Posts Tagged ‘ලංකාව’
විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – දිග හැරුමක්
කොහොමද මරණින් මතු ජීවත් වෙන්න හම්බවුනොත් කොහොමද මැරිලා අවුරුදු දාහකට පස්සේ නැවතත් මේ ලෝකයට එන්න හම්බ වුනොත් මම මේ කියන්නේ පුනුරුත්පත්තිය ගැනනම් නෙමේ.මේ ජිවිතෙදිම කරන්න පුලුවන් කියන දෙයක් ගැනයි.මේ ලිපිය අපේ සත් සමුදුරේ පලවූ “විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century” ලිපිපෙලෙහි දිග හැරුමක් කියලා කියන්න පුලුවන්.දිනේෂ් දීපාල් සහෝදරයා මේ ලිපිවල සිරුරු කල්තබා ගැනිමේ එක පැතිකඩක් ගැන පමණක් කතා කරලා තිබුණා.හැබැයි මම හිතන්නේ ඒ සොයුරාට තව පොඩි විස්තර ටිකක් මග හැරුණා වගේ.
මරණයෙන් මතු ජීවිතය ගැන මුලින්ම අපිට ඉතිහාසයේ සටහන් හමුවන්නේ ඊජිප්ත්තුවේ ඊට පස්සේ විවිධ ශිෂ්ඨාචාර වල මේ ගැන සදහන් වෙලා තියෙනවා.නූතනයේ මරණයෙන් මතු ජීවත් වෙන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා.මට මේ වේලාවේ මතක් වෙන්නේ අපේ රටේ ජීවත් වුණ අද්වතීය පුද්ගලයෙක් වෙන ආතර් සී ක්ලාර්ක් මහතා එතුමා ගේ ප්‍රබන්ධ කීපයකදීම මේ ගැන සදහන් වෙනවා.එක් සටහනක් වෙන්නේ3001: The Final Odyssey හි ෆ් රැන්ක් පෝල් ( 2001: A Space Odyssey කෘතියේ හල් විසින් යානයෙන් ඉවත් කරපු ) නැවත හමුවෙලා පණ ගන්වපු ආකාරය.මට මතක හැටියට තවත් සටහනක් වන්නේ The Songs of Distant Earth හී තෙලෙස්සියන් කෙනෙක් වූ මියගිය කුමාර් නැවත පණ ගැන්වීමට පුලුවන් බව ප්‍රකාශ කිරිමයි හැබැයි ඒ සදහා සගාන්2 වෙත යාමට සිදුවෙනවා.තව දෙයක් එතුමා ශිශිරතාරක නින්ද (cryonic suspension)කියන සංකල්පය ඉදිරිපත් කරලා තියෙනවා නමුත් මේම සංකල්පය සියයට සීයක් මමීකරණය සමග නොගියාට ටිකක් සමීප සංකල්පයක්.
මේ වගේ මත විද්‍යාඥයන් ගොඩ දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා හැබැයි එකක්වත් සාර්ථක අත්හදා බැලීමක් කරලා නෑ නමුත් විද්‍යාඥයන් විශ්වාෂ කරනවා යම් ක්‍රමවේදයකට භාජනය කරන ලද සිරුරක් නැවැත පණ ගැන්වීමට අවශ්‍ය තාක්ෂණය අනාගතයේදී හොයා ගනීවී කියලා.ඉතින් ඔන්න ඔතෙන්ට තමා නූතන මමීකරණය කියන සංකල්පය එහෙම නැත්නම් Cryonics කියන සංකල්පය එන්නේ.
මේ සංකල්පය අනුව යම් ජිවී සෛලයක් (ජීවියෙක් ) අඩු උශ්ණතවයේ තබා කලක් ගත වූ පසු නැවත පණ ගැන්විය හැකිය යන්න විශ්වාෂ කරනවා නමුත් මේ පණ ගැන්වීම වර්තමානයේ පවතින තාක්ෂණය අනුව කරන්න බැ.ඒ නිසා ඒ වැඩ කොටස අනාගතයේ ඉන්න විද්‍යාඥයන්ට භාර දෙනවා.
