සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

Archive for ජනවාරි 2011

ඉලන්දාරියා……….

leave a comment »

ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්, දුක , සැප , සතුට , වේදනාව , හුදෙකාලාව , ආදරය මේ වගේ දේවල් තේරුම් ගන්න සැහෙන්න අමාරුයි.ලංකාවේ අපි සැහෙන්න මේ වගේ දේවල් එක්ක බැදී හිටිනවා.බහුතරයක් නොවුනත් අපි සමහරුන් කවදාවත් හමු නොවුන සමහර විට හමුවෙන්නෙත් නැති කෙනෙකුගේ සැප දුක කිලෝ මීටර් සිය ගාණක් දුරින් හිටියත් බෙදා ගන්නවා.

ඉලන්දාරියා මට උඹ විදින දුක සියයට සියයක් නොවුනත් ටිකක් තේරුම් ගන්න පුලුවන්.උඹට ඉක්මන් සුවය පතනවා.

මම මට පුලුවන් උපරිමයෙන් උඹට උදව් කරන්නම්.

ඉලන්දාරියා වෙනුවෙන් ඔබත් එක් වෙන්න

 

 

 

update : Now you can help via pay pal.Follow the bellow link.

https://sites.google.com/site/handsfordilum/

IMPORTANT!: The PayPal account used to collect donations is Narada Thomas’ (aka Binku). The reason for this is PayPal don’t allow receiving payments for Sri Lankan accounts. And as Binku is a resident of Canada, he is able to collect donations using his PayPal account and he’ll transfer collected donations to Dilum Disanayaka’s bank account.

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 30 at පෙ.ව. 10:12

Posted in උදව්

Tagged with , , ,

ලැම පමණක් ලොවට පෙනෙන – ලය නොපෙනෙන තවත් එක් ලදක්

with 10 comments

රාධිකා තම නිරුවත් ලැම දෙස බැලුවාය.මදක් වත්සුණු තැවරු මුහුණත්,කොට කර කැපු කොණ්ඩයත් පිරිපුන් ලැම දෙසත් බලා සිටි රාධිකා  නාන කාමරයට වැද කය සොදා ගත්තාය.  ඇය නිල් මල් වැටුණු සුදු සාරිය වත දවටා ගත්තාය.අත් බෑගයත් දකුණතටත් ,ජංගම දුරකතනය වමටත් ගත් ඇය හොටෙල් කාමරයෙන් පිට වී ආලින්දයට පැමිණියාය.හෝටලයේ දොර විවර කරන්නාගේ සමච්චල් සහගත හිනාවක් සහිත මුහුණ තමා දෙසට යොමු වී ඇති අයුරු ඉදිරියේ ඇති කැඩපත දෙස බලා සිටි ඇයට පෙනේ.දොර විවර කරන්නාට මදහසක් පා ඇය හෝටලයෙන් එලියට පැමිණි ඇ ලේක් හවුසිය දෙසට පදික වේදිකාව දිගේ පිය නගන්නට විය.

අවට ගැවසෙන්නන්ගේ දෙනෙත් ඇය දෙසට යොමු වී ඇති ආකාරය රාධිකාට දැනෙන්ට විය.සමහරවිට ඒ ඇය ගැන දන්නා ඇය විය යුතුය එසේ නැත්නම් තවත් එක් හුදෙකලා ගැහැනියක් දෙසට නිරත්තරයෙන් යොමු වන ඇස් විය හැක.ඒ ගැන සිතීම තවත් එක් නිශ්ඵල කටයුත්තක් වන බැවින් ඇය ඒ ගැන හිත් යොමු නොකර සිටින්නට උත්සහ කරන්නට විය.ලේක් හවුසිය අසලින් ගිය 120 බස් රථයකට ගොඩ නැගුණු ඇය පසුපස ආසනයක වාඩි වී වීදුරුවෙන් පෙනෙන තමාගේ පිලිබිඹුව දෙස බැලීය.

