමරනවා ඇති, අවුරුද්ද පුරා ගිගා කාපු සොච්චම එකතු කරලා ආඩි හත් දෙනාගේ කැද හැලිය වෙනුවට කිරි බතක් කනවා ඇති.

තවත් සමහර ඇයෝ ගෙදර එන්න බැරුව හූල්ල හුල්ල තමන්ගේ නිවාඩු කැන්සල් කරපු මහ ඇත්තන්ගේ අම්මාව තාත්තාව සිහි කර කර අවුරුදු සමරනවා ඇති.

මේ ඔක්කොම දකින මට හිතෙන්නේ ඇයි යකඩෝ අවුරුද්දේ අනිත් දවස් තුන්සිය හැට හතරෙත් අවුද්දේ සමරන්න පුලුවන් වෙන විදියට සුර්ය‍ය දිව්ය රාජයාට හිමින් යන්න බැරි ඇයි කියලයි.

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 අප්‍රේල් 14 at පෙ.ව. 8:40

බස් විත්ති

with 9 comments

ක්ෂිතිජ උදේ හවා යන බස් එකේ ක්ෂිතිජට මීටර් වෙච්ච සිද්ධි කීපයක් තියෙනවා.මොකෝ එකම වෙලාවට එකම බස් එකේ යන හින්දා නගින් බහින සෙට් එක බොහොම වෙලාවට එකම අය.

ක්ෂිතිජ ඒ කට්ටියට එක එක නම් දාල තියෙනවා හදුන ගන්න.මුලින්ම නගින්නේ චූටි අක්කා.චූටි අක්කා චූටි අක්කා ලස්සන සුදු අක්කා කෙනෙක් අදින්නේ සාරිය.හැබැයි ඉතින් ඒ ආර්‍ර‍ය සින්ගල විදියටනම් නෙමේ.අර නෙරියද මොකක්ද එක තියෙන්නේ අක්කාගේ නාභිය කියන එකටත් වියතක් දෙකක් විතර යටින්(දැන් අහන්නේ එපා මම අත තියලද දුර මැන්නේ කියලා ).

චුටි අක්කා අර සිංසල සාහිතයේ කියනවා වගේ සුකුමාල රුවැතියක් අනේ ඉතින් මොනවා කියඳ අර මොඩර්න් සාරිය ඇදන් ආවාට මොකද ආපු ගමන් කරන්නේ බැග් එක හරස් කරගෙන දර්ශන පටය අවහිර කරන එක .කවුරු හරි බස් එකේ චූටි  අක්කා දිහා බලන් ඉන්නවානම් ඉතින් බලන රැවිල්ල තමා බලන්න වටින්නේ !

Sri Lanka bus crowed

Crowed in a Sri Lankan Bus

චූටි අක්කා මම හිතන්නේ අදුම් අදින්නේ තමන්ටම පෙන්වන්න විතරයි.ලගදිම සල්ලි එකතු කරලා බුර්කාවක්  අරන් දෙන්න ඔනේ.එතකොටවත් අඩුම ගානේ ඔරවන එකවත් නවත්වන්නේ නැතැයි

ඊලගට නගීන්නේ මල් කුමාර, මල් කුමාර බස් එක නගින වෙලාවේ ඉදන් බහින වෙලාවේ දක්වා පැය බාගයක් විතර පෝන් එක කනේ ගගගෙන මල් කඩන එක තමා කරන්නේ කොටින්නම ටිකට් ගන්නවත් සල්ලි දෙන්නවත් මල් කඩන එක නවත්වන්නේ නෑ.මම් හිතන්නේ පොරට කන් බෙරයක් නැ.

ඊලගට නකින්නේ කැකිරි අයියලා ඒ ගොල්ලෝ ලගදි තමයි බස් එකට සෙට් වුනේ, දෙන්නාම බස් එකට නගින්නේ ඔෆිස් යන්න වගේ දෙන්නාගේ වැඩේ තමා නැග්ග ගමන් කැකිරි පලන එක හරියට කෙල්ලෝ දෙන්නෙක් වගේ මම ජිවිතයේ පලමු වතාවට තමයි දැක්කේ කොල්ලෝ දෙන්නෙක් මේ වගේ හැසිරෙනවා ඒ මදිවට මේ ජෝඩුව බස් එකේ යන්නේ අත් අල්ලාගෙන හිටිය ගමන් අමුතු අමුතු බැල්මවලුත් දානවා.සමහරවිට මේ දෙන්නාගේ කතාවත් අසම්මත කතාවක් වෙන්න ඇති.බලමු ටික දවසකින් දැන ගන්න හම්බ වෙයි.