මෙන්න මෙහෙමයි ඔය කටයුතු සිද්ධ වෙන්නේ.යම් පුද්ගලයකු (අපි හිතමු මේ පුද්ගලයා මේ සදහා අවශ්‍ය කටයුතු කලින් සම්පාදනය කරලා තියෙනවා කියලා )මිය ගියාම (නීතිමය කටයුතු කරලා ඉවර වුණාම ) අදාල තාක්ෂණවේදීන් මිය ගිය පුද්ගලයාට කෘතිම ලෙස ඔක්ෂිජන් සම්පාදනය කරලා සිරුරේ කටයුතු පවත්වාගෙන යනවා එතකොට සෛල මැරෙන එක වැලෙකෙනවා.(මොලයට ඔක්ෂිජන් නැතුව ටික වෙලාවක් ඉන්න පුලුවන් ).ඊට පස්සේ කරන්නේ සිරුර විශේෂ සෛල්යාගාරයකට ගෙන යනවා ඒ කාලය තුල සිරුර තියෙන්නේ ඉතාමත් සීතල කරපු පරිසරයක් ඔය අවස්තාවේදි රුධිරය ස්පටිකරණය වීම වැලැක්වීමටත් මොලයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමටත් බෙහෙත් දෙනවා.
සිරුර නියමිත විශේෂිත ශෛල්‍යාගාරයට ගෙන ආවට පස්සේ තමා සංරක්ෂණ ක්‍රියාවලිය ආරම්භවෙන්නේ.මුලින්ම කරන්නේ සිරුරේ තියෙන වතුර ඉවත් කරන එක ඒ කියන්නේ අපේ සිරුරේ තියෙන රුධිරය ඉවත් කරලා රුධිරය වෙනුවට වෙනත් විශේෂයෙන් පිලියෙල කරන ලද සංයෝගයක් (cryoprotectant)ඇතුලත් කරනවා.මෙයින් සිදු වන්නේ අඩු උශ්ණත්වයේදී ශෛල ස්පථකිකරනය විම වැලක්විමයි.මෙහි ප්‍රතිපලයක් ලෙස ශෛල නිද්‍රා තත්ත්වයට පත් වෙනවා.
ඊට පස්සේ කරන්නේ සිරුර පවතින උශ්ණත්වය සෙල්සියස් අංශක ඍන එකසිය තිහක් දක්වා උශ්ණත්වයකට අඩු කරන එකයි.අන්තිමට කරන්නේ සිරුර සෙල්සියස් අංශක ඍන එකසීය අනුවක පවත්වාගෙන යන ද්‍රව නයිට්රජන් ටැංකියක ගබාඩා කරන එකයි.අන්තිමට මෙවැනි ටැංකි රාශියක් ඉතාමත් ආරක්ෂිත අන්දමින් සුරක්ෂිත කරලා තියෙනවා අනාගතයේදී නැවත ගැනීමට.මෙම ක්‍රියාවලිය දවසින් දෙකෙන් කරන එකකක් නෙමේ ඒකට සුමාන ගානකුත් විශේෂඥ කාණ්ඩායමකුත් අවශ්‍ය වෙනවා.
දැන් ඔය ගොල්ලන්ට හිතෙනවා ඇති මේක හැමෝටම කරන්න බැරි දෙයක් කියලා නැ මේක ඔය ගොල්ලන්ට උණත් කරන්න පුලුවන් හැබැයි වියදම තමා සැර වැඩි.මෙම ක්‍රියාවලියට අඩුම ගානේ ඩොලර් එක් ලක්ෂ පනස් දාහක්වත් යනවා (සම්පුර්ණ සිරුර සදහා ) මොලය පමණක්නම් ඩොලර් පනස්දාහකින් කරගන්න පුලුවන්.
ඔය ගොල්ලන්ට වැඩි විස්තර අවශ්‍යනම් මේ සයිට් එකේ බලන්න
මෙන්න මම පිංතුර ටිකකුත් දානවා කරන ආම්පාන්න ගැන.යට වීඩියෝ එකත් බලන්න ඒකෙත් විස්තර තියෙනවා.
http://www.youtube.com/watch?v=MuLjw8Arm88
මේ ලිපියට මුල් වූ සත්සමුදුරේ සටහන්
විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – පලමු කොටස
විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century – දෙවන කොටස