රාධිකා තම පිලිබිබුව දෙස බැලුවේ යමෙක් සොයන්න සේය.සමහරවිට ඇය සොයන්න ඇත්තේ ඒදා රට ගිය අම්මා එවන සල්ලිවලින් කසිප්පු බී පිස්සු නටන කුඩප්පාගෙන් බේරී ගාමන්ට් රස්සාවක් සොයාගෙන පැන ආ සමන්මලී විය හැක.නමුත් අහිංසක සමන්මලීගේ මුහුණ වෙනුවට රාධිකා දුටුවේ සමාජය හමුවේ තැලි පොඩි වී ගිය තරුණියකි.

තමා මේ තත්ත්වයට පත්කලවුන් ගෙන් මුලදී පලිගැනීමට පිස්සුවෙන් ක්‍රියාකලත් පසුව රුපියල් සතවලින් මිනිසුන් මනින ඒ පෘත්ග්ජන් සමාජයේ තත්‍ය ස්භාවය බව අවබෝධ කර ගැනීමත් සමග ඔවුන් කෙරෙහි වෛරයෙන් නොව උපෙක්ෂාවෙන් බැලීමට පුරුදු වූ ආකාරය රාධිකා මෙනෙහි කලාය.කොන්දස්තරගේ කට හඩින් පියවි සිහියට එලබි ඇය  බොරලැස්ගමුවට ටිකට්ටුවක් ගෙන කවුලුවෙන් ඉවත බලා ගත්තාය.ඉබ්බන්වල හංදිය පසුකරමින් සිටින ඇයට තමාට දිනක් පිහිට වූ ජෙස්මින් අක්කා මතක් වේ මේ වන විට ඇය පොඩි එකා සමග කොහේ හෝ සිගාකමින් සිටින වා විය හැක.

ටවුන් හෝල්  එක අසලින් යන විට ඇයට සිහිපත් වුයේ ඩේසි අක්කාය .වැලේ වැල් නැතුව ඒ අසල සිටින විට කැදවාගෙන ගොස් තමාත් ඇය වැනි තවත් සුරතලියක් කල ඩේසී අක්කා ඇයට කවාදාවත් අමතක කල නොහැක.මේ ගෙන්දගම් පොලවේ අනන්තවත් ගමෙන් එන කෙල්ලන් අතරමං වනු ඇය දැක ඇත.ඒ අතින් තමා වසනාවන්තබව රාධිකා විශ්වාෂ කලාය.අනේක දුක් විදින තරුණියන්ට වඩා හොදින් ඇද පැලද කා බී සිටින තමාට මිනිසුන් මොනවා කීවත් හොද ජීවිතයක් ඇති බව ඇය දනී.කැම්පස් එක අසල පිරිමි ලමයකුට තුරුලු වී සිටින කෙල්ලක රාධීකාට පෙනේ ඇගේ පෙනුම වාසානාගේ වගේය.සමහර විට ඇය වාසනා විය හැක.ගමේ ඇ සමග එකට පාසල් ගිය වාසනා  ඇගේ හොදම මිතුරිය වූ වාය.සමහර විට  තමාත් දිගටම ඉස්කෝලේ ගියේ නම් කැම්පස් යන බව රාධිකාට නිසැකය.

නොදැනීම ඇසට නැගු කදුල පිස දැමූ රාධිකා වට පිට බැලුවාය.රත්තනපිටිය අසල වාහන තද බදය ඇයට  පූරුදුය.සැම ඉරිදාවකම ඇය මේ ගමන එයි.පිල්ලැව බෝධිය අසලින් බසයෙන් බැසූ ඇය සුදු නෙලුම් මල් වට්ටියක් මිලදී ගත්තාය.සැමදාමත් ඇය මල් මිලදී ගන්නේ ඇලිස් අක්කාගේ කඩයෙන් ය.ඇලිස් අක්කා හොදම මල්වලින් වට්ටියක් සකසා සෑම ඉරිදාවකම තමා එනතෙක් බලා සිටින බව ඇය දනී.

මල්වට්ටියත් ගෙන නිල්වන් වෙල්යාය මැදින් ඇය පිල්ලැව බෝධිය දෙසට පියමැන්නේ අමරසිරි පීරිස් මහතාගේ “ලදුනේ ” සිංදුව මුමුනමිනි.