ඊලගට නගිනවා ආබාධිත රණ විරුවෝ කට්ටියක් පහලොවක් විතර මේ ගොල්ලෝ එන්නේ සිකුරාදාට විතරයි.ආපු ගමන් කොන්දොස්තර අයියා කෑගහනවා සීට් දෙන්න සීට් දෙන්න කියලා. පොල් පටවපු බස් එකේ මොන සීට් ද.කොහොම් කොහොම හරි කට්ටියට සීට් හම්බ වෙනවා .මේ ගොල්ලෝ අහිංසක විදියට හිනා වෙලා සීට් එකේ වාඩි වෙනවා සම්හර වෙලාවට හිතෙනවා ඇති මුන්ටද අපි රට බෙරා ගන්න ගිහින් අතපය අහිමි කර ගත්තේ කියලා.නැගිටන මිනිස්සු කිසිම කෙනෙක් කැමැත්තෙන් නැගිටනවා කියලා හිතන්න බැ මොකෝ මොන මිනිහාද කැමති පොල් පටවපු බස් එකක නැගිටගෙන පොඩි වෙලා දාධිය පෙරාගේන ඔෆීස් යන්න.හමුදාවේ අයියලාට පුලුවන්නම් ඔක්කොම එකපාරට නගින්නේ නැතුව පස් දෙනා පස් දෙනා බස් තුනකවත් එන්න. ඒක ඒ ගොල්ලන්ට වගේම අපිටත් හුගක් පහසුවක් වේවි.එහෙම නැත්නම් වෙන්නේ හැමදාම දෙගොල්ලන්ට දුක් වෙන්න ශිද්ද වීමයි.

පොස්ට් එක ටිකක් දිගට යන බවයි පෙන්නේ ඒ හින්දා කට්ටි කරා ඊලග කොටස ඉක්මනට දාන්නම්

ලිස් ටේලර් ගේ ලංකා ගමන

with 7 comments

Cover of "Elephant Walk"

Cover of Elephant Walk

එලිබෙත් ටෙලර් යනු ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ මෙන්ම ලෝක සිනමාවෙත් මහත් පෙරලියක් කල නිලියක් කියලා හදුන්වන්න පුලුවන්.හතලිහේ දශකයේ සිට අද දක්වා ඉතාමත් වටිනා සේවයක් සිනමාවට මෙන්ම අනෙත් අයට විශේෂයෙන්ම ඒඩ්ස් මැඩ පැවත්වීම වගේ ක්‍රියාවලීන් සදහා ඇය ලබා දුන්නා.

මෙම ලිපියේ අරමුණ වන්නේ ඇගේ චරිතාප්‍රදානය ලිවිමට නෙමේ.එලිබෙත් ටෙලර් යන විශ්ව සම්මාන ලාභී නිලිය විසින් ලංකාවේ ඉතිහාසයේ ඇගේ ආගමනය  සටහන් කල බව දන්නේ ඉතාමන් අතොලස්සක් බව නොරහසකි.අතැම් අය කියන්නා මෙන් “පර සුද්දියක් ” ලංකාවට පැමිණීම මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

Robert Standish නම් ලේඛකයා විසින් රචිත ‘Elephant Walk‘  කෘතිය ආශ්‍රයෙන්  එම නමින්ම 1950 දී පැරාමවුන්ට් ආයතන විසින් නිපදවන ලද සිනමා නිර්මාණය එදාට පමණක් නොවේ අදටත් ශ්‍රී ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම විදහාපාන්නකි.

කතාව ගෙතී පවතින්නේ ශ්‍රී ලාංකාවේ ජීවත් වෙන එංගලන්ත ජාතික වැවිලි කරුවෙකු හා විවාහ වන එංගලන්ත යුවතියක(එලිසෙබෙත් ටෙලර්) වටාය.ඇය එහිදී ඇගේ ස්වාමියාගේ වත්තේ පිහිටි බංගලාවකට යයි ඉන්පසු ඇයa දැන ගන්නේ එය අලි ගමන් ගන්නා මාර්ගයක (අලි මංකඩක ) පිහිටා ඇති බවයි.මේ ආශිත්‍ර සිදුවීම් පෙලක් වටා මෙම කතාව ගෙතී පවතී.

පසුගිය මාර්තු විසි තුන වෙනිදා ඇය සදහටම අපි අතරින් සමුගත්තා.කොතෙකුත් දක්ෂ නිලියන් අනාගතයේදී පහල වූවත් එලිසිබෙත් ටේලර් නැති අඩුව් මකන්නට නොහැකි වෙනවා ඇත.එයට හොදම නිදසුන වන්නේ  රුක්මනී දේවියගේ වියෝවෙන් හිස් වු ඉඩ අදටත් පිරවීමට කිසිවකු නැත.

