සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

Posts Tagged ‘Back to School

ගිය සෙනසුරාදා , ජීවිතයට යමක්

with 6 comments

දවස් ගාණකට පස්සේ අද තමා බ්ලොග්ලන්තය පැත්තේ ආවේ.ඔහොම තමා ජොබක් කරන්න පටන් ගත්තාම අනිත් විනෝදාංශ ටිකක් පස්සට දන්න වෙනවා.විශේෂයෙන් අයි ටී ෆිල්ඩ් එකේ ජොබ් එකක් කරනකොට පෞද්ගලික් ජිවිතය කියන දේ තියෙනවාද කියලා මතක් වෙන්නේ සෙනසුරාදාට ඉරිදාට තමා.සමහර විට තාම ආධුනිකයෙක් හින්දාද මන්දා.ටික දවසක් යද්දි බැලන්ස් කරගන්න පුලුවන් වෙයි.ගෙදර අම්මා උයන කෑම ටිකේ අගේ තේරෙන්නේ පිටින් කන්න ගත්තාම තමා.කෝමත් ගෙදරත් සුමානෙට දවස් තුනක් පිටින් කන හින්දා එච්චර අමාරුවක් නෑ.මම ගිය ටිකට තාත්තා  ඒ නීතිය සංශෝධනය කරන්න යනවාලු දවස් හතම ගෙදර උයන්න කියලා වැඩට ගිහින් නැහිල එන අම්මා කොහොම කර ගනීවිද දන්නේ නෑ.

හෝව් හෝව් දැන්  එමු අද කතා කරන්න ආපු දෙයට.

ඔන්න ගිය සුමානේ සෙනසුරාදා උදේ පාන්දර දන්නේ නැති  නොම්බර් එකකින් කොල් එකක් එනවා උදේ අටට ව්තර මොන මගුලක්ද ඕයි නිවාඩු දවසේ නිදා ගන්නවත් නෑ, ආන්සර් නොකරත් බෑ.ඉතින් කුණු කෙල පෙර පෙර ඇද උඩ ඉදින්දිම ආන්සර් කලා කෝල් එකට මෙන්න බොලේ කෙල්ලෙක්.නිදිමත කොහේ ගියාද කියලා නෑ.ඉබේම නැගිටිලා ඇද උඩ ඉන්දිලා.

මෙන්න කෙල්ල මල්ලී කියනවා, ඉතින් කරහන්කෝ.මම ඉතින් පුවක් ගහකට නැග්ගත් දෙබලක් නේ ලබා උපන් හැටි තමා.බැලින්නම් ඉස්කෝලේ පරන ෆිට් අක්කා කෙනෙක්.ඒ ගොල්ලන්ගේ ආදී ශිෂ්‍ය කණ්ඩායම ලේ දන්දීමක් පවත්වනවාලු අද ඉස්කෝලේ එන්නලු ලේ දන්දෙන්න .මාස හයකට කලින් තමා අන්තිම වතාවට ලේ දුන්නේ එක හින්දා මේ පාර දෙන්න පුලුවන්.ඉතින් මමත් එන්නම් කියලා කිවවා මෙන්න බොලේ මේකි කියනවා “මල්ලි පැටියෝ පුලුවන්නම් යාලුවෝ ටිකකුත් අරන් එන්න කියලා ” ඔන්න හැට හතර මායම් වලින් එකක් , කෙල්ලෝ කියන ජාතියනම්……..

නිදිමත පැත්තක දාල නැගිට්ටා සරම ගිහින් වැලේ වැනුවා නැත්නම් තාත්තාගෙන් බැනුම් කෝටියයි වලල්ල වගේ දාලා යනවා කියලා (ඇත්ත දැන් පොඩි ලමයි නෙමෙයිනේ ). යන අපායකට මුලින් යන්න ඔනේ හින්දා මුණ කට හෝදලා බත් ටිකක් අඹරලා යන්න ලැස්ති වුණා හුටා දැන් යාලුවෝ කොහෙන් කියලා හොයන්නද ?

ගත්තා පොන් එක දුන්නා කොල් එක ස්කෝලේ ෆිට් එකකට

මම        : මචන් ෆිට් එක මම මේ ක්ෂිතිජ

ෆිට් එක : ඔව් බන්

මම       :අද ස්කෝලේ යමුද

ෆ්ට් එක :හරි මචන් බිග් මැච් එක නේද

මම       :නැ බන් ඒක ඊලග සුමානේ.මේ ලේ දෙන්න කියලා

ෆිට් එක: අහ් මචන් මම දා ගත්ත වැඩ වගයක් තියෙනවා අද එන්න වෙන්න නැ.අවුලක් නැ නේද ?

මම       :අවුලක් නෑ පස්සේ සෙට් වෙමු.