ළදුනේ – ළදුනේ
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ – ළදුනේ
දෙනෝ දහල් අත ගත්තද – සැමියකු නැති ළදුනේ
නැයෙක් නැකම් නොකියන – විදි සරණ ලදුනේ
තෙල් මල් ගෙන – දොත පුරා මුණි කුටියට – පියමං වන
ඔබේ දැස දැක ගත්තෙමි සැදැ කලක ළදුනේ – ළදුනේ

බුදූන් දැක නිවන් දකිමැයි දෙව් රම යන පාර අහන
ඔබද පටාචාරවකි – ඔබද කිසා ගොතිමියකි
පිරිමින්ගේ පාප කදට – දෝස විදින ළදුනේ
අදුරේ පව් කරන දනා – එළිය රවන ළදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන – ලය නොපෙනෙන ළදුනේ
කුහුබුවකුටවත් වරදක් නැති – වැරදි කාර ළදුනේ

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 19 at පෙ.ව. 9:35

ඊලගට බලාපොරොත්තු වන්න – ලැම පමණක් ලොවට පෙනෙන – ලය නොපෙනෙන තවත් එක් ලදක්

with one comment

රාධිකා තම වත දෙස බැලුවාය.මදක් වත්සුණු තැවරු මුහුණත්,කොට කර කැපු කොණ්ඩයත් පිරිපුන් ලැම දෙසත් බලා සිටි රාධිකා  නාන කාමරයට වැද කය සොදා ගත්තාය.ඉක්බිතව ඇය නිල් මල් වැටුණු සුදු සාරිය වත දවටා ගත්තාය.අත් බෑගය දකුණතටත් ජංගම දුරකතනය වමටත් ගත් ඇය හොටෙල් කාමරයෙන් පිට වී ආලින්දයට පැමිණියාය.

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 8 at ප.ව. 2:30

කාම සුත්‍ර පන්සල || The Temple of Kama Suthra

with 11 comments

හෝව් හෝව් පොඩ්ඩක් නතර වෙන්න.කරුණාකරලා සමහර වචන පිංතුර දැකලා උණ ගැනෙන අයනම් මේක කියවන්න එපා.අන්තිමට මම ඔන්න කිව්වේ නැ කියලා කියන්න එපා ඕන්.දැන් ලමයි අත උස්සන්න කවුද ” කාම සුත්‍රය ” බලලා තියෙන්නේ කියලා. හා හා ගැණු ලමයි ඊයා කියන්නේ නැතුව අත උස්සන්න. හරි ඔන්න එහෙනම් දුවල දුවලා ගිහින් අම්මට කියලා එන්න.හා හා පොඩි විහිලුවක් කලේ.ඔය උත්සන් ඉන්න අත පහලට දැන්මනම්.

කාම සුත්‍රය කියන්නේ ඉසසර වත්සයාන(Vātsyāyana) – ()කියලා ඉන්දීයනු පඩිවරයෙක් රචනා කරපු ග්‍රන්තයක්.මේ පොතේ කොටසක අඩංගු වන්නේ ඒ කාලේ හැටියට යහපත් බිරිදකට කොහොමද තම ජීවිතය ගෙන යන්නේ සහ කොහොමද ලිංගික කාර්ය්‍ය කරන හැටි.මම ඉතින් ඔය ගැන වැඩිය කියන්න යන්නේ නැ.දන්න කට්ටිය ඉතින් දන්නවානේ. ඉතින් ඔය පොත ලියලා තියෙන්නේ දෙවන ශත වර්ෂයේ.ඉතින් අද මම කියන්න යන්නේ ඔය පොත ගැනනම් නෙමේ.

ඔය ගොල්ලන්ට මතක ඇති නේද “Kama Sutra: A Tale of Love” කියන චිත්‍ර පටිය.බලලා නැත්නම් අදම බලන්න.ඔය චිත්‍ර පටියේ පසුබිම වශයෙන් යොදාගෙන ඇති ස්ථානය ගැන තමා මම කියන්න යන්නේ.ඉන්දියාව කොච්චර අන්තගාමින් ඉන්න රටක් කිව්වත්  ලිංගික ඉරියව් සහිත නිර්මාණ හුගක් තැන්වල තියෙනවා ඔරිස්සා ප්‍රන්තයේ මුක්ටේශ්වර් පන්සල (Mukteswar Temple)-(),මධය ප්‍රදේශයේ කාජරහෝ (Khajuraho)- ()පන්සල් පද්ධතිය හොද උදාහරණ කිපයක් .මේ පන්සල්වලට මූලික වශයෙන් බලපාලා තියෙන්නේ ජෛන ආගමේ බලපැම් ඊට අමතරව වැඩි වශයෙන් හින්දු ආගමේත් අඩු වශයෙන් බෞද්ධ බලපැමත් ලැබිලා තියෙනවා.

කාජරහෝ (Khajuraho)- ()පන්සල් පද්ධතිය ඉතා විශාල ප්‍රදේශයක පැතිරී ගිය එකක්.මෙහි ආරම්භය නව වෙනි සියවස දක්වා දිව යන එකක් . මුලින්ම ඉන්දියාව ආක්‍රමණය කල ජාතින්ගේන් ආරම්භ වූ මෙය, පසු කලෙක එකලොස්වන සියවසයේදී නිර්මාණකරනයේ උච්ච තත්වයට පත්වෙලා අවසන් වෙලා තියෙනවා.මේ නිර්මාණ කරලා තියෙන්නේ වැලි ගලෙන් .මේවා වර්ග කිලෝමීටර් විස්සක විතර භුමි ප්‍රමාණයක විහිදිලා තියෙනවා.මුලදී මෙහි පන්සල් අසූවක් තිබ්බත් දැනට ඉන් විස්සක් පමණක් හොද තත්ත්වයේ තියෙන බව වාර්තා වෙනවා.

මේ ස්ථානයේ විශේෂත්වය මම කිව්වානේ , ඒ කියන්නේ මේ පන්සල්වල නිර්මාණය කරලා තියෙන විවිධ ලිංගික ඉරියව් සහිත මුර්තී.පල්ලෙහා තියෙන පිංතුරවලින් ඔය ගොල්ලන්ට ඒ බව හොදට පෙනෙවී.

ඉතින් ඔය ගොල්ලන්ට පුලුවන්නම් වෙලාවක ගිහින් බලන්න.හොද අත්දැකීමක් වේවි.කවුරු හරි මේක බලන්න ඉන්නවානම් ගමනට තවත් මිතුරෙකු එකතු කරගන්න කැමතිනම් මටත් කියන්න. එහෙනම් අදට ඉවරයි.මේක බලලා පොඩි සටහනකිත් දාල යන්න මම දිගටම ලියන්නද එපාද කියලා.

Read the rest of this entry »

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 5 at පෙ.ව. 10:52

තවත් එක් අසම්මතයේ කතාවක්

with 4 comments

 මදක් ඇස් විවර කල කාංචන පසෙකින් නිදන සුමි දෙස බැලීය.නිදන සුමිගේ වතේ සටහන් වු මදහස දුටු කාංචනගේ මුවගට මදහසක් එක් විය.ඒ සුමීගේ හැටිය කලයුතු කාරණා අවසන් වූ විට සුමි මහන්සියට මෙන් මද වෙලාවක් නිදාගනි.සුමිගේ දග අඩු වන්නේ මෙවැනි විටය.අනෙක් වේලාවට කුමක් හෝ විහුලුවක් කර හිනා වෙන්නේ පොඩි එකකු සේය.සුමිගේ බදවටා තිබූ දෑත සෙමින් ඉවතට ගත් කාංචන සිගරෙට්ටුවක් දල්වා ගත්තේය.අඩක් හිස් වූ වයින් බෝතලය පසෙකින් පෙනේ.දුම්වැටියෙන් නිකුත් වෙන දුම් රොදවල් වලකුළු සේ පාවි යයි ඒ දෙස බලමින් දැහැන් ගතවූ කාංචනට මතක සටහන් එකින් එක දුම් අතරින් බොද වී පෙනෙන්නට විය.

අදට ඔවුන්ගේ අසම්මත පෙමට හරියටම අවුරුද්දකි.කාංචනට තමා සදා සමග අනිතන ගත් ඒ දවස සිහිපත් විය.අම්මාගේ කන්කෙදිරියෙන් සහ නංගිගේ කර්ශක වචන අසන්නට බැරිව සදාට අකමැත්තෙන් වුවත් හාකියපු හැටි ඔහු ඉදිරියේ මැවි මැවී පෙනෙයි.විවාහ දිනයේ මිතුරන් වටවී සදාගේ ලස්සන ගැන කතා කල හැටිත් ඊර්ෂියාවෙන් සිටි හැටිත් මතක් වෙන විට කාංචනගේ මුවගේ මදහසක් මතුවී මැකී යන්නට විය.

විවාහයේ පලමු දින කිහිපය සැමට පෙනෙන් සේ රග පැවත් පසුව පසුව සදා ගැන ඇල්මක් ඇති වූ ආකාරයත් ඊටත් පසුව චූටි දුව හම්බ වූ ආකාරය සිත්තම් රාමු පෙලක් සේ ඔහුගේ මනස තුල දිග ඇරෙන්නට විය. තමාගේ ඇතුලාන්තයෙන් තමා හැඩු ආකාරය ,කිසිවකුටවත් තම හැගිම් කීමට නොහැකිව දුක් වූ ආකාරය , සදා සහ දුව නිසා තමා දෙලොවක් අතර තනි වූ අකාරය කෙමෙන් කෙමෙන් සිහිපත් විය.ගෙල වටා යන දැතක ස්පර්ෂය දැනි කාන්චන පියවි සිහියට එලබිනි.”මොකද සුදුඒ සුමීගේ කටහඩය.

නෑ පැටියෝ මම මේ පොඩ්ඩක් කල්පනා කලාකාංචන කීය.

අහ් මොනවද මම ගැනද ? ඉන්න මම තේ එකක් හදා ගෙන එන්න.”යයි කියමින් සුමී නැගිට කුස්සියට යන දෙස කාංචන බලා සිටියේය..සුමි , සුමිත් සදා සමග එකට වැඩ කරන්නෙකි වෘත්තිය සබද කමට වඩා සුමිත් සදාගේ හොදම මිත්‍රයෙකි කොටින්ම සහෝදරයෙක් වැනිය..කංචනගේ පවුල අතර සහ සුමිත් අතර පිහිටි සබැදියාව කොතෙක්ද යත් සුමිත් හා සතියකට වරක් කොහේ හෝ ගොස් විනෝද වීම සාමන්‍ය දෙයක් විය.ඒ දෛවොපගත දිනය කාංචනට අද මෙන් මතකය.

එදාත් ඔවුන් තිදෙනාම නිවසට වී විනෝද වුයේ සදා විසින් ගෙන ආ වොඩ්කා බෝතයක් රස විදිමිනි.හදිස්සියේ සදාට නිවසින් පිට වී යාමට සිදුවුයේ කාර්යාලයේ කැදවීමක් නිසාය වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් වූ සදාට මෙවැනි කැදවුම් සාමන්‍ය දෙයකි.සදා පිටව යාමෙන් අනතුරුව සුමිත් සමග තනි වූ ඒ හෝරා කීපය කාංචනගේ ජිවිතය නව මගකට යොමු කිරීමට සමත් විය.කඩවසම් සුමිත්ගේ ආකර්ශනීය ඇසුත් තමාගේ ඇසුත් එකිනෙක හමුවු ඒ සුන්දර මොහොත ,සියලුම සීමා මායිම් බිද දමා ඒ දෙතොලට තම දෙතොල ලංකල මොහොතේ මෙතෙක් කල් ජිවිතය පුරා සහවා සිටි ඒ හැගුම් සියල්ල එක් නිමේෂයෙන් එලියට විසි වුණ අකාරය,.හෘද ස්පන්දනය මොහොතකට නතර වී මුලු ලොවම නිසොල්මන් වූ ඒ සුන්දර මොහෙතේදී , මින් පෙර කිසිවෙකු නිසා ඇති නොවූ ලෙස හදවතෙන් පටන් ගෙන ඇගපුරා විසිරි ගිය ඒ හැගිම කාංචන මින් පෙර අත්දැක නොතිබුනි.

ඉන්පසු සදා පිට යන සැම සති අන්තයක්ම සුමි සහ කාංචන ගෙවන්නේ එකටය.සදා කෙරෙහි තිබු හැගිම් අඩු නොවුවත් සුමිත් කෙරෙහිත් හිතේ කොනක ලැදියාවක් ඇති බව කාංචනට නොතෙරුණා නොවේ.නිදි යහනේදි සදා සමග ගතකලත් සුමි නැති කාන්සිය විටින් විට හ කාංචනට හැගේ.කාංචනගේ සිත ව්‍යාකූල කරන්නේ සදා හා සූමි පමණක් නොවේ.අසම්මත ආදරයක් වන තමාගේ සහ සුමිගේ සම්බන්ධය ලෝකයා දැන ගත හොත් , සාර්ථක සමාගම් රැසක හිමිකම් දරන තමා නිසා යැපෙන්නන් , සදා , සුමී , චුටි දුව ලෝකයට මුහුණ දෙන්නේ කෙසේද ? කුරිරු ලෝකය ඔහුව තේරුම් ගනීද , සදා තේරුම් ගනිද , චූටි දුව තමන්ගේ තාත්තා ගැන මොනවා හිතාවිද ?

ඇත්තෙන්ම ජීවිතය හින්දි චිත්‍ර පටියක් වාගේ ගෙවි යනවානම් ? සුබ අවසානයක් සහිතව අවසන් වෙනවා නම් .නමුත් සත්‍ය ජීවිතයෙදි එසේ නොවන බව කාංචන දනී.අඩුම ගාණනේ අන්‍යන්ගේ අදහස්වලට ගරු කරන එක තබා තේරුම් ගැනීමටවත් උත්සහ නොදරන මිනිසුන් සිටින සමාජයක එය තවත් එක් හීනයක් පමණකි.

තේ සදාගෙන කාමරයට පැමිණි සුමිගේ ගෙලේ එල්ලුණු කාංචන සියල්ල මදකට අමතක කර දැමුවේ සුමීගේ පහස හමුවේ ඒ සියලු දේවල් එතරම් ගණන් ගත නොහැක්කක් සේය.

සත්‍ය කතාවක් පාදක කොට රචනා කරන ලද්දකි

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 4 at ප.ව. 4:57

ඊලගට බලාපොරොත්තු වන්න – තවත් එක් අසම්මතයේ කතාවක්

with 2 comments

මදක් ඇස් විවර කල කාංචන පසෙකින් නිදන සුමි දෙස බැලීය.නිදන සුමිගේ වතේ සටහන් වු මදහස දුටු කාංචනගේ  මුවගට ද මදහසක් එක් විය.ඒ සුමීගේ හැටිය කලයුතු කාරණා අවසන් වූ විට සුමි මහන්සියට මෙන් මද වෙලාවක් නිදාගනි.සුමිගේ දග අඩු වන්නේ මෙවැනි විටය.අනෙක් වේලාවට කුමක් හෝ විහුලුවක් කර හිනා වෙන්නේ පොඩි එකකු සේය.සුමිගේ බදවටා තිබූ දෑත සෙමින් ඉවතට ගත් කාංචන සිගරෙට්ටුවක් දල්වා ගත්තේය………………………………………………………………………………..

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 4 at පෙ.ව. 12:40

මම දැන් ලාංකීය සිතුවිලි සින්ඩියේ

with 2 comments

මාගේ මේ බ්ලොග් අඩවිය ලංකීය සිතුවිලි බ්ලොග් කියවනයට ඇතුලු කරගෙන.ඉතාමත් කෙටි කාලයක් තුල තමා මාව ඇතුලත් කර ගත්තේ.
බොහොම ස්තුතියි.

lankeeya sithuwili

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 2 at පෙ.ව. 12:42

ක්ෂිතිජ ඉමෙන් එහා සිහින දනව්වට

leave a comment »

විශ්වය කියන්නේ අපුරු දෙයක් ඊටත් වඩා එහා ගිය අපූරු දෙයක් තමා මනුෂයා කියන්නේ.ඉතින් විශ්ව ගවේෂනය වගේම අපි ගැනත් ගවේෂනය කලයුතුයි නේද ? ඉතින් ඒ නොඉදුල් ලෝකයට එන්න පිය නගන්න මා සමග

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 ජනවාරි 1 at පෙ.ව. 6:51