 

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 26 at ප.ව. 1:48

ගිය සෙනසුරාදා , ජීවිතයට යමක්

with 6 comments

දවස් ගාණකට පස්සේ අද තමා බ්ලොග්ලන්තය පැත්තේ ආවේ.ඔහොම තමා ජොබක් කරන්න පටන් ගත්තාම අනිත් විනෝදාංශ ටිකක් පස්සට දන්න වෙනවා.විශේෂයෙන් අයි ටී ෆිල්ඩ් එකේ ජොබ් එකක් කරනකොට පෞද්ගලික් ජිවිතය කියන දේ තියෙනවාද කියලා මතක් වෙන්නේ සෙනසුරාදාට ඉරිදාට තමා.සමහර විට තාම ආධුනිකයෙක් හින්දාද මන්දා.ටික දවසක් යද්දි බැලන්ස් කරගන්න පුලුවන් වෙයි.ගෙදර අම්මා උයන කෑම ටිකේ අගේ තේරෙන්නේ පිටින් කන්න ගත්තාම තමා.කෝමත් ගෙදරත් සුමානෙට දවස් තුනක් පිටින් කන හින්දා එච්චර අමාරුවක් නෑ.මම ගිය ටිකට තාත්තා  ඒ නීතිය සංශෝධනය කරන්න යනවාලු දවස් හතම ගෙදර උයන්න කියලා වැඩට ගිහින් නැහිල එන අම්මා කොහොම කර ගනීවිද දන්නේ නෑ.

හෝව් හෝව් දැන්  එමු අද කතා කරන්න ආපු දෙයට.

ඔන්න ගිය සුමානේ සෙනසුරාදා උදේ පාන්දර දන්නේ නැති  නොම්බර් එකකින් කොල් එකක් එනවා උදේ අටට ව්තර මොන මගුලක්ද ඕයි නිවාඩු දවසේ නිදා ගන්නවත් නෑ, ආන්සර් නොකරත් බෑ.ඉතින් කුණු කෙල පෙර පෙර ඇද උඩ ඉදින්දිම ආන්සර් කලා කෝල් එකට මෙන්න බොලේ කෙල්ලෙක්.නිදිමත කොහේ ගියාද කියලා නෑ.ඉබේම නැගිටිලා ඇද උඩ ඉන්දිලා.

මෙන්න කෙල්ල මල්ලී කියනවා, ඉතින් කරහන්කෝ.මම ඉතින් පුවක් ගහකට නැග්ගත් දෙබලක් නේ ලබා උපන් හැටි තමා.බැලින්නම් ඉස්කෝලේ පරන ෆිට් අක්කා කෙනෙක්.ඒ ගොල්ලන්ගේ ආදී ශිෂ්‍ය කණ්ඩායම ලේ දන්දීමක් පවත්වනවාලු අද ඉස්කෝලේ එන්නලු ලේ දන්දෙන්න .මාස හයකට කලින් තමා අන්තිම වතාවට ලේ දුන්නේ එක හින්දා මේ පාර දෙන්න පුලුවන්.ඉතින් මමත් එන්නම් කියලා කිවවා මෙන්න බොලේ මේකි කියනවා “මල්ලි පැටියෝ පුලුවන්නම් යාලුවෝ ටිකකුත් අරන් එන්න කියලා ” ඔන්න හැට හතර මායම් වලින් එකක් , කෙල්ලෝ කියන ජාතියනම්……..

නිදිමත පැත්තක දාල නැගිට්ටා සරම ගිහින් වැලේ වැනුවා නැත්නම් තාත්තාගෙන් බැනුම් කෝටියයි වලල්ල වගේ දාලා යනවා කියලා (ඇත්ත දැන් පොඩි ලමයි නෙමෙයිනේ ). යන අපායකට මුලින් යන්න ඔනේ හින්දා මුණ කට හෝදලා බත් ටිකක් අඹරලා යන්න ලැස්ති වුණා හුටා දැන් යාලුවෝ කොහෙන් කියලා හොයන්නද ?

ගත්තා පොන් එක දුන්නා කොල් එක ස්කෝලේ ෆිට් එකකට

මම        : මචන් ෆිට් එක මම මේ ක්ෂිතිජ

ෆිට් එක : ඔව් බන්

මම       :අද ස්කෝලේ යමුද

ෆ්ට් එක :හරි මචන් බිග් මැච් එක නේද

මම       :නැ බන් ඒක ඊලග සුමානේ.මේ ලේ දෙන්න කියලා

ෆිට් එක: අහ් මචන් මම දා ගත්ත වැඩ වගයක් තියෙනවා අද එන්න වෙන්න නැ.අවුලක් නැ නේද ?

මම       :අවුලක් නෑ පස්සේ සෙට් වෙමු.