ගත්තා තවත් ෆිට් එකකට ඌත් එහෙමයි යකෝ මුන් නිකම් ලේ දෙන්න බය වෙන්නේ කෙල්ලෝ කැරපොත්තෝ දැකලා වගේ.ගත්තා ආයිත් කොල් එක ස්කොලේ නංගි කෙනෙකුට

මම        : නංගි මම ක්ෂිතිජ අයියා.

නංගි     : අපෝ දැනුයිනේ බෝල අයියාට අපිව මතක් වෙලා තියෙන්නේ

මම       : දන්නේ නැද්ද නංගි වැඩ.අද ස්කෝලේ ලේ දන්දෙන්න කැම්ප් එකක් තියෙනවා, එනවද ඒ පැත්තේ

නංගි     :චුට්ටක් ඉන්න මම අම්මාගෙන් අහලා කියන්නම්

මම      :හිතමින් (මේකත් දෙල්).

නංගි    :හරි අයියේ මම එන්නම්.

මම      :එල පුලුවන්නම් කැමති අය ඉන්වානම් එක්කන් එන්න එහනම් මම ගියා ටටා.!

නංගි    :හරි අයියේ මම බලන්නම්,ටටා!

ඔන්න එකත් හරි.තාත්තාට කියලා ටවුමට ඩ්‍රොප් කර ගත්තා. පයින්ම ඇද්දා ඉස්කෝලෙට.අප්පා ලේ දෙන්න ඉන්න සෙනග.මුලු මෙන් හෝල් එකෙන්ම සියෙන් එකක්වත් නෑ.කට්ටිය නිවාඩු දවසේ තාම නිදි ඇති.ගියා ඇතුලට සෙට් වුණා ලේ දෙන්න යන අය ඉන්න පෝලිමට.දුන්නා කොලයක් පුරවන්න.පිරෙව්වා රතු පොතත් තිබ්බා.මෙන්න බොලේ බර කිරනවා නර්ස් අක්කා කෙනෙක් ,මම ඔය තරාදියට නැග්ගොත් තරාදිය කැදෙයිද ? මොනවා කරන්නද, තරාදියනම් කැඩුනේ නැ, එත් නර්ස් අක්කාගෙනම් ඇස් උඩ ගියා මම හිතන්නේ ඉලක්කම් තුනේ බරක් ඔය දැක්කමයි.

ඊලගට ගියේ දොස්තර ගාවට.මෙන්න බොලේ ඉන්නවා සුදු නංගි නෝනා කෙනෙක්.ගියා විතරයි මෙන්න බොලේ ගැනි කඩුව අරන් කොටන්න පටන් ගත්තා ගහපු සැන්ට්වල සුවද දැනිලාද කොහෙද මමත් දුන්නා කඩුවෙන්ම.කඩු හරබෙ මැද්දෙන්ම මේ ගැනි කියනවා මිස්ටර් ඔයාගේ බරනම් වැඩියි අඩු කර ගන්න කියලා මොන මගුලක්ද ජිම් යන්නේ ඕකට තමා නැතුව යකඩ කිරන්නද කියලා අහන්නත් හදලා  කටෙම තියා ගත්තා නැත්නම් ලේ දීලා ඉවරනේ.

මෙන්න ඉන්නවා අයියා කාරයෙක් දුන්නා මොකක්ද කට්ටකුයි ප්ලාස්ටික් බැග් එකකුයි.වාරේ එනකම් ගිහින් වාඩි වුණා.දඩ ඩොල්පින් එකක් ඇවිත් නැවත්තුවා කියමුකෝ ,බහිනවා දඩ සෙට් එකක් අන්න බොලේ අර නංගිත් ඇවිත් ! යකෝ ! මෙකි ගමම එක්කන් ඇවිත්නේ ලේ දෙන්න.නැගිට්ටා දුවලා ගියා නංගි ගාවට දුන්නා පොඩි ටොකක් මොනවා වුණත් හොද වැඩක්නේ.ආයිත් දිව්වා පෝලිමට නැත්නම් නර්ස් නැන්දාගෙන් බැනුම් අහන්න වෙනවානේ.

තිබ්බා ඇදක් ගිහින් වාඩි වුණා.මෙන්න නර්ස් නංගි  කෙනෙක් එනවා ඇවිත් කියපි සපත්ටු ගලවන්න කියලා සපත්ටු ගලවලා වෙන මොනවත් ගලවන්න කියන එකක් නැ නේද ? ගැලෙව්වා සපත්තු දෙක ඇලවුණා ඇදේ .මෙන්න නර්ස් නංගි ඇවිත් ගැහුවා කටුව මල හත්තිලව්වයි ලේ එන්නේ නෑ.බෝසාට හිතින් බැනලා ලේ ඔක්කොම පිච්චිලාද කොහෙද ?  නර්ස් අක්කා චුට්ටන් හිනාවක් දාල ගැලෙව්වා කටුව ,ආයිත් ගැහුවා, ආයිත් ලේ නෑ. දැන්නම් හොදටම ෂුවර් ලේ ඔක්කොම පිච්චිලා කියලා.දැන් කඩි දෙන්නෙක් කැවා වගේ කඩි හතක් කැවොත් නයි විසනේ.

අප්පා පස්සෙනේ මතක් වුනේ මගේ නහර පෙන්නේ නැනේ. අලින්ට මොන නහරද ? ඔන්න එනවා ලොකු නර්ස් ඇන්ටි කෙනෙක් ඇවිත් වාඩි වුණා ඇදෙන්ම.මෙන්න  අත හොදට බලලා ගැහුවා කට්ට. අප්පා ඇති යන්තම් ලේ එනවා ,දුන්නා රබර් බෝලයක් මිරිකන්න.මෙන්න නර්ස් ඇන්ටි කියනවා “පුතා ඔයාවනම් කවදාවත් මට අමතක වෙන්නේ නැ.මම මෙහෙට ආපු හැමවෙලාවෙම ඔයාගේ අතට කට්ට ගහන්න වෙන්නේ මටනේ”.අහ් මේ නර්ස් ඇන්ටි නේද ගිය පාරත් මට කට්ට ගැහුවේ මොනවා වුණත් මම එක්කෙනෙක්ට හරි මතක තියෙනවා, ඇති යන්තම්.

විනාඩි දහයයි ලේ බැග් එක පිරුණා.ගැලෙව්වා කට්ට නර්ස් නංගිට දැම්මා පොඩ් හිනාවක් නර්ස් ඇන්ටිට යනවා කියලා කිව්වා.ගිහින් බනිස් දෙකකට වැඩේ දුන්නා.බැලින්නම් මෙන්න බොලේ ඉන්නවා ඉස්කෝලේ මල්ලිලා සෙට් එකක් මාව දැකලා දත් හැට හතම පෙන්නලා හිනාව.මුන්ට මමම කොච්චර කෙලලා ඇත්ද ?ඒ වුණාට හිනා වෙන්න තරම්වත් පුලුවන් කමක් මුන්ට තියෙනවානේ.මොනවා වුණත් හොද කොල්ලෝ සෙට් එකක්.මෙන්න සෙට් එකෙන් එකා දෙන්නා කැපෙනවා.පරණ තැබිලි ගස් කෙහෙල් කැන් මතක් වෙලාද කොහේද , මොකටද හොද වැඩවලට බාධා කරන්නේ.

ගියා පිෆෙක්ස් කාමරයට, දැන් තියෙන්නේ වෙන තැනකනේ එකෙක් ඉන්නවා පොන් එකෙන් මල් කඩ කඩා.මම ගියා විතරයි මූට ඉන්න හිටින්න අමතකයි , මම ඉස්කොලේ කාලේ හිටිය හැටි මතක් වෙලාද කොහෙද, පොඩි ටෝකක් දාල පින්සිපල් ගේ ඔෆිස් එක පැත්තෙන් ගේට්ටුව ලගට ආවා මෙන්න බොලේ ඔෆිස් එක වටෙටම මල් පෝච්චි මොනවා වුණත් කොල්ලෝ ටික පින්සිපල්ට අන්තිම ප්‍රහාරයත් එල්ල කරලා වගේ.දැන් සදුදාට ඉස්කෝලේ ආවම තමා කිවිසුම් යන්න පටන් ගන්නේ අපේ අම්මලා තාත්තලාටත් එක්කම.

මෙන්න බොලේ ඇත ඉදන් එකෙක් විසිල් කරනවා බැලින්නම් මංජු අයියා.ගියා ලගට මෙන්න බොලේ මෙකා අහනවා මල්ලි දුමක් දෙන්නද , යකෝ මුන්ට ඉස්කෝලේ අතීත මතක සටහන් අමතක කරන්න බැ වගේ.ඉස්කෝලේ ගිනි නොතියා ආවොත් ඇති.අනම් මනම් කියලා දුමෙන් බේරිලා පැය කාලක් විතර පච හලලා ඉස්කෝලෙන් එලියට ආවා.

පසු වදන

ලේ දන්දෙන්න බයෙන් ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්නේ ලේ දන් දෙන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා.ලේ දන් දෙන්න හැකියාව ලැබෙන එකත්ම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.ඒ දෙන ලේ ටිකෙන් මිනිස්සු කීයක් ජීවත් වෙනවාද කියලා හිතලා බලන්න.ඉතින් ඒ වගේ අවස්ථා මග හරින්න එපා.පොඩ්ඩක්වත් බය වෙන්න එපා.

 

Advertisements

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 19 at පෙ.ව. 9:05