සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

බස් විත්ති

with 9 comments

ක්ෂිතිජ උදේ හවා යන බස් එකේ ක්ෂිතිජට මීටර් වෙච්ච සිද්ධි කීපයක් තියෙනවා.මොකෝ එකම වෙලාවට එකම බස් එකේ යන හින්දා නගින් බහින සෙට් එක බොහොම වෙලාවට එකම අය.

ක්ෂිතිජ ඒ කට්ටියට එක එක නම් දාල තියෙනවා හදුන ගන්න.මුලින්ම නගින්නේ චූටි අක්කා.චූටි අක්කා චූටි අක්කා ලස්සන සුදු අක්කා කෙනෙක් අදින්නේ සාරිය.හැබැයි ඉතින් ඒ ආර්‍ර‍ය සින්ගල විදියටනම් නෙමේ.අර නෙරියද මොකක්ද එක තියෙන්නේ අක්කාගේ නාභිය කියන එකටත් වියතක් දෙකක් විතර යටින්(දැන් අහන්නේ එපා මම අත තියලද දුර මැන්නේ කියලා ).

චුටි අක්කා අර සිංසල සාහිතයේ කියනවා වගේ සුකුමාල රුවැතියක් අනේ ඉතින් මොනවා කියඳ අර මොඩර්න් සාරිය ඇදන් ආවාට මොකද ආපු ගමන් කරන්නේ බැග් එක හරස් කරගෙන දර්ශන පටය අවහිර කරන එක .කවුරු හරි බස් එකේ චූටි  අක්කා දිහා බලන් ඉන්නවානම් ඉතින් බලන රැවිල්ල තමා බලන්න වටින්නේ !

Sri Lanka bus crowed

Crowed in a Sri Lankan Bus

චූටි අක්කා මම හිතන්නේ අදුම් අදින්නේ තමන්ටම පෙන්වන්න විතරයි.ලගදිම සල්ලි එකතු කරලා බුර්කාවක්  අරන් දෙන්න ඔනේ.එතකොටවත් අඩුම ගානේ ඔරවන එකවත් නවත්වන්නේ නැතැයි

ඊලගට නගීන්නේ මල් කුමාර, මල් කුමාර බස් එක නගින වෙලාවේ ඉදන් බහින වෙලාවේ දක්වා පැය බාගයක් විතර පෝන් එක කනේ ගගගෙන මල් කඩන එක තමා කරන්නේ කොටින්නම ටිකට් ගන්නවත් සල්ලි දෙන්නවත් මල් කඩන එක නවත්වන්නේ නෑ.මම් හිතන්නේ පොරට කන් බෙරයක් නැ.

ඊලගට නකින්නේ කැකිරි අයියලා ඒ ගොල්ලෝ ලගදි තමයි බස් එකට සෙට් වුනේ, දෙන්නාම බස් එකට නගින්නේ ඔෆිස් යන්න වගේ දෙන්නාගේ වැඩේ තමා නැග්ග ගමන් කැකිරි පලන එක හරියට කෙල්ලෝ දෙන්නෙක් වගේ මම ජිවිතයේ පලමු වතාවට තමයි දැක්කේ කොල්ලෝ දෙන්නෙක් මේ වගේ හැසිරෙනවා ඒ මදිවට මේ ජෝඩුව බස් එකේ යන්නේ අත් අල්ලාගෙන හිටිය ගමන් අමුතු අමුතු බැල්මවලුත් දානවා.සමහරවිට මේ දෙන්නාගේ කතාවත් අසම්මත කතාවක් වෙන්න ඇති.බලමු ටික දවසකින් දැන ගන්න හම්බ වෙයි.