ගත්තා තවත් ෆිට් එකකට ඌත් එහෙමයි යකෝ මුන් නිකම් ලේ දෙන්න බය වෙන්නේ කෙල්ලෝ කැරපොත්තෝ දැකලා වගේ.ගත්තා ආයිත් කොල් එක ස්කොලේ නංගි කෙනෙකුට

මම        : නංගි මම ක්ෂිතිජ අයියා.

නංගි     : අපෝ දැනුයිනේ බෝල අයියාට අපිව මතක් වෙලා තියෙන්නේ

මම       : දන්නේ නැද්ද නංගි වැඩ.අද ස්කෝලේ ලේ දන්දෙන්න කැම්ප් එකක් තියෙනවා, එනවද ඒ පැත්තේ

නංගි     :චුට්ටක් ඉන්න මම අම්මාගෙන් අහලා කියන්නම්

මම      :හිතමින් (මේකත් දෙල්).

නංගි    :හරි අයියේ මම එන්නම්.

මම      :එල පුලුවන්නම් කැමති අය ඉන්වානම් එක්කන් එන්න එහනම් මම ගියා ටටා.!

නංගි    :හරි අයියේ මම බලන්නම්,ටටා!

ඔන්න එකත් හරි.තාත්තාට කියලා ටවුමට ඩ්‍රොප් කර ගත්තා. පයින්ම ඇද්දා ඉස්කෝලෙට.අප්පා ලේ දෙන්න ඉන්න සෙනග.මුලු මෙන් හෝල් එකෙන්ම සියෙන් එකක්වත් නෑ.කට්ටිය නිවාඩු දවසේ තාම නිදි ඇති.ගියා ඇතුලට සෙට් වුණා ලේ දෙන්න යන අය ඉන්න පෝලිමට.දුන්නා කොලයක් පුරවන්න.පිරෙව්වා රතු පොතත් තිබ්බා.මෙන්න බොලේ බර කිරනවා නර්ස් අක්කා කෙනෙක් ,මම ඔය තරාදියට නැග්ගොත් තරාදිය කැදෙයිද ? මොනවා කරන්නද, තරාදියනම් කැඩුනේ නැ, එත් නර්ස් අක්කාගෙනම් ඇස් උඩ ගියා මම හිතන්නේ ඉලක්කම් තුනේ බරක් ඔය දැක්කමයි.

ඊලගට ගියේ දොස්තර ගාවට.මෙන්න බොලේ ඉන්නවා සුදු නංගි නෝනා කෙනෙක්.ගියා විතරයි මෙන්න බොලේ ගැනි කඩුව අරන් කොටන්න පටන් ගත්තා ගහපු සැන්ට්වල සුවද දැනිලාද කොහෙද මමත් දුන්නා කඩුවෙන්ම.කඩු හරබෙ මැද්දෙන්ම මේ ගැනි කියනවා මිස්ටර් ඔයාගේ බරනම් වැඩියි අඩු කර ගන්න කියලා මොන මගුලක්ද ජිම් යන්නේ ඕකට තමා නැතුව යකඩ කිරන්නද කියලා අහන්නත් හදලා  කටෙම තියා ගත්තා නැත්නම් ලේ දීලා ඉවරනේ.

මෙන්න ඉන්නවා අයියා කාරයෙක් දුන්නා මොකක්ද කට්ටකුයි ප්ලාස්ටික් බැග් එකකුයි.වාරේ එනකම් ගිහින් වාඩි වුණා.දඩ ඩොල්පින් එකක් ඇවිත් නැවත්තුවා කියමුකෝ ,බහිනවා දඩ සෙට් එකක් අන්න බොලේ අර නංගිත් ඇවිත් ! යකෝ ! මෙකි ගමම එක්කන් ඇවිත්නේ ලේ දෙන්න.නැගිට්ටා දුවලා ගියා නංගි ගාවට දුන්නා පොඩි ටොකක් මොනවා වුණත් හොද වැඩක්නේ.ආයිත් දිව්වා පෝලිමට නැත්නම් නර්ස් නැන්දාගෙන් බැනුම් අහන්න වෙනවානේ.

තිබ්බා ඇදක් ගිහින් වාඩි වුණා.මෙන්න නර්ස් නංගි  කෙනෙක් එනවා ඇවිත් කියපි සපත්ටු ගලවන්න කියලා සපත්ටු ගලවලා වෙන මොනවත් ගලවන්න කියන එකක් නැ නේද ? ගැලෙව්වා සපත්තු දෙක ඇලවුණා ඇදේ .මෙන්න නර්ස් නංගි ඇවිත් ගැහුවා කටුව මල හත්තිලව්වයි ලේ එන්නේ නෑ.බෝසාට හිතින් බැනලා ලේ ඔක්කොම පිච්චිලාද කොහෙද ?  නර්ස් අක්කා චුට්ටන් හිනාවක් දාල ගැලෙව්වා කටුව ,ආයිත් ගැහුවා, ආයිත් ලේ නෑ. දැන්නම් හොදටම ෂුවර් ලේ ඔක්කොම පිච්චිලා කියලා.දැන් කඩි දෙන්නෙක් කැවා වගේ කඩි හතක් කැවොත් නයි විසනේ.

අප්පා පස්සෙනේ මතක් වුනේ මගේ නහර පෙන්නේ නැනේ. අලින්ට මොන නහරද ? ඔන්න එනවා ලොකු නර්ස් ඇන්ටි කෙනෙක් ඇවිත් වාඩි වුණා ඇදෙන්ම.මෙන්න  අත හොදට බලලා ගැහුවා කට්ට. අප්පා ඇති යන්තම් ලේ එනවා ,දුන්නා රබර් බෝලයක් මිරිකන්න.මෙන්න නර්ස් ඇන්ටි කියනවා “පුතා ඔයාවනම් කවදාවත් මට අමතක වෙන්නේ නැ.මම මෙහෙට ආපු හැමවෙලාවෙම ඔයාගේ අතට කට්ට ගහන්න වෙන්නේ මටනේ”.අහ් මේ නර්ස් ඇන්ටි නේද ගිය පාරත් මට කට්ට ගැහුවේ මොනවා වුණත් මම එක්කෙනෙක්ට හරි මතක තියෙනවා, ඇති යන්තම්.

විනාඩි දහයයි ලේ බැග් එක පිරුණා.ගැලෙව්වා කට්ට නර්ස් නංගිට දැම්මා පොඩ් හිනාවක් නර්ස් ඇන්ටිට යනවා කියලා කිව්වා.ගිහින් බනිස් දෙකකට වැඩේ දුන්නා.බැලින්නම් මෙන්න බොලේ ඉන්නවා ඉස්කෝලේ මල්ලිලා සෙට් එකක් මාව දැකලා දත් හැට හතම පෙන්නලා හිනාව.මුන්ට මමම කොච්චර කෙලලා ඇත්ද ?ඒ වුණාට හිනා වෙන්න තරම්වත් පුලුවන් කමක් මුන්ට තියෙනවානේ.මොනවා වුණත් හොද කොල්ලෝ සෙට් එකක්.මෙන්න සෙට් එකෙන් එකා දෙන්නා කැපෙනවා.පරණ තැබිලි ගස් කෙහෙල් කැන් මතක් වෙලාද කොහේද , මොකටද හොද වැඩවලට බාධා කරන්නේ.

ගියා පිෆෙක්ස් කාමරයට, දැන් තියෙන්නේ වෙන තැනකනේ එකෙක් ඉන්නවා පොන් එකෙන් මල් කඩ කඩා.මම ගියා විතරයි මූට ඉන්න හිටින්න අමතකයි , මම ඉස්කොලේ කාලේ හිටිය හැටි මතක් වෙලාද කොහෙද, පොඩි ටෝකක් දාල පින්සිපල් ගේ ඔෆිස් එක පැත්තෙන් ගේට්ටුව ලගට ආවා මෙන්න බොලේ ඔෆිස් එක වටෙටම මල් පෝච්චි මොනවා වුණත් කොල්ලෝ ටික පින්සිපල්ට අන්තිම ප්‍රහාරයත් එල්ල කරලා වගේ.දැන් සදුදාට ඉස්කෝලේ ආවම තමා කිවිසුම් යන්න පටන් ගන්නේ අපේ අම්මලා තාත්තලාටත් එක්කම.

මෙන්න බොලේ ඇත ඉදන් එකෙක් විසිල් කරනවා බැලින්නම් මංජු අයියා.ගියා ලගට මෙන්න බොලේ මෙකා අහනවා මල්ලි දුමක් දෙන්නද , යකෝ මුන්ට ඉස්කෝලේ අතීත මතක සටහන් අමතක කරන්න බැ වගේ.ඉස්කෝලේ ගිනි නොතියා ආවොත් ඇති.අනම් මනම් කියලා දුමෙන් බේරිලා පැය කාලක් විතර පච හලලා ඉස්කෝලෙන් එලියට ආවා.

පසු වදන

ලේ දන්දෙන්න බයෙන් ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්නේ ලේ දන් දෙන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා.ලේ දන් දෙන්න හැකියාව ලැබෙන එකත්ම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.ඒ දෙන ලේ ටිකෙන් මිනිස්සු කීයක් ජීවත් වෙනවාද කියලා හිතලා බලන්න.ඉතින් ඒ වගේ අවස්ථා මග හරින්න එපා.පොඩ්ඩක්වත් බය වෙන්න එපා.

 

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 19 at පෙ.ව. 9:05

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – දිග හැරුමක්

with 15 comments

Technicians prepare a body for cryopreservation.

Image via Wikipedia

කොහොමද මරණින් මතු ජීවත් වෙන්න හම්බවුනොත් කොහොමද මැරිලා අවුරුදු දාහකට පස්සේ නැවතත් මේ ලෝකයට එන්න හම්බ වුනොත් මම මේ කියන්නේ පුනුරුත්පත්තිය ගැනනම් නෙමේ.මේ ජිවිතෙදිම කරන්න පුලුවන් කියන දෙයක් ගැනයි.මේ ලිපිය අපේ සත් සමුදුරේ පලවූ “විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century” ලිපිපෙලෙහි දිග හැරුමක් කියලා කියන්න පුලුවන්.දිනේෂ් දීපාල් සහෝදරයා මේ ලිපිවල සිරුරු කල්තබා ගැනිමේ එක පැතිකඩක් ගැන පමණක් කතා කරලා තිබුණා.හැබැයි මම හිතන්නේ ඒ සොයුරාට තව පොඩි විස්තර ටිකක් මග හැරුණා වගේ.

මරණයෙන් මතු ජීවිතය ගැන මුලින්ම අපිට ඉතිහාසයේ සටහන් හමුවන්නේ ඊජිප්ත්තුවේ ඊට පස්සේ විවිධ ශිෂ්ඨාචාර වල මේ ගැන සදහන් වෙලා තියෙනවා.නූතනයේ මරණයෙන් මතු ජීවත් වෙන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා.මට මේ වේලාවේ මතක් වෙන්නේ අපේ රටේ ජීවත් වුණ අද්වතීය පුද්ගලයෙක් වෙන ආතර් සී ක්ලාර්ක් මහතා එතුමා ගේ ප්‍රබන්ධ කීපයකදීම මේ ගැන සදහන් වෙනවා.එක් සටහනක් වෙන්නේ3001: The Final Odyssey හි ෆ් රැන්ක් පෝල් ( 2001: A Space Odyssey කෘතියේ හල් විසින් යානයෙන් ඉවත් කරපු ) නැවත හමුවෙලා පණ ගන්වපු ආකාරය.මට මතක හැටියට තවත් සටහනක් වන්නේ The Songs of Distant Earth හී තෙලෙස්සියන් කෙනෙක් වූ මියගිය කුමාර් නැවත පණ ගැන්වීමට පුලුවන් බව ප්‍රකාශ කිරිමයි හැබැයි ඒ සදහා සගාන්2 වෙත යාමට සිදුවෙනවා.තව දෙයක් එතුමා ශිශිරතාරක නින්ද (cryonic suspension)කියන සංකල්පය ඉදිරිපත් කරලා තියෙනවා නමුත් මේම සංකල්පය සියයට සීයක් මමීකරණය සමග නොගියාට ටිකක් සමීප සංකල්පයක්.

මේ වගේ මත විද්‍යාඥයන් ගොඩ දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා හැබැයි එකක්වත් සාර්ථක අත්හදා බැලීමක් කරලා නෑ නමුත් විද්‍යාඥයන්  විශ්වාෂ කරනවා යම් ක්‍රමවේදයකට භාජනය කරන ලද සිරුරක් නැවැත පණ ගැන්වීමට අවශ්‍ය තාක්ෂණය අනාගතයේදී හොයා ගනීවී කියලා.ඉතින් ඔන්න ඔතෙන්ට තමා නූතන මමීකරණය කියන සංකල්පය එහෙම නැත්නම් Cryonics කියන සංකල්පය එන්නේ.

මේ සංකල්පය අනුව යම් ජිවී සෛලයක් (ජීවියෙක් ) අඩු උශ්ණතවයේ තබා කලක් ගත වූ පසු නැවත පණ ගැන්විය හැකිය යන්න විශ්වාෂ කරනවා නමුත් මේ පණ ගැන්වීම වර්තමානයේ පවතින තාක්ෂණය අනුව කරන්න බැ.ඒ නිසා ඒ වැඩ කොටස අනාගතයේ ඉන්න විද්‍යාඥයන්ට භාර දෙනවා.

මෙන්න මෙහෙමයි ඔය කටයුතු සිද්ධ වෙන්නේ.යම් පුද්ගලයකු (අපි හිතමු මේ පුද්ගලයා මේ සදහා අවශ්‍ය කටයුතු කලින් සම්පාදනය කරලා තියෙනවා කියලා )මිය ගියාම (නීතිමය කටයුතු කරලා ඉවර වුණාම ) අදාල තාක්ෂණවේදීන් මිය ගිය පුද්ගලයාට කෘතිම ලෙස ඔක්ෂිජන් සම්පාදනය කරලා සිරුරේ කටයුතු පවත්වාගෙන යනවා එතකොට සෛල මැරෙන එක වැලෙකෙනවා.(මොලයට ඔක්ෂිජන් නැතුව ටික වෙලාවක් ඉන්න පුලුවන් ).ඊට පස්සේ කරන්නේ සිරුර විශේෂ සෛල්‍යාගාරයකට ගෙන යනවා ඒ කාලය තුල සිරුර තියෙන්නේ ඉතාමත් සීතල කරපු පරිසරයක් ඔය අවස්තාවේදි රුධිරය ස්පටිකරණය වීම වැලැක්වීමටත් මොලයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමටත් බෙහෙත් දෙනවා.

සිරුර නියමිත විශේෂිත ශෛල්‍යාගාරයට ගෙන ආවට පස්සේ තමා සංරක්ෂණ ක්‍රියාවලිය ආරම්භවෙන්නේ.මුලින්ම කරන්නේ සිරුරේ තියෙන වතුර ඉවත් කරන එක ඒ කියන්නේ අපේ සිරුරේ තියෙන රුධිරය ඉවත් කරලා රුධිරය වෙනුවට වෙනත් විශේෂයෙන් පිලියෙල කරන ලද සංයෝගයක් (cryoprotectant)ඇතුලත් කරනවා.මෙයින් සිදු වන්නේ අඩු උශ්ණත්වයේදී ශෛල ස්පථකිකරනය විම වැලක්විමයි.මෙහි ප්‍රතිපලයක් ලෙස ශෛල නිද්‍රා තත්ත්වයට පත් වෙනවා.

ඊට පස්සේ කරන්නේ සිරුර පවතින උශ්ණත්වය සෙල්සියස් අංශක ඍන එකසිය තිහක් දක්වා උශ්ණත්වයකට අඩු කරන එකයි.අන්තිමට කරන්නේ සිරුර සෙල්සියස් අංශක ඍන එකසීය අනුවක පවත්වාගෙන යන ද්‍රව නයිට්‍රජන් ටැංකියක ගබාඩා කරන එකයි.අන්තිමට මෙවැනි ටැංකි රාශියක් ඉතාමත් ආරක්ෂිත අන්දමින් සුරක්ෂිත කරලා තියෙනවා අනාගතයේදී නැවත ගැනීමට.මෙම ක්‍රියාවලිය දවසින් දෙකෙන් කරන එකකක් නෙමේ ඒකට සුමාන ගානකුත් විශේෂඥ කාණ්ඩායමකුත් අවශ්‍ය වෙනවා.

දැන් ඔය ගොල්ලන්ට හිතෙනවා ඇති මේක හැමෝටම කරන්න බැරි දෙයක් කියලා නැ මේක ඔය ගොල්ලන්ට උණත් කරන්න පුලුවන් හැබැයි වියදම තමා සැර වැඩි.මෙම ක්‍රියාවලියට අඩුම ගානේ ඩොලර් එක් ලක්ෂ පනස් දාහක්වත් යනවා (සම්පුර්ණ සිරුර සදහා ) මොලය පමණක්නම් ඩොලර් පනස්දාහකින් කරගන්න පුලුවන්.

ඔය ගොල්ලන්ට වැඩි විස්තර අවශ්‍යනම් මේ සයිට් එකේ බලන්න

http://www.alcor.org

මෙන්න මම පිංතුර ටිකකුත් දානවා කරන ආම්පාන්න ගැන.යට වීඩියෝ එකත් බලන්න ඒකෙත් විස්තර තියෙනවා.

Operating room at Alcor Life Extension Foundation

Operating room at Alcor Life Extension Foundation

A surgeon at Alcor performs initial procedures to gain access to a patient's vascular system, preparing for the vitrification process.

A surgeon at Alcor performs initial procedures to gain access to a patient

Following vitrification, patients are placed in individual aluminum containers.

Following vitrification, patients are placed in individual aluminum containers.

Following vitrification, patients are placed in individual aluminum containers.
Each aluminum container is placed in a

http://www.youtube.com/watch?v=MuLjw8Arm88

මේ ලිපියට මුල් වූ සත්සමුදුරේ සටහන්

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – පලමු කොටස

විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – දෙවන කොටස

අනුෂා

with 10 comments

අනුෂා අපේ දහයේ වසරේ පන්ති නායිකාවයි.ටිකක් කලු උස මහත කෙල්ලෙක්.මට මතක හැටියට අනූෂාට කිතුල් රැනක් වගේ දිගට වැවුණ කොන්ඩයක් තිබුනා.එච්චරම කොල්ලොත් එක්ක ෆිට් එකක් නොතිබුනත් අනුෂා පන්තිය ඕනැම දෙකට කොල්ලොත් එක්ක හිටියා.හවසට කලු ලැල්ල කලු කරන්න කොල්ලෝ නතර වුණාම අනුෂා තමා හොස්ටල් එකෙන් තේ අරන් එන්නේ.ඉල ඇදෙන මල පනින විහිලු මොකක් කලත් අනුෂා ඒව එච්චර සිරියස් ගත්ත නැති කෙල්ලෙක්,අනුෂා නතර වෙලා හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ.හැබැයි අපි ඔක්කොම දැනන් හිටියා අනුෂා හුගක් දුෂ්කර පලාතකින් දුප්පත් පවුලක් ලමයෙක් කියලා.හෝදා හෝදා පට්ට ගැහිලා තිබුන සුදු ගවුමත් ලෙලි ගිහිල්ලා තිබුන සපත්තු දෙකත් දැක්කාම ඕන කෙනෙකුට ඒ බව හිතා ගන්න පුලුවන්.

මත මතක හැටියට දහය වසරේ දෙවන වාරය ආරම්භ වෙලා දවසකට දෙකකට පස්සේ දවසක් පන්ති භාර මිස් අනුෂාට එයාගේ කාමරයට කතා කලා.කාමරයෙන් එලියට එද්දී අනුෂා අවේ අඩ අඩා.ඊට  පස්සේ ඉස්කොලේදී අපි අයෙත් අනුෂාව දැක්කේ නැ.
දවසක් රෙද්දේ හැට්ටේ ඇද ගත්ත අම්ම කෙනෙක් ඇවිත් අනුෂාගේ අස්වීම් සහතිකේ අරන් ගියා.පස්සෙ අනුෂාගේ හොස්ටල් එකේ යාලුවාගෙන් තමා ඇත්ත විස්තරේ හෙලි වුනේ.එදා මිස් කතා කරන දවස වෙනකොට අනුෂා බඩ දරු අම්මා කෙනෙක්.අනුෂා බඩ දරු වෙලා තියෙන්නේ එයාට වඩා අවුරුද්දක් වැඩිමල් ගමේ කොල්ලෙකුට.පස්සේ අනුෂායි කොල්ලයි කසාද බැදලා ඒ කියන්නේ අනුෂාට පහලොවක් දහසයක් වෙන කාලේදී

ආයිත් මට අනුෂාව හම්බ වුනේ මීට දවස් කීපයකට කලින්.ඒ ටවුමේ ලමයි දෙන්නෙක් එක්ක කලන්තේ දාල වැටිලා ඉන්දෙද්දී.පුංචි කුරුලු පැටව් දෙන්නෙක් වගේ ලමයි අනුෂා ගාව දැවටි දැවටි ඉන්නවා.දැක්කාම ආදරේ බෑ.මමයි අම්මයි වතුර ටිකක් පොවලා පියවි සිහිය ආවම තමා අනුෂා මාව අදුරගෙන කතා කලේ.අනුෂා කියන විදියට අනුෂායි එයාගේ සැමියායි සැහෙන්න සතුටින් ජීවත් වෙලා තියෙනවා.අන්තිමට අනුෂාගේ සැමියා මේසන් බාස් කෙනෙක් වගේ රස්සවාක් කරගෙන පොඩි ගෙයකුත් හදා ගෙන පවුලත් එක්ක සතුටින් ජීවත් වෙලා තියෙනවා.

ඔය සතුටට කණ කොකා හැඩලුවේ පොලිසිය ඇවිත් අනුෂාගේ සැමියා අරන් ගියාට පසුවයි.අනුෂාගේ සැමියාගේ වැරද්ද තමා අනුෂාව අපයෝජනය ලක් කිරීම, නීතිය අනුව අඩු වයස් තරුණියක් විවාහ කර ගැනීම වරදක් අන්න ඒ වරදට ඊට අවුරුදු පහකට හයකට පස්සේ ලස්සන පුංචි කුරුළු කූඩුවක් විනාශ වුණා.අනුෂාගේ සැමියා අවුරුදු ගාණකට හිරේ ගියා .අනුෂාට සහ ඇගේ දරුවන්ට යන එන මං නැති වුණා.

අනුෂාව නීතී ආධාර කොමිසමට යොමු කලා ඊට අමතරව ගාමන්ට් එකක අදුරන කෙනෙකුට කියලා පොඩි රස්සාවකුත් හොයා දෙන්න බැරි කමක් නැ.හැබැයි අර ලමයින්ට යන කල දසාව ගැන කියන්න බෑ.නීතිය ඇත්තටම අන්ධයි ,වෙලාවකට හිතෙනවා නීතිය තියෙන්න මිනිස්සුන්ව ආරක්ෂා කරන්න නෙමේ මිනිස්සුන්ට තවත් ගිනි ගෙඩි දෙන්න කියලා.