ඊලගට නගිනවා ආබාධිත රණ විරුවෝ කට්ටියක් පහලොවක් විතර මේ ගොල්ලෝ එන්නේ සිකුරාදාට විතරයි.ආපු ගමන් කොන්දොස්තර අයියා කෑගහනවා සීට් දෙන්න සීට් දෙන්න කියලා. පොල් පටවපු බස් එකේ මොන සීට් ද.කොහොම් කොහොම හරි කට්ටියට සීට් හම්බ වෙනවා .මේ ගොල්ලෝ අහිංසක විදියට හිනා වෙලා සීට් එකේ වාඩි වෙනවා සම්හර වෙලාවට හිතෙනවා ඇති මුන්ටද අපි රට බෙරා ගන්න ගිහින් අතපය අහිමි කර ගත්තේ කියලා.නැගිටන මිනිස්සු කිසිම කෙනෙක් කැමැත්තෙන් නැගිටනවා කියලා හිතන්න බැ මොකෝ මොන මිනිහාද කැමති පොල් පටවපු බස් එකක නැගිටගෙන පොඩි වෙලා දාධිය පෙරාගේන ඔෆීස් යන්න.හමුදාවේ අයියලාට පුලුවන්නම් ඔක්කොම එකපාරට නගින්නේ නැතුව පස් දෙනා පස් දෙනා බස් තුනකවත් එන්න. ඒක ඒ ගොල්ලන්ට වගේම අපිටත් හුගක් පහසුවක් වේවි.එහෙම නැත්නම් වෙන්නේ හැමදාම දෙගොල්ලන්ට දුක් වෙන්න ශිද්ද වීමයි.

පොස්ට් එක ටිකක් දිගට යන බවයි පෙන්නේ ඒ හින්දා කට්ටි කරා ඊලග කොටස ඉක්මනට දාන්නම්

9 Responses

Subscribe to comments with RSS.

  1. කොහෙන් කැරකුනත් එකම තැන තමයි ඔයා කැරකෙන්නේ……….

    වහෙන් ඔරෝ නැතුව කෙලිනම් මාතෘකාව කතා කරන්ඩ …. එතකොට අපිත් එන්නම් සපෝට් එකට

    kawda

    2011 මාර්තු 27 at ප.ව. 2:16

  2. තෝ අර කොල්ලන්ගෙන් එක්කෙනෙක් නේද ? තොට ලියන්න දෙයක් නැත්නම් කටවහන් හිටු.තොට කෝමත් ලියන්න බැනේ බලපන් තියෙන කොමෙන්ට් ටික එකෙක්වත් කොමෙන්ට් දාන්නේ නැනේ.හු හු හූඌඌඋ

    Who

    2011 මාර්තු 27 at ප.ව. 3:52

  3. අනේ බන් සොරි මං කොහොමත් කලින් එන්න හිටියේ කොහෙද අද යාලුවෝ එක්ක පොඩි ගමනක් ගියානේ බං.අඩේ මේ මේ පො***යෝ කියන එව්වා ගණන් ගන්න එපා බං.මුන් නමක් වත් නොදැනේ කමෙමෙන්ට් කරන්නේ බං රියල් පො***යෝ.උබ දිගටම ලියහන් අපි එනවා කියවන්න.බ්ලොග් එකේ ලින්ක් එකකුත් දාල දින්නේ උබේ බ්ලොග් එක.මෙලෝ රහක් නැත්නම් එහෙම දානවද බං.ජය වේවා……….!!

  4. බොලේ….පෝස්ට් එක දිග නෑ නේ..අපරාදේ….විනාඩියෙන් කියවලා ඉවරයි…කමක් නෑ ඉතින් ඉකමනට දාපියව්..ඉකේයියා…

    රත්ගමයා

    2011 මාර්තු 27 at ප.ව. 7:14

  5. ක්ෂිතිජ, ප්‍රායෝගිකවීමට එරෙහිව බාධක පැනනඟීවි. ඒත් උඹ උඹට අවංකනම් බයවෙන්න සැලෙන්න දෙයක් නෑ. මිනිස්සු උඹත් එක්ක ඉඳී. මාත් එහෙමයි. උඹට ජය !.

    නවම්

    2011 මාර්තු 28 at පෙ.ව. 10:40

  6. රත්ගමයා,නවම්,අපරාජිතයා,බොහොම ස්තුතියි මාව කොමෙන්ට් වලින් දිරිමත් කලාට

  7. […] කලින් සටහන් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න.මේ ඒ සටහනට එක් කරන […]

  8. […] කලින් සටහන් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න.මේ ඒ සටහනට එක් කරන […]


ක්ෂිතිජ විජේමාන්න | විත්ති